Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් 18වන පිටුවේ සඳහන් වේ. අමතර කරුණු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂණ බුද්ධිය” [සිංහලෙන් නැත, it] නැමති පොත බලන්න.)

1. “පිලිස්තිවරුන්ට (ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරමින් සිටියේ මොවුන්ය.) විරුද්ධව ප්‍රස්තාවක් [සොයමින්]” සිටි කාලයේදී, සම්සොන් ඔහුගේ භාර්යාව හැටියට තෝරාගත්තේ කාවද? (විනිශ්චයකාරයා 14:1-4)

2. යේසුස් පෙන්වා දුන්නාක් මෙන් යමෙකුට දෙවිගේ දාසයෙකු වන අතරතුරේදී තවත් දෙයකට දාසයෙකු විය නොහැක. ඒ කුමක්ද? (ලූක් 16:13)

3. රූත්ගේ ස්වාමිපුරුෂයා වූ මෙසියස්ගේ මුතුන්මිත්තා කවුද? (රූත් 4:13)

4. හෙබ්‍රෙව් විද්වතුන් බොහොමයක් ප්‍රිය කරන්නේ දෙවිගේ නාමය කෙසේ උච්චාරණය කිරීමටද?

5. යෙසබෙල් අතිශයින්ම දුෂ්ටව සිටි නිසා යෙහෝවා ඇය ගැන පුරෝකථනය කළේ කුමක්ද? (1 රාජාවලිය 21:23)

6. ආබ්‍රහම් මක්පේලායේ තිබූ ගුහාව ‘හෙත්ගේ පුත්‍රයන්ගෙන්’ මිල දී ගත්තේ කුමක් සඳහාද? (උත්පත්ති 23:19, 20)

7. මානසිකව හෝ ආත්මිකව මහත් ශක්තියක් අවශ්‍ය කරන කාර්යයක් සඳහා සූදානම් වීම ඇඟවීමට ශුද්ධ ලියවිලිවල භාවිත කර තිබෙන ප්‍රකාශය කුමක්ද? මෙහි මුල්ම අර්ථය වන්නේ සිරුර වෙහෙසා කරන කාර්යයක් සඳහා සූදානම් වීමක් හැටියට ඇඳ සිටින ඇඳුමේ කෙළවර එකට එකතු කොට ගැටගැසීමයි. (යෝබ් 38:3)

8. ආදම්ට වයස අවුරුදු 130දී ඔහුට දාව ඒව බිහි කළ පුත්‍රයා කවුද? (උත්පත්ති 5:3)

9. ඊශ්‍රායෙල් හායිහිදී පරාජය වූයේ කවුරුන් කළ පාපය නිසාද? (යෝෂුවා 7:20)

10. කිරුළට දී තිබෙන සමාන වචනය කුමක්ද? (2 රාජාවලිය 11:12)

11. යේසුස්ගේ උපතින් පසු බැටළුවෙකුව පූජා කිරීමට මරියාට වත්කමක් නොතිබූ නිසා, ඒ වෙනුවට පූජා කිරීමට නීතිය මගින් ඇයට ඉඩ කඩ ලබා දුන්නේ කුමක් ඔප්පු කිරීමටද? (ලූක් 2:24)

12. පාවුල් දේවානුභාවයෙන් ලියූ ලිපි බොහොමයකදී තමාව හඳුන්වා දුන්නේ කෙසේද? (එෆීස 1:1)

13. යුදෙව්වරුන්ව යටත් කරගැනීමට තැත් කරද්දී අෂූරීයේ සෙනකෙරීබ් කළ අපහාසාත්මක ප්‍රකාශයන් විශේෂයෙන්ම හෙසකියාට පිළිකුලක් වූයේ මන්ද? (යෙසායා 36:15, 18-20)

14. “මැසිඩෝනියාවට ඇවිත් අපට උපකාර කරන්න” කියා ඇරයුමක් ලැබෙන විට ප්‍රේරිත පාවුල් සිටියේ කොහේද? (ක්‍රියා 16:8, 9)

15. යූදාහි යහපත් රජෙකු වූ ආසා අවුරුදු 35ක් විශ්වාසවන්තව පාලනය කර තිබුණද දිවැස් පැවසූ හනානි ඔහුට තරවටු කළේ මන්ද? (2 ලේකම් 16:7)

16. යේසුස් පැවසූ ලෙස යමෙකු ගැලවීමට නම් කොතරම් කාලයක් විශ්වාසවන්තව විඳදරාගත යුතුද? (මාක් 13:13)

ප්‍රශ්නවලට පිළිතුරු

1. තිම්නාහි පිලිස්තීය කාන්තාවක්

2. වස්තුව

3. බෝවස්

4. යාහ්වේ

5. ‘බල්ලෝ යෙසෙබෙල්ව කා දමනවා ඇත’

6. තම භාර්යාව වූ සාරාගේ දේහය භූමිදාන කිරීම සඳහා

7. ‘ඉඟටිය බැඳගන්න’

8. සෙත්

9. ආකාන්

10. ඔටුන්න

11. “කොබෙයියන් දෙදෙනකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු”

12. යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයෙක් හැටියට

13. අෂූර්වරුන් ඒ වන විටත් අත්පත් කරගෙන තිබූ දේශවල දෙවිවරුන් මෙන් යෙහෝවාද බෙලහීන වන බවට සෙනකෙරීබ් පුරසාරම් දෙඩූ නිසාය

14. ත්‍රෝවසය, කුඩා ආසියාවේ පිහිටි වරායක්

15. ඒ අවස්ථාවේදී යම් නොදන්නා හේතුවක් නිසා ආසා රජ යෙහෝවා මත රඳා සිටිනවා වෙනුවට සිරියාවේ රජ සමඟ මිත්‍ර සන්ධානයක් ඇති කරගෙන තිබීම ඊට හේතු විය.

16. “අවසානය” දක්වා