Skip to content

පටුනට යන්න

යළි යළිත් හිස ඔසවන මිථ්‍යාව

යළි යළිත් හිස ඔසවන මිථ්‍යාව

යළි යළිත් හිස ඔසවන මිථ්‍යාව

ප්‍රංශයේ පිබිදෙව්! ලේඛක විසින්

මුළු ලෝකයේම දරුවන් මොහුට ආදරෙයි. පසුගිය අවුරුද්දක ඔහුගේ නමින් ප්‍රංශයේ තැපැල් කන්තෝරුවලට 8,00,000කට ආසන්න ලිපි ප්‍රමාණයක් ලැබුණා. මෙම ලිපිවලින් වැඩි හරියක් එවා තිබුණේ වයස අවුරුදු තුනත් අටත් අතර වයස්වල දරුවන්. පුලුන් ගොඩක් වන් සුදු රැවුලකින් හා සුදු ලොම් සහිත වාටියකින් යුත් දිග රතු ගවුමෙන් සැරසී සිටින මිත්‍රශීලී තැනැත්තෙක් වන මොහු, නිවාඩු උත්සව සමයේදී වඩාත් ජනප්‍රිය චරිතයක් වන නත්තල් සීයායි. ඔබට හිතන්න පුළුවන්ද මෙතරම් ජනප්‍රිය චරිතයක ස්වරූපයෙන් පඹයෙක් හදලා පුච්චලා දානවා කියන එක? නමුත් මීට අවුරුදු පනහකට පෙර එනම් 1951 දෙසැම්බර් 23වෙනිදා ප්‍රංශයේ ඩිෂොං නගරයේදී සිදු වූයේ එයයි. එදින නත්තල් සීයාව දරුවන් 250ක් ඉදිරියේ “ඝාතනය” කරනු ලැබුවා.

ඔහු කළ අපරාධය කුමක්ද? එක් පුවත්පතක (France-Soir) මෙම ඝාතනය ගැන සඳහන් කළේ මෙසේයි. “මෙම තීරණය ගනු ලැබුවේ පූජකයන්ගේ අනුමැතිය ඇතුවයි.” පූජකයන් නත්තල් සීයාව හැඳින්වූයේ “යේසුස්ට ලැබිය යුතු ගෞරවය පැහැරගන්නෙක්” ලෙසත් “ධර්ම විරෝධියෙක්” ලෙසත්ය. එපමණක්ද නොව ඔහු “නත්තල මිථ්‍යාදෘෂ්ටික උත්සවයක් බවට” පත් කරන බවටද චෝදනා කර තිබුණා. මෙය හැමෝටම දැනුම් දීමට කළ “සංකේතාත්මක ක්‍රියාවක්” වුණා. “මිථ්‍යාවන් මගින් දරුවන් තුළ ආගමික හැඟීම් ජනිත කළ නොහැකි අතර එය කිසිදාක හොඳ ඉගැන්වීමේ ක්‍රමයක් වන්නේ නැත.”

ඇතැම් පූජකයන් සිතුවේ නත්තල් සීයා හා බැඳි මෙවැනි චාරිත්‍රවල බලපෑම නිසා ක්‍රිස්තුස්ගේ උපතෙහි “සැබෑ ක්‍රිස්තියානි අර්ථය” මනුෂ්‍යයන්ගෙන් බැහැර වන බවයි. එක්තරා පුවත්පතක (Les Temps Modernes) 1952 මාර්තු කලාපයේ ක්ලෝඩ් ලෙවී ස්ට්‍රෞස් නම් මානවවංශ විද්‍යාඥයා නත්තල් සීයා පිළිබඳ විශ්වාසය විස්තර කළේ “නවීන දින මිනිසාව මිථ්‍යා ඇදහිලිවලට යොමු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙන ප්‍රබලතම සාධකවලින් එකක්” හැටියටයි. පල්ලිය මගින් මෙම විශ්වාසය ප්‍රසිද්ධියේම හෙළා දැකීම සාධාරණ බව ඔහු තවදුරටත් පැවසුවා. ඒ වගේම ලෙවී ස්ට්‍රෞස් පෙන්නුම් කළා නත්තල් සීයාගේ ඉතිහාසය, සැටනේලියා උත්සවයට රජෙකු පත් කළ කාලය දක්වා දිව යන බව. ඉපැරණි රෝමයේ සැටනේලියා උත්සවය සමරනු ලැබුවේ දෙසැම්බර් 17 සිට 24 දක්වා කාලය අතරතුරේදීයි. මේ සතිය තුළදී සියලුම ගොඩනැඟිලි ගස් වැල්වලින් සරසනු ලැබුවා. තවද මේ කාලය තෑගි හුවමාරු කරගැනීමේ කාලයක්ද වුණා. නත්තල් උත්සවය වගේම සැටනේලියා උත්සවය පවත්වන කාලයත් ප්‍රීති ප්‍රමෝද වූ කාලයක්.

නත්තල් සීයාගේ ස්වරූපයෙන් පඹයෙක් හදලා පුලුස්සා දමා දැනට අවුරුදු පනහක් ගත වී තිබෙනවා. දැන් ප්‍රංශයේ කතෝලිකයන් නත්තල් සීයා ගැන දරන මතය කුමක්ද? නත්තල් සමයේදී ගවලෙනක යේසුස්ව නියෝජනය කිරීම තරම්ම වැදගත්කමක් ඈත අතීතයේ සිට රෝම සැටනේලියා උත්සවයෙන් පැවත එන නත්තල් සීයාටත් හිමි වෙනවා. ඉඳ හිට පූජකවරයෙක් නත්තල් සීයාව හෙළා දකිමින් ක්‍රිස්තුස්ව නත්තලෙන් අයින් කිරීමට සලස්වන වාණිජ්‍යමය උපායක් ලෙස ඔහුව හඳුන්වන්න පුළුවන්. මෙම නත්තල් සීයාගේ මිථ්‍යාදෘෂ්ටික මූලයන් පිළිබඳව මොනයම් හෝ සැකයන් පහළ වී තිබුණද, මහජනයා තවමත් ඔහුට දක්වන දැඩි කැමැත්ත නිසා ඒවා යටපත් වී තිබෙනවා.

[21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

DR/© Cliché Bibliothèque nationale de France, Paris