Skip to content

පටුනට යන්න

බඩ නිසා දිවි රැකේ

බඩ නිසා දිවි රැකේ

බඩ නිසා දිවි රැකේ

ඌ හයියෙන් ගමන් නොකරයි. බොහෝදෙනෙකුට නම් ඌ ඇත්තෙන්ම ලස්සන නැත. නමුත් උගේ බඩ! අපි මේ කතා කරන්නේ මොන සතා ගැනද? කණ්ටක සහිත වූ පේත්තයා නොහොත් කටු පේත්තයා ගැනයි. උගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වූ විට “ඌ පෙනුම පුදුමාකාර ලෙස වෙනස් කරගනියි” කියා ස්වාභාවික ඉතිහාසය (සිංහලෙන් නොමැත) යන පොතේ සඳහන් වේ. උගේ ශරීරය සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 50ක් පමණ දිග වන අතර පිම්බීමේදී “ශරීරය සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් ලොකු වී දැඩි වන අතර කටුවලින් පිරුණු ගෝලාකාර හැඩයට බෙහෙවින් සමාන හැඩයක් ගන්නේ උගේ ආරක්ෂාව සඳහායි. මෙය පිහිනීමට හොඳ හැඩයක් නොවුණත් සතුරාව අධෛර්යයට පත් කිරීමට නිසැකවම මෙම හැඩය දායක වේ.”

මේ මාළුවා විශාල වන්නේ බඩට වතුර පුරවාගැනීමෙනි. මෙමගින් උගේ බඩ සාමාන්‍ය ප්‍රමාණය වගේ සිය ගුණයකින් විශාල වේ. ඌ මෙම මවිතාකාර හැඩය ලබාගැනීමට සරල උපක්‍රමයක් ලෙස රැලි භාවිත කරයි.

පේත්තයාගේ බඩේ රැලි අතර තවත් රැලි පිහිටා තිබෙන බව ස්වාභාවික ඉතිහාසය නම් පොතේ විස්තර කෙරේ. ලොකු රැල්ලක් මිලිමීටර් තුනක් පමණ පළලය. “මේ හැම රැල්ලක් ඇතුළතම ක්‍රමාණුකූලව ඊට වඩා ටිකෙන් ටික ප්‍රමාණයෙන් අඩු වේගන යන රැලි පිහිටා ඇති අතර චූටිම රැලි දැකගත හැකි වන්නේ අන්වීක්ෂයක් තුළින් පමණයි” යැයි මේ ලිපියේ සඳහන් වේ.

බඩ විශාල වෙනවාත් සමඟම අනිවාර්යයෙන්ම පේත්තයාගේ හමත් ප්‍රසාරණය විය යුතුයි. පේත්තයා විශාල වීමේදී උගේ ශරීරයේ තට්ටු දෙකකින් සමන්විත හම දෙයාකාරයකට ප්‍රසාරණය වේ. බඩේ ඇති හමට සමානව ඊට යටින් ඇති තට්ටුවේ හම රැලි සහිත වන අතර පිටත හම ඇදෙනසුලුයි. පිටත හමේ ඇදෙනසුලු ස්වභාවයක් තිබෙන නිසා පේත්තයා පිම්බී නැවත හැකිලුණු විට හම රැලි ගැසී තිබෙන්නේ නැති නිසා කිසිම අපහසුතාවකින් තොරව පෙර පරිදි පිහිනිය හැකියි.

සතුරු ආක්‍රමණයෙන් බේරීම සඳහා පේත්තයා ශරීරය පිම්බීමට වඩා වැඩි යමක් කරයි. උගේ හම ප්‍රසාරණය වන නිසා ආරක්ෂාව සඳහා ශරීරයේ පිහිටා ඇති කණ්ටක නොහොත් කටු කෙළින් අතට විහිදෙයි. ඒ නිසා ඔබ මුහුදේ පිහිනීමේදී (Snorkeling) පේත්තයෙක් දැක්කොත් අල්ලන්න එපා! ඌට අපේ ඇටකටුත් ඇල්ලෙන තරමටම හපන්න පුළුවන් නිසා උගේ කටෙනුත් පරෙස්සම් වන්න!

දෙවි ඔහුගේ මැවිලි ගැන යෝබ්ගෙන් ඇසූ විට යෝබ් පිළිතුරු දුන්නේ “ඔබට සියල්ලම පුළුවන් බවත් ඔබගේ කිසි අදහසක් වළක්වන්ට බැරි බවත් දනිමි” කියායි. (යෝබ් 42:2) බෝලයක් වන් මේ කටු පේත්තයා ධාවන තරඟයකින් හෝ රූප සුන්දරී තරඟයකින් හෝ දිනුවේ නැති වුණත් දෙවිගේ මහත් වූ ප්‍රඥාවේ හා මැවීමේ බලය ගැන කදිම සාක්ෂියක් වේ.—රෝම1:20.

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ඉහළ: ඡායාරූපය John E. Randall; පහළ: © Jeff Rotman