Skip to content

පටුනට යන්න

කෘමීන් පලවාහැරීමට වඳුරන්ට සහය වන්නෝ

කෘමීන් පලවාහැරීමට වඳුරන්ට සහය වන්නෝ

කෘමීන් පලවාහැරීමට වඳුරන්ට සහය වන්නෝ

බැලූ බැල්මට හිස් වැස්මක් පැළඳ සිටිනවා වගේ පෙනෙන වානර ගෝත්‍රයට අයත් ඉතා දක්ෂ කැපුචින් වඳුරන්ගේ වාස භූමිය වෙනිසුවෙලාහි නිවර්තන වනාන්තරයි. වර්ෂා කාලය පටන්ගත් විට මෙම වනාන්තරය තවත් අමුත්තන්ගෙන් පිරේ. උන් නම් වැස්සත් සමඟම පැමිණෙන්නාවූ සිත් පිත් නැති රුදුරු මදුරුවන්ය. මෙම ආක්‍රමණික අමුත්තන් කරදරයක් විතරක් නොවෙයි උන් ඉතා භයානකය. උන් පැමිණෙන්නේ හිස් අතින් නොව පරපෝෂිත ගඩු මැස්සන්ගේ බිත්තරද අතැතිවයි. මෙම බිත්තර වඳුරන්ගේ හම යට තැන්පත් වූ විට එමගින් සැරව පිට වන ගඩු හටගන්නවා පමණක් නොව මෙම උවදුරට හසු වන වඳුරෝ බෙලහීනද වෙත්.

මදුරුවන් පලවාහැර මෙම උවදුරෙන් ආරක්ෂා වීම සඳහා කැපුචින් වඳුරෝ ඉතා ප්‍රබල ස්වාභාවික ද්‍රව්‍යයක් භාවිත කරති. මෙය කරන්නේ කැලෑවේ වෙසෙන එක්තරා හැකරැලි වර්ගයකගෙන් නිකුත් වන ස්‍රාවයක් උගේ ශරීරයේ තවරාගැනීමෙනුයි. මෙම හැකරැල්ලන්ගෙන් නිකුත් වන ස්‍රාවයේ කෘමීන් පලවාහැරීමට අවශ්‍ය මිශ්‍රණ දෙකක් අඩංගුයි. මෙම ස්‍රාවය හමුදා ඒකකවල කෘමීන් පලවාහැරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යවලටත් වඩා ප්‍රබලයි!

හිස් වැස්මක් පැළඳි කැපුචින් වඳුරා වැසි කාලයේදී ගස්වල පොතු අස්සේ හෝ වේ ගුල්වල වෙසෙන සෙන්ටිමීටර් දහයක් දිගැති හැකරැල්ලන් සෙවීමේ කාර්යයේ නිරත වෙයි. එක හැකරැල්ලෙක් සොයාගත් විට ඌ ඌව තමන්ගේ ශරීරයේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා අතුල්ලාගනියි. “මෙම ස්‍රාවය කොතරම් වටිනවාද යත් එක් හැකරැල්ලෙකුගේ ස්‍රාවය වඳුරෝ හතරදෙනෙක් තම ශරීරවල තවරාගනිති” යැයි එක් මූලාශ්‍රයක (Journal of Chemical Ecology) කියැවේ. සාමාන්‍යයෙන් සතුන් කෑම කන වේලාවේදී හෝ වෙනත් අවස්ථාවලදී අනුගමනය කරන පිළිවෙත වන්නේ ලොකු සතාගේ සිට කුඩා සතා දක්වා ඊට සහභාගි වීමයි. නමුත් හැකරැල්ලෙකුගේ ස්‍රාවයෙන් සම්බාහනය වීමේදී නම් මේ අනුපිළිවෙළ ඉවතලයි.

[15වන පිටුවේ පින්තූරය]

හැකරැල්ලාගෙන් පිට වන ස්‍රාවය

[හිමිකම් විස්තර]

Thomas Eisner/Cornell University

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Dr. Zoltan Takacs