Skip to content

පටුනට යන්න

කාමුක දර්ශන ගැන ප්‍රතිවිරුද්ධ මත

කාමුක දර්ශන ගැන ප්‍රතිවිරුද්ධ මත

කාමුක දර්ශන ගැන ප්‍රතිවිරුද්ධ මත

“පුද්ගලයෙකුට නොතිබිය යුතු තද රුචියක් ඒ මගින් ඇති කරනවා. කිසිම විටෙකත් සන්තර්පණය නොකරගත යුතු රාගයක් ඒ මගින් උද්දීපනය කරනවා.”—තීරු ලේඛකයෙකු වන ටෝනි පාර්සන්ස්.

ජෝන් කිසිම විටෙකත් සිතුවේ නැහැ ‘අන්තර්ජාලීය ලිංගිකත්වයට’ ඇබ්බැහි වෙන්න. a ලිංගික දර්ශනවලට හා එවන් කතා කුටිවලට හදිසියේම හසු වන වෙනත් බොහෝදෙනෙකු වගේම, ඔහු එක් දිනක් අන්තර්ජාලය බලමින් සිටිනකොට, එකවිටම තිරය මත දිස් වුණු ලිංගික කතා කුටියක් දැක තිගැස්සුණා. මෙසේ අහු වුණු කතා කුටිය හරහා අන්තර්ජාලයේ එන කාමුක දර්ශන තුළ නිමග්න වෙන්නට ඔහුට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. “මම මගේ බිරිඳ වැඩට යන තුරු ඉන්නේ ඉතා නොඉවසිල්ලෙන්. ඇය ගිය ගමන්ම මම ඇඳෙන් පැනලා මගේ පරිගණකය ඉස්සරහපිට පැය ගණනක් ගත කරනවා” කියා ඔහු මතක් කරනවා. මෙසේ දිගු වේලාවක් එය ඉදිරිපිට සිටින අවස්ථාවලදී ඔහු කන්න බොන්නවත් නැඟිටින්නේ නැහැ. “මට බඩගින්නක් දැනුණේවත් නැහැ” ඔහු කියනවා. තමාගේ මේ රහස් වැඩ ගැන ඔහු තම බිරිඳට බොරු කියන්නට පටන්ගත්තා. මේ පුරුද්ද නිසා ඔහුගේ වැඩකටයුතුවල කල්පනාකාරීව නිරත වෙන්නට ඔහුට බැරි වුණා. ඔහු කටයුතු කළේ එන්ට එන්ටම භයෙන් හා සැකෙන්. ඔහුගේ විවාහය දෙදරන්නට පටන්ගත්තා. අන්තිමේදී ඔහු කළේ අන්තර්ජාලයේ හමු වන ලිංගික සහකාරියව හැබැහින්ම හමු වෙන්නට සැලසුම් කිරීමයි. මේ ගැන ඔහුගේ බිරිඳට දැනගන්නට ලැබුණා. අන්තර්ජාලයේ ලිංගිකත්වයට ඇබ්බැහි වුණු රෝගියෙක් හැටියට දැන් ජෝන්ට ප්‍රතිකාර කෙරෙනවා.

කාමුක දර්ශනවලට විරෝධය පළ කරන අය, එහි ඇති පහත් දරුණු බලපෑම්වලට සාක්ෂි ලෙස මෙවන් කතන්දරවලට යොමු දක්වනවා. ඔවුන් කියා සිටින්නේ ඒවායින් මිනිස් සම්බන්ධතා විනාශ කරන බවයි. කාන්තාවන්ව පහත් තත්වයකට ඇද දමන බවත්, දරුවන්ව අපයෝජන ක්‍රියාවන්ට ලක් කරන බවත්, ලිංගිකත්වය ගැන විකෘති වූ ඉතා හානිකර ආකල්පයක් ඇති කරන බවත් ඔවුන් කියා සිටිනවා. අනෙක් අතට, කාමුක දර්ශනවලට උඩගෙඩි දෙන අය කියා සිටින්නේ එය නිදහස් ලෙස අදහස් පළ කිරීමේ ක්‍රමයක් ලෙසටයි. ඒ වගේම මේවාට විරුද්ධ වෙන්නන්ව ‘අනවශ්‍ය කෝලයක් ඇති පැරැන්නෝ’ කියායි හඳුන්වන්නේ. “මිනිස්සු තමන්ගේ ලිංගික ප්‍රවණතාව හා ආශාවන් ගැන ලැජ්ජා විය යුතු නැහැ ලිංගිකත්වය ගැන අවංක ලෙස කරන සාකච්ඡාවක් අරඹන්නට කාමුක දර්ශන යොදාගත හැකියි” යයි මීට පක්ෂව කතා කරන ලේඛකයෙක් පවසනවා. ඇතැමුන්ගේ විශ්වාසය නම් කාමුක දර්ශන ඉතා වේගයෙන් පැතිර යෑම විවෘත, හොඳ මානසිකත්වයකින් යුත් සමාජයක මූලික ලක්ෂණයක් බවයි. “වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු කැමැත්තෙන්ම ලිංගික සංවාසයේ යෙදෙන ආකාරය කිසිදු ලජ්ජාවක් නොමැතිව සම්පූර්ණයෙන්ම නැරඹීමට හැකි සමාජයක් මේරූ සමාජයකි. එමෙන්ම එය බොහෝ දුරට විවිධ අයගේ විවිධ ලිංගික ප්‍රවණතාවන් පිළිගැනීමට හා කාන්තාවන්ට හිමි විය යුතු සමාන අයිතිවාසිකම් පිළිගැනීමට හැකි සමාජයකි” යයි බ්‍රයන් මැක්නෙයාර් නම් ලේඛකයා පවසනවා.

සමාජයේ මෙලෙස පවතින එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් නිසා කාමුක දර්ශන පිළිගත හැකි යමක් වෙයිද? ඒවා එතරම්ම දසත පැතිර තිබෙන්නේ ඇයි? කාමුක දර්ශන ඇත්තටම භයානක ලුහුබැඳීමක්ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු මීළඟ ලිපියේ සලකා බැලෙනවා.

[පාදසටහන]

a නම් වෙනස් කර ඇත.