Skip to content

පටුනට යන්න

බලපෑමක් කිරීමට සමත් වූ පොතක්

බලපෑමක් කිරීමට සමත් වූ පොතක්

බලපෑමක් කිරීමට සමත් වූ පොතක්

බොහෝ යෞවනයන් කාලයෙන් කාලයට පැමිණෙන පිළිවෙළකට නොමැති නවීන විලාසිතාවන් අනුකරණය කරන නිසා විනීතව අඳින්න උත්සාහයක් ගන්න අයව දකින විට එය ප්‍රීතියට හේතුවක්. කර්ගිස්ටාන්වල නගරයක් වන බෝල්ච්චීහි (කලින් සෝවියට් සමූහාණ්ඩුවේ) වෙසෙන තරුණයන් කණ්ඩායමකට අවශ්‍ය වුණා ඡායාරූපයක් ගැනීමට. ඔවුන් එම ඡායාරූපය ගැනීමට තීරණය කළේ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ පිට කවරයේ තිබෙන ඡායාරූපයේ යෞවනයන් සැරසී සිටින ආකාරයට ඇඳ පැළඳගෙනයි. ඔවුන් ඡායාරූප ශිල්පිනියක් ළඟට ගොස් එම පොතේ කවරයේ තිබෙන ආකාරයට ඡායාරූපයක් ගන්නා මෙන් ඇයගෙන් ඉල්ලා සිටියා. මේ සමඟ තිබෙන්නේ ඇය විසින් ගනු ලැබූ එම ඡායාරූපයයි.

ඡායාරූපය ගත් පසු තරුණයන් ඡායාරූප ශිල්පිනියට එම පොත දුන්නා. එම අවස්ථාවේදී ඇය එතරම් උනන්දුවක් පෙන්නුවේ නැහැ. එයට හේතුව, ඇයට බයිබලය කෙරෙහි විශ්වාසයක් නොතිබුණු නිසයි. එනමුත් දවස් කිහිපයකට පසු තරුණයෝ ඡායාරූපය රැගෙන යෑමට ස්ටූඩියෝවට පැමිණි විට ඈ කියා සිටියේ ඇගේ ජීවිත කාලයටම මෙවැනි පොතක් ඇය කියවා නොතිබූ බවයි. බයිබලය එවන් ප්‍රායෝගික උපදෙස් දෙන ග්‍රන්ථයක් බව ඇය කවමදාකවත් තේරුම්ගෙන නොසිටි බවත් ඒ ගැන තවත් බොහෝ දේ දැනගැනීමට අවශ්‍ය බවත් ඇය පැවසුවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය බයිබලය ගැන ඉගෙනගැනීමට පටන්ගත්තා.

වර්තමානයේ යෞවනයන් මුහුණ දෙන ගැටලු විසඳාගැනීමට උපකාරවත් වන අයුරින් සකසා තිබෙන මෙම පොතෙහි පිටපතක් ඔබටත් ඉල්ලුම් කළ හැකියි. මෙම සඟරාවෙහි තිබෙන කූපනය පුරවා එහි සඳහන් ලිපිනයට හෝ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට හෝ ලියන්න.

□ යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැඟිය හැකි පිළිතුරු නමැති පොතේ පිටපතක් ලබාගැනීමට මම සතුටුයි.

□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.