Skip to content

පටුනට යන්න

ආගමික කණ්ඩායමක් පිළිබඳව කෙරුණු දළ විවරණයක්

ආගමික කණ්ඩායමක් පිළිබඳව කෙරුණු දළ විවරණයක්

ආගමික කණ්ඩායමක් පිළිබඳව කෙරුණු දළ විවරණයක්

උසස් අධ්‍යාපනය ලබන ෆිලිප්ගේ වයස අවුරුදු 15යි. ඔහුගේ ගම් පළාත වන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තිබෙන මලල ක්‍රීඩා පිළිබඳවත්, දේශපාලනික, සංස්කෘතික හෝ ආගමික යන කණ්ඩායම්වලින් එක් කණ්ඩායමක් පිළිබඳවත් දළ විවරණයක් කර භූගෝල විෂය සඳහා වාර්තාවක් සැකසීම සඳහා ඔහුට පැවරුමක් ලැබුණා. මේ සඳහා ෆිලිප් වාර්තා කිරීමට තෝරාගත්තේ එම නගරයේ තිබූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව පිළිබඳවයි. ඔහුත් ඔහුගේ පවුලේ අයත් එම සභාවේ සාමාජිකයන්. ශිෂ්‍යයන්ට උපදෙස් දුන්නේ “එම කණ්ඩායමට ආවේණික ගතිලක්ෂණ පිළිබඳව” විවරණයක් කිරීම සඳහා ඔවුන් තෝරාගන්නා කණ්ඩායමේ සාමාජිකයන් 20දෙනෙකුගෙන් අදහස් විමසන ලෙසයි.

ෆිලිප් එම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් ලියනු ලැබුවේ මෙසේයි. “මෙම ප්‍රදේශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාව ආගමික සංවිධානයක්. ඔවුන් රැස්වීම් පැවැත්වීමේ අරමුණ වූයේ බයිබලය පිළිබඳව දැනුම ලබාගැනීමයි. මෙම රැස්වීම් තුළදී බයිබලයේ කොටස් කියවන අතර ඉන්පසු ඒවා පැහැදිලි කරනවා. ඒ වගේම අන් අයට බයිබලය ගැන හොඳින් ඉගැන්විය හැකි ආකාරය පිළිබඳ උපදෙස් ලබා දීමත් එම රැස්වීම්වල තවත් අරමුණක්. ඔවුන් මෙම ඉගැන්වීම කරනු ලබන්නේ මනුෂ්‍යයන් විවේක සුවයෙන් ගත කරන ඔවුන්ගේම නිවෙස්වලට ගොස් ඔවුන්ව මුණගැසීමෙන්. කණ්ඩායමේ සිටින සියලුදෙනාම නිතිපතා කෙරීගෙන යන මෙම කාර්යයෙහි තමන්ගේ තත්වයන්ට අනුව ඊට හවුල් වෙනවා. බයිබලය ගැන ඉගෙනගැනීමටත් අන් අයට ඉගැන්වීමටත් අමතරව මෙම කණ්ඩායම විසින් කාලීන තොරතුරු ඇතුළත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරා බෙදාහරියි. එම සඟරා තුළ ස්වභාවධර්මය, ඉතිහාසය පිළිබඳවත්, ලොව වටා මෙන්ම ප්‍රාදේශීය තත්වයන් පිළිබඳවත් නොයෙකුත් සිත්ගන්නාසුලු ලිපි අන්තර්ගතයි. සැප්තැම්බර් 11වන දින අමෙරිකාවේ සිදු වුණාවූ ව්‍යසනය වැනි ලෝකයේ සිදු වන දරුණු ම්ලේච්ඡ ක්‍රියා නිසා විපතට පත් මනුෂ්‍යයන්ට උපකාර කිරීමට අප වෙහෙස මහන්සි වෙනවා. එමෙන්ම අප විවාහය, පවුල් ජීවිතය සහ යොවුන් විය වැනි තේමා යටතේ ප්‍රකාශන නිකුත් කරනවා.”

ෆිලිප් කළ පර්යේෂණයේ ගුණාත්මකභාවය නිසාත් ඔහු එය ඉදිරිපත් කළ ආකාරය නිසාත් ඔහුගේ වාර්තාවට ඉහළම ලකුණු ලැබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සිදු කරනු ලබන වැඩකටයුතු ගැන වැඩි තොරතුරු දැනගැනීමට සතුටු නම් අනෙක් වතාවේ ඔවුන් ඔබේ නිවසට පැමිණෙන විට ඔවුන් සමඟ කතා කරන්න. නැතහොත් 5වන පිටුවේ සඳහන් ඔබට ළඟපාත පිහිටි ස්ථානයකට අදාළ ලිපිනයක් යොදාගෙන ඔවුන්ව අමතන්න.

[11වන පිටුවේ පින්තූරය]

ෆිලිප්

[11වන පිටුවේ පින්තූරය]

ඉතාලිය

[11වන පිටුවේ පින්තූරය]

ඕස්ට්‍රේලියාව

[11වන පිටුවේ පින්තූරය]

බ්‍රසීලය

[11වන පිටුවේ පින්තූරය]

නෙදර්ලන්තය