Skip to content

පටුනට යන්න

“මේ වතාවේදී එය මටම ලියපු එකක් වගේ දැනුණා”

“මේ වතාවේදී එය මටම ලියපු එකක් වගේ දැනුණා”

“මේ වතාවේදී එය මටම ලියපු එකක් වගේ දැනුණා”

ආදරය කරන කෙනෙකු මිය ගිය විට දැනෙන සෝතැවුල් නිවාගැනීමේ අභියෝගය පිළිබඳව සාකච්ඡා කෙරෙන විවරණිකාවක් 1994දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. එවක් පටන් එයින් බොහෝ අයට සහනයක් ලැබෙමින් තිබේ.

මෑතකදී අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ වෙසෙන පාඨකයෙකුගෙන් අගය ප්‍රකාශ කරන ලිපියක් ලැබුණි. ඇය මෙසේ ලියා තිබුණාය. “මම මුලින්ම මේ විවරණිකාව ලබාගත්තාම, ‘ඒක හොඳ ප්‍රකාශනයක්’ කියලා මට හිතුණා. නමුත් එය කොයිතරම් අගේ ඇති ප්‍රකාශනයක්ද කියලා හිතුණේ මගේ දුව මීට සති දෙකකට පෙර මිය ගියායින් පසුවයි. මගේ දුක නිවාගන්න බැරිව පිළිසරණක් සොයනකොට මම එම විවරණිකාව කියවන්න පටන්ගත්තා. මේ වතාවේදී එය මටම ලියපු එකක් වගේ දැනුණා. මට වේදනා ගෙන දුන් හැම දෙයක්ම වගේ එහි විස්තර කර තිබුණා. එයින් මට ඇත්තටම සහනයක් ලැබුණා.”

මගේ ශෝකය සමඟ ජීවත් විය හැකිද? අනුන්ට කෙසේ උපකාර කළ හැකිද? මළවුන්ට සැබෑ බලාපොරොත්තුවක් තිබේද? යන ප්‍රශ්න ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . . යන විවරණිකාවෙහි සාකච්ඡාවට බඳුන් කර ඇත.

මෙම පිටු 32කින් යුත් විවරණිකාව කියවීමෙන් සමහරවිට ඔබ හෝ ඔබ දන්න කෙනෙකු හෝ සහනයක් ලබාවි. මේ සමඟ තිබෙන කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් සුදුසු ලිපිනයකට ලිවීමෙන් ඔබටත් එහි පිටපතක් ලබාගත හැකියි.

□ ඔබ ප්‍රේම කරන යමෙක් මියගිය විට . . . යන විවරණිකාවේ පිටපතක් මට එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.