උණුහුමක් නැති ලෝකයකට!
උණුහුමක් නැති ලෝකයකට!
ළදරුවෙක් උපත ලබන්නේ පීඩනවලින් පිරුණු කටුක කිසිම උණුහුමක් නැති ලෝකයකටයි. මේ කිරිකැටියාට තමන්ගේ හැඟීම් වචනයෙන් ප්‍රකාශ කරන්න බැරි වුණත් උපතට පෙර සිටම සිදු වන දේවල් සම්බන්ධයෙන් කලලයට දැනෙන බව සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා.
නූපන් දරුවාගේ සැඟවුණු ජීවිතය (සිංහලෙන් නැත) නමැති පොතේ පවසන්නේ “නූපන් දරුවෙකු යනු ප්‍රතිචාරය දැක්වීමේ හැකියාව හා දැනීම් තිබෙන මිනිස් ජීවියෙක් බවත් හය මාසයක (හෝ ඊටත් පෙර) සිටම ඔහු ඉතා සංවේදී කෙනෙකු වන බවත් අපි දැන් සොයාගෙන තිබෙනවා” කියායි. මෙලොව එළිය දුටු ආකාරය ළදරුවාට මතක නැති වුවත් ඔහු ලබන්නාවූ ඒ වෙහෙසකාරී අද්දැකීම ඔහුගේ පසු කාලීන ජීවිතයට බලපානවාදෝ කියා විද්‍යාඥයෝ කල්පනා කරයි.
ඉපදීමෙන් අනතුරුව පීඩනය දිගටම පවතියි. මවගේ ගර්භාශයෙන් පිටතට පැමිණි පසු පෝෂණය හා ඔක්සිජන් සැපයූ බටය (පෙකණිවැල) හා තවදුරටත් කිසිම සම්බන්ධයක් නොමැති නිසා ළදරුවාට කෑම ඉබේම ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ. ජීවිතය පවත්වාගැනීමට ඔහුට ස්වෝත්සාහයෙන් හුස්ම ගැනීමට හා ආහාර ගැනීමට සිදු වෙනවා. ඔහුට ආහාර ලබා දීමට හා ඔහුගේ ශාරීරික අවශ්‍යතා සපුරා දීමට වෙනත් කෙනෙකුගේ උපකාර අවශ්‍යයි.
අලුත උපන් කිරිකැටියා මානසිකව, චිත්තවේගීයව හා ආධ්‍යාත්මිකව වර්ධනය විය යුතුයි. ඒ නිසා මේ සිඟිත්තාට කාගේ හෝ රැකවරණයක් අවශ්‍යයි. මේ වගකීම උසුලන්න වඩාත් සුදුසු තැනැත්තා කවුද? ළදරුවාට තම දෙමව්පියන්ගෙන් අවශ්‍ය කරන්නේ කුමක්ද? මෙම අවශ්‍යතා සපුරා දිය හැකි හොඳම ක්‍රමය කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඊළඟ ලිපි උපකාරවත් වෙයි.