Skip to content

පටුනට යන්න

“ඒක ලැබුණේ හොඳ කෙනෙකුගේ අතට!”

“ඒක ලැබුණේ හොඳ කෙනෙකුගේ අතට!”

“ඒක ලැබුණේ හොඳ කෙනෙකුගේ අතට!”

මෙක්සිකෝවේ ක්වෙර්නවාකා නගරයේ පිහිටි රජයේ කාර්යාලයක අමතක වීමෙන් දමා ගොස් තිබූ බෑගයක් පැට්‍රිෂියාට සම්බ වුණා. එය විවෘත කර බලන විට එහි තිබී ක්‍රෙඩිට් කාඩ්, අත්සන් තැබූ චෙක්පත් සහ ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ හැඳුනුම්පතක් සොයාගැනීමට ඇයට හැකි වුණා. ඇය නිවසට ගිය විගස දුරකථනය අතට ගත්තේ එම පුද්ගලයාට අමතා තමන්ට ඔහුගේ බෑගය සම්බ වූ බව පවසන්නයි. “දෙවියන්ට ස්තූතියි. ඒක ලැබුණේ හොඳ කෙනෙකුගේ අතට!” පුදුමයට පත් ඔහුගේ මුවින් පිට වුණේ එවැන්නක්.

මහලු වියේ පසු වූ එම ගෘහනිර්මාණ ශිල්පියා බෑගය ලබාගන්න පැට්‍රිෂියාගේ නිවසට ආ විට ඔහු ඇයට කියා සිටියේ ඇය දෙවි විසින් එවන ලද දේවදූතිකාවක් කියායි. එවිට පැට්‍රිෂියා තමන් යෙහෝවාගේ සාක්ෂිකාරියක් කියා හඳුන්වා දීමෙන් පසුව මෙසේ පැවසුවා. “මම සේවය කරන්නේ සැබෑ දෙවි වන යෙහෝවාට. ඔහු තමයි මට උගන්වන්නේ. ඒ නිසයි මම ඔයාගේ බෑගය නැවත භාර දුන්නේ. හැම ප්‍රශංසාවක්ම යා යුත්තේ යෙහෝවාට.” ගෘහනිර්මාණ ශිල්පියා ඇයට තෑග්ගක් දුන් විට පැට්‍රිෂියා එය භාරගත්තේ නැහැ. බයිබල් දැනුම අඩංගු පොත් පත් ඔහුට ලබා දුන් ඇය කියා සිටියේ ඔහු ඒවා කියවා ප්‍රයෝජන ලබනවා නම් ඇය කැමති බවයි.

අනෙකුත් සාක්ෂිකරුවන් බොහෝදෙනෙකු මෙන් පැට්‍රිෂියාද සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති ග්‍රන්ථය අධ්‍යයනය කර තිබෙනවා. පරිච්ඡේද 19කින් යුත් එහි එක් පරිච්ඡේදයක මාතෘකාව වන්නේ “දේවභක්තික ජීවිතයක් ගත කිරීමෙන් සන්තෝෂය ලැබීමට හේතුව” යන්නයි. “අවංකකමේ ප්‍රතිඵලය සන්තෝෂයයි” යන උපමාතෘකාවේ සත්‍යතාව පැට්‍රිෂියා අද්දැක්කා.

පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටු 192කින් සමන්විත මෙම පොත ලබාගත හැකියි.

□ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති මාතෘකාවෙන් යුත් පොතෙහි පිටපතක් ලබාගැනීමට මා සතුටුයි.

□ නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.