Skip to content

පටුනට යන්න

දියවැඩියා රෝගීන්ට බයිබලයෙන් උපකාර ලැබිය හැකි අන්දම

දියවැඩියා රෝගීන්ට බයිබලයෙන් උපකාර ලැබිය හැකි අන්දම

දියවැඩියා රෝගීන්ට බයිබලයෙන් උපකාර ලැබිය හැකි අන්දම

හිතකර සෞඛ්‍යය තත්වයක් පවත්වාගැනීමට හා සන්තෝෂවත් ජීවිතයක් ගත කිරීමට නම් දියවැඩියා රෝගීන් විශේෂයෙන්ම ආත්ම දමනය හා ශුභවාදී ආකල්පයක් පවත්වාගත යුතුයි. එහෙත් එම ගතිලක්ෂණ වර්ධනය කරගැනීම සඳහා රෝගියාට නිතරම අන්‍යයන්ගේ සහයෝගය අවශ්‍යයි. එමනිසා, පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් ‘එක පාරක් කෑවට මොකුත් වෙන්නේ නෑ’ වැනි දේවල් පවසමින් දියවැඩියා රෝගියාව අහිතකර යමක් කෑම සඳහා නොපෙලඹවිය යුතුයි. හෘදයාබාධයකින් හා දෙවෙනි වර්ගයේ දියවැඩියාවෙන් පීඩා විඳින හැරී පවසන්නේ මෙහෙමයි. “මගේ බිරිඳ මට දක්වන සහයෝගය මං ගොඩක් අගය කරනවා. මට කන්න හොඳ නැති කෑම වර්ග එයා මට පේන්න තියන්නේ නැහැ. හැබැයි මට කන්න හොඳ නැති කෑම වර්ග පේන්න තියෙද්දී මට කොච්චර අමාරුයිද කියලා තේරුම් නොගන්න අයත් ඉන්නවා.”

ඔබ නිතරම දියවැඩියා රෝගියෙකු සමඟ ඇසුරු කරනවා නම් මෙම අගනා බයිබල් ප්‍රතිපත්ති දෙක මතක තබාගන්න. ‘එකිනෙකා තම තමාගේම ප්‍රයෝජනය නොව, අනෙක් තැනැත්තාගේ ප්‍රයෝජනය සොයන්න.’ ‘ප්‍රේමය තමාගේම කාරණා සොයන්නේ නැත.’—1 කොරින්ති 10:24; 13:4, 5; NW.

දියවැඩියාවෙන් පෙළුණත් නැතත්, සෞඛ්‍යය රැකගැනීමට අවශ්‍ය නම් සියලුදෙනාම ආහාරපාන අනුභව කළ යුත්තේ පාලනයකින් යුතුවයි. ආත්ම දමනය අප සියලුදෙනාම වර්ධනය කරගත යුතු ගුණාංගයක් බව අවධාරණය කරන බයිබලය අපට මේ සම්බන්ධයෙන් උපකාරවත් වෙනවා. ඔබේ ජීවිතය තුළ මේ ගුණාංගය වර්ධනය කරගැනීමට ඔබ අදිටන් කරගෙන තිබෙනවාද? (ගලාති 5:22, 23, NW) ක්‍රිස්තියානිවරයෙක් වූ ප්‍රේරිත පාවුල් වැනි බයිබලයේ සඳහන් අයගේ ආදර්ශත් උපකාරවත් විය හැකියි. “ඔහුට හැමදාමත් මාංසයේ කටුවක් සමඟ කටයුතු කරන්න සිදු වුණා. ඒත් ඔහු විශ්වාසවන්ත ලෙස දෙවිට සම්පූර්ණ සේවයක් පිරිනැමුවා. ඉතිං මටත් එහෙම කරන්න බැරි ඇයි!” යනුවෙන් දියවැඩියාවෙන් පීඩා විඳින එක් තැනැත්තෙක් පැවසුවා.

පාවුල් තමාට වෙනස් කරන්න බැරි තත්වයන් ඇති සැටියෙන්ම පිළිගෙන මිෂනාරිවරයෙක් වශයෙන් ඉතා සාර්ථකව කටයුතු කළා. (2 කොරින්ති 12:7-9) උපතෙන්ම අන්ධව සිටින 18 හැවිරිදි ඩස්ටින් වයස අවුරුදු 12 සිටම දියවැඩියාවෙන්ද පීඩා විඳිනවා. ඔහු මෙසේ ලියනවා. “මේ ලෝකයේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ ජීවිතයක් ගත කරන්නේ නෑ කියලා මම දන්නවා. මම ගොඩාක් ආශාවෙන් බලං ඉන්නේ දෙවිගේ නව ලෝකය එනකම්. එතකොට දියවැඩියාව නැතුව මට ජීවත් වෙන්න පුළුවන්. මම මගේ ලෙඩේ සලකන්නේ තාවකාලික දෙයක් හැටියටයි. ඒක හෙම්බිරිස්සාවක් උණක් වගේ ඉක්මනට සනීප නොවුණත් මතු කාලයේදී සුව වෙයි කියලා මට නිසැකයි.”

එසේ කියද්දී ඩස්ටින්ගේ මනසේ තිබුණේ දෙවිගේ රාජ්‍යය යටතේ පවතින පාරාදීස පොළොවේ පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳීම පිළිබඳව බයිබලයේ දී තිබෙන බලාපොරොත්තුවයි. (එළිදරව් 21:3, 4) දෙවිගේ වචනය පොරොන්දු වන්නේ එම දේවපාලනය යටතේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියායි. (යෙසායා 33:24; මතෙව් 6:9, 10) බයිබලය තුළ සඳහන් කර තිබෙන මෙම බලාපොරොත්තුව ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමතිද? එසේ නම්, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එහෙමත් නැත්නම්, 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයක් තෝරා මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.

[12වන පිටුවේ පින්තූරය]

ආත්ම දමනය හා ශුභවාදී ආකල්පයක් අත්‍යවශ්‍යයි