Skip to content

පටුනට යන්න

“හැමෝම කියවිය යුතු පොතක්”

“හැමෝම කියවිය යුතු පොතක්”

“හැමෝම කියවිය යුතු පොතක්”

අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ වෙසෙන එක් පාඨකයෙක් යෙහෝවාට ළං වන්න නමැති පොත ගැන කීවේ එයයි. “එම පොත ඉතා අලංකාර අයුරින් රචනා කර තිබෙනවා. පින්තූරු ඉතා ලස්සනයි. වටිනා ආත්මික තොරතුරුවලින් පොත පිරී තිබෙනවා” යයි පැවසූ ඔහු මෙසේ අවසන් කළා. “අපගේ විශිෂ්ට දෙවි ගැන ලියවී ඇති මෙම පුදුමාකාර පොත ලබා දීම ගැන ඔබට බොහෝ වර ස්තුති කරන්න කැමතියි!”

වෙනත් අයත් ඊට සමාන අදහස් දක්වා තිබෙනවා. “පොත බලලා ඉවර වුණාම, ඒකේ තව පිටු තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා. එය නැවත වතාවක් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වතාවේදී, මම එය පරෙස්සමින් අධ්‍යයනය කරලා එහි අඩංගු දේවල් ගැන ගැඹුරට මෙනෙහි කරන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් කෙනෙක් ලියා ඇත්තේ මෙසේයි. “අපගේ දෙවිගේ දයානුකම්පාව සහ සමාව දීමට ඔහු දක්වන කැමැත්ත මගේ හද පත්ලටම කාවැදුණා. ඒ නිසා අපගේ ස්වර්ගීය පියාණන් හා ජීවන දායකයාණන් කෙරෙහි මට දැනුණේ ඉමහත් සමීප බවක්.”

මෙම පොත කියවීම තුළින් අපගේ ස්වර්ගීය පියාණන්ට ඔබ තවත් සමීප වනු ඇති බව අපට විශ්වාසයි. “බලයෙන් මහත් වූ,” “යුක්තියට ප්‍රේම කරන්නෙක්,” “සිතින් ප්‍රඥාවන්තය” සහ “දෙවි ප්‍රේමයය” යනුවෙන් කොටස් හතරකට එය බෙදා තිබෙනවා. දෙවිගේ ප්‍රධාන ගතිලක්ෂණ හතර වෙත අවධානය යොමු කරන මෙම කොටස් හතර තිබෙන්නේ ප්‍රාරම්භක පරිච්ඡේද තුනකට පසුවයි. පරිච්ඡේද 31කින් යුත් මෙම පොත අවසන් වන්නේ ‘දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වනු ඇත’ යන මාතෘකාවෙනුයි.

පහත සඳහන් කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් කඩදාසි කවරයකින් යුත් පිටු 320කින් සමන්විත මෙම පොත ලබාගත හැකියි.

□ යෙහෝවාට ළං වන්න යන පොතෙහි පිටපතක් මා වෙත එවන්න.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.