Skip to content

පටුනට යන්න

ප්‍රේමණීය කෙනෙකුගෙන් ලැබූ ලිපියක්

ප්‍රේමණීය කෙනෙකුගෙන් ලැබූ ලිපියක්

ප්‍රේමණීය කෙනෙකුගෙන් ලැබූ ලිපියක්

යෙහෝවාට ළං වන්න යන පොත කියැවූ නිව් යෝක් නගරයේ පාඨකයෙක් එය විස්තර කළේ ප්‍රේමණීය කෙනෙකුගෙන් ලැබූ ලිපියක් ලෙසයි. “සෑම පරිච්ඡේදයකින්ම ඔබේ හැඟීම් පුබුදුවාලමින් යෙහෝවා කෙරෙහි වූ ඔබේ ප්‍රේමය පිරී ඉතිරී යෑමට සලස්වයි.” ඇය මෙහෙමත් පැවසුවා. “මම දැන් පොතේ අවසාන හරියටම ඇවිල්ලායි තියෙන්නේ. කියවලා ඉවර වුණාම නැවතත් මුල ඉඳන්ම පොත කියවන්න පටන්ගන්නකම් මට කිසිම ඉස්පාසුවක් නැහැ. ඒක හරියට අපි ගොඩක් ආදරය කරන කෙනෙක්ගෙන් ලැබෙන ලිපියක් කිහිප සැරයක්ම කියවන්න ආස හිතෙනවා වගේයි.” තවත් අය මේ ගැන කියා ඇති දේවල්ද බලන්න.

කැන්සස් නගරයේ පාඨකයෙක් පැවසුවේ “මට ඇත්තටම හැඟෙනවා මම මගේ ස්වර්ගික පියාට තවත් ළං වෙනවා කියා. ඒ නිසා මගේ හදවත ප්‍රේමයෙන් පිරී යනවා. . . . උදේ වෙනකම් මම ආශාවෙන් බලන් ඉන්නේ මේ පොතේ කරුණු කියවලා දැනගන්නයි. ඒ විතරක් නෙවෙයි මම මේ පොත නැවත නැවතත් කියවන්නයි හිතාගෙන ඉන්නේ.”

අමෙරිකාවේ මේයින් නගරයේ කාන්තාවක් ලිව්වේ මෙසේයි. “යෙහෝවා කියන්නේ ඇත්තටම සැබෑ කෙනෙක් කියන හැඟීම වැඩි කරගැනීමට මේ පොත මට උපකාරවත් වෙලා තිබෙනවා. ‘මිය යන අයට, දෙවිගේ මතකයේ සිටිනවාට වඩා හොඳ සුරක්ෂිත තැනක් තවත් නැහැ’ කියා 74වෙනි පිටුවේ සඳහන් වී තිබුණු වදන් මොනතරම් සැනසිලිදායකද!” ඇලස්කාවේ ඉන්න තවත් කෙනෙකුට තිබුණේ මේ හා සමානම අදහස්. “ඒ වදන් මගේ හිතට කොතරම් හොඳින් කාවැදුණාද කියනවා නම් මගේ ඇස්වලට කඳුළු පිරුණා. මම මේ පොත එක පාරක් නෙවෙයි ඇත්තටම කිහිප සැරයක්ම කියවන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබත් මේ පොත කියෙව්වොත් ඔබටත් මේ හා සමානව හැඟෙනු ඇති බව අපගේ විශ්වාසයයි. හඳුන්වා දීමේ මුල් පරිච්ඡේද තුනට පසුව “බලයෙන් මහත් වූ,” “යුක්තියට ප්‍රේම කරන්නෙක්,” “සිතින් ප්‍රඥාවන්තය” හා “දෙවි ප්‍රේමයය” යනුවෙන් කාණ්ඩ හතරකට මේ පොත වෙන් කර තියෙනවා. පොතේ කරුණු නිමා කරන්නේ ‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වනු ඇත’ යන පරිච්ඡේදයෙන්.

පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් කඩදාසි කවරයකින් යුත් පිටු 320කින් සමන්විත මෙම පොත ලබාගත හැකියි.

□ යෙහෝවාට ළං වන්න යන පොතෙහි පිටපතක් මා වෙත එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.