Skip to content

පටුනට යන්න

ඇගේ වාර්තාව මහත් සේ බලපෑවා

ඇගේ වාර්තාව මහත් සේ බලපෑවා

ඇගේ වාර්තාව මහත් සේ බලපෑවා

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ජීනිට පාසැල් ජීවිතයේ අවසාන වසරේදී ඇගේ ආගම ගැන කතා කිරීමට කදිම ප්‍රස්තාවක් උදා වුණා. ඇය මෙහෙම කියනවා. “මගේ ගුරුවරිය කිව්වා සමත් වීම සඳහා අපිට වාර විභාග පැවරුමක් කරන්න වෙයි කියලා. මම කිව්වා මට නාට්සි ගාල් කඳවුරේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන ලියන්න ඕනේ කියා.”

ජීනි තෝරාගත් මාතෘකාව ඔස්සේ පැවරුම සකස් කිරීමට ගුරුවරිය ඇයට අවසර දුන්නා. “මගේ ලිඛිත පැවරුම බාර දීලා වාචික පැවරුම ඉදිරිපත් කිරීමට මගේ වාරය පැමිණුණහම මට බය හිතුණා” යැයි ජීනි පැවසුවා. “මගේ යහළුවන් මට මොනවා කියයිද? ඔවුන් මට විහිළු කරයිද කියලා මම දැනගෙන හිටියේ නැහැ.”

ජීනි ඇගේ වාචික ඉදිරිපත් කිරීම පටන්ගත්තේ මේ ප්‍රශ්නය ඇසීමෙන්. “කවුරු හරි දන්නවාද නාට්සි ගාල් කඳවුරේ දාවිත්ගේ තරුව ඇති ලාංඡනය පැළඳගෙන හිටියේ කවුද කියලා?” හැමෝම පිළිතුරු දුන්නා “යුදෙව්වන්” කියලා. ඊට පස්සේ දම් ත්‍රිකෝණයක් ඇති ලාංඡනයක් පැළඳගෙන සිටියේ කවුද කියලා කවුරු හරි දන්නවාද කියා ඇය ඇහුවා. කිසි කෙනෙක් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ජීනි මෙසේ පැවසුවා. “මම කිව්වා ඒ ලාංඡනේ පැළඳගෙන සිටියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියලා.”

ගුරුවරියට හා පන්තියේ අනෙකුත් ළමයින්ට ජීනිගේ ඉදිරිපත් කිරීම සෑහෙන දුරට බලපෑවා. “යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට නිදහස් වීමට අවශ්‍ය නම් ඔවුන්ට කරන්න තිබුණේ තමන් ඇදහිල්ල අත්හරින බවට කොළයක අත්සන් කිරීම විතරයි කියා දැනගත්තහම ඒ අය පුදුමයට පත් වුණා” කියා ජීනි තවදුරටත් පැවසුවා. “මගේ සමහර යහළුවන් පසුව මට කිව්වා ඔවුන් ඉස්සර නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විහිළු කර තිබුණු නමුත් මීට පස්සේ ඔවුන් තමන්ගේ ගෙදරට ආවොත් ඔවුන්ට සවන් දෙන බව.”

ජීනිට ඇගේ වාර්තාවට හා වාචික ඉදිරිපත් කිරීමට විශිෂ්ට සම්මාන හතරක් ලැබුණා. “මට හොඳ සමර්ථයක් ලැබුණා විතරක් නොවෙයි, මට මගේ ඇදහිල්ල ගැන කතා කරන්නත් හොඳ අවස්ථාවක් ලැබුණා!” කියා ජීනි පවසයි.

[19වන පිටුවේ පින්තූරය]

බොහෝ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ ඇදහිල්ල අත්හරින බවට කියා තිබුණු මෙම ලියවිල්ලට අත්සන් කිරීමෙන් නිදහස ලබාගැනීමට ප්‍රස්තාව දී තිබුණා

[හිමිකම් විස්තර]

United States Holocaust Memorial Museum අනුග්‍රහයෙනි