Skip to content

පටුනට යන්න

“මට යෙහෝවා ගැන තව දැනගන්න ඕනේ”

“මට යෙහෝවා ගැන තව දැනගන්න ඕනේ”

“මට යෙහෝවා ගැන තව දැනගන්න ඕනේ”

එහෙම ලියා එවා තිබුණේ සතුටින් පිරි ජීවිතයකට මඟ යන විවරණිකාව අධ්‍යයනය කර තිබූ අවුරුදු 12ක් වයසැති ජපානයේ මිකි. “මම මුලින්ම ‘සතුටින් පිරි ජීවිතයක්’ කියන වචන පේළිය දැක්ක ගමන්ම හිතුවේ එය එවැනි ජීවිතයක් ගත කිරීමට උපදෙස් දෙන විවරණිකාවක් විතරයි කියලා” යැයි ඇය එම විවරණිකාවේ ප්‍රකාශකයන්ට ලියා දන්වා තිබුණා. “නමුත් මම මේ විවරණිකාව දිගටම අධ්‍යයනය කරද්දී දැනගත් දෙයක් තමයි මෙහි දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් කතා කරලා තියෙනවා කියන එක. දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් ඒ වගේම සතුටින් පිරි ජීවිතයක් ගත කිරීමට කළ යුත්තේ මොනවාද යන්න ගැනත් මෙම විවරණිකාවෙන් දැනගන්න ලැබීම මහත් සතුටක්. දැන් මම ඒ විවරණිකාව අධ්‍යයනය කරලා ඉවර වුණත් මට තවදුරටත් දෙවි ගැන දැනගන්න ඕනේ. සතුටින් පිරි ජීවිතයක් ගත කරන ආකාරය ගැනත් මම දැනගන්න ආසයි. මෙවැනි විවරණිකාවක් අප අතට පත් කිරීමට ඔබ ගත් උත්සාහයට මගේ හද පත්ලෙන්ම පිරිනැමෙන මේ ස්තුතිය පිළිගන්න.”

ඔබත් සතුටින් පිරි ජීවිතයකට මඟ යන විවරණිකාවේ පිටපතක් ලබාගන්න කැමති නම් පහත ඇති කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට එවන්න.

□ සතුටින් පිරි ජීවිතයකට මඟ යන විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට මම කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.