Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් පහත සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” [සිංහලෙන් නැත, it] නමැති පොත බලන්න.)

1. පෙනීම ලබාගැනීම සඳහා යේසුස් අන්ධ මනුෂ්‍යයාට ඇස් සෝදාගන්න කිව්වේ කොහෙන්ද? (යොහන් 9:7)

2. යේසුස් පහතට පැන්නොත් දේවදූතයන් ආරක්ෂා කරාවියැයි සාතන් යේසුස්ට අභියෝග කළේ කුමන ස්ථානයේදීද? (මතෙව් 4:5, 6)

3. ජන සමූහයක් යේසුස්ගේ ‘සළුවේ දාවල්ලටවත් අත ගසන්ට ඉඩ දෙන්න’ කියා අයැද සිටියේ මන්ද? (මතෙව් 14:35, 36)

4. රෙදි සේදීම සඳහා පමණක්ම නොව ඊයම් සහ රිදී භාණ්ඩ පිරිසිදු කිරීම සඳහා ඉපැරණි කාලයේ භාවිත කළේ කුමන ද්‍රව්‍යයද? (යෙරෙමියා 2:22)

5. රෙබෙකාගේ කුලුඳුල් පුත්‍රයාට පටබැඳුණු නම් මොනවාද? එමෙන්ම කුමන හේතු නිසාද? (උත්පත්ති 25:25, 30)

6. කානාන් දේශය ගැන ඔත්තු බැලීම සඳහා තෝරාගත් ඔත්තුකාරයන් 12දෙනාට තිබිය යුතු වූයේ යෙහෝවා විසින් කියන ලද කුමන සුදුසුකම්ද? (ගණන් කථාව 13:2)

7. පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලිපිය ලිව්වේ කුමන රටේ සිටද? (හෙබ්‍රෙව් 13:24)

8. සාලමොන් රජ දේවමාලිගාව ගොඩනඟා අවසන් කළේ කුමන යුදෙව් මාසයේදීද? (1 රාජාවලිය 6:38)

9. අමලෙක්වරුන්ට විරුද්ධව කළ සටනේදී ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ජය අත් කර දෙන තෙක් මෝසෙස්ගේ අත් ඔසවා තබාගැනීමට ඔහුට උපකාර කළ දෙදෙනා කවුද? (නික්මයාම 17:12)

10. කඩිසරකම හා සහජයෙන් ලද ප්‍රඥාව සම්බන්ධයෙන් ප්‍රකට කුමන කෘමියාද? (හිතෝපදේශ 6:6)

11. යෙහෝවා මඟ පෙන්වූ ආකාරයට නිනිවයට නොගොස් යෝනා පලා යෑමට තැත් කළේ කිනම් දේශයටද? (යෝනා 1:2, 3)

12. මෝසෙස් කූඩාරම ගොඩනැඟුවේ කුමන ස්ථානයේද? (1 ලේකම් 21:29)

13. ලෙවීවරුන්ට දේශ සීමා නියම කර නොතිබුණද ඔවුන් ජීවිතයේ අවශ්‍යතාවන් සපුරාගත්තේ කෙසේද? (ගණන් කථාව 18:21)

14. යේසුස් නැවත නැඟිටුණු දවසේ ඔහු ක්ලෙයෝපස්ට හා තවත් ගෝලයෙකුට පෙනී සිටියේ කොහේදීද? (ලූක් 24:13)

15. කූඩාරම සෑදීමේදී යෙහෝවා ප්‍රධාන කර්මාන්ත ශිල්පීන් ලෙස තෝරාගත්තේ කවුරුන්වද? (නික්මයාම 31:1-11)

16. පාවුල් තමා සමඟ උරෙන් උර ගැටී සේවය කළ අයව බොහෝවිට හැඳින්වූයේ කවුරුන් ලෙසද? (පිලිප්පි 4:3)

17. යෙහෝවා ඊශ්‍රායෙලිතයන්ට ඔවුන්ගේ වස්ත්‍ර වාටිවල දාවලු සාදා, එම දාවලු පිට නිල් පටියක් අල්ලන ලෙස අණ කළේ මන්ද? (ගණන් කථාව 15:37-40)

18. අතිශුද්ධ ස්ථානයේ කෙරුබ් රූප දෙක හා එහි දොර සෑදීමට යොදාගත්තේ කුමන ලී වර්ගයද? (1 රාජාවලිය 6:23, 31)

19. යෙහෝවාට ඔහුගේ සෙනඟ පීඩා විඳින විට හැඟෙන ආකාරය පැහැදිලි කිරීමට ඔහු භාවිත කළ උපහැරණය ගැන සෙකරියා වාර්තා කරන්නේ කෙසේද? (සෙකරියා 2:8)

20. යෙසෙබෙල්ගේ පියා කවුද? (1 රාජාවලිය 16:31)

21. පිලාත් යේසුස්ව නිදහස් කිරීමට තැත් කළේ මන්ද? (ලූක් 23:4)

ප්‍රශ්න සඳහා පිළිතුරු

1. සිලෝවම් පොකුණෙන්

2. දේවමාලිගාවේ (පවුර) මුදුනේ

3. ඔවුන්ගේ රෝග සුව කරගැනීම සඳහා

4. අධික ලුණු (ක්ෂාරීය) සාන්ද්‍රණයකින් යුත් සබන් වර්ගයක්

5. උපදින විට අසාමාන්‍ය ලෙස රෝමවලින් වැසී සිටිය නිසා “ඒසව්” යන නමින්ද, රතු පාට කොල්ලු ව්‍යාංජනය කෑමට ඔහුගේ කුලුඳුල්කම වික්ක නිසා “ඒදොම්” යන නමින්ද හඳුන්වනු ලැබුවා

6. ඔවුන් ‘පිය ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්’ විය යුතු වුණා

7. ඉතාලියේ සිට

8. පරිශුද්ධ දිනදර්ශනයේ, බූල් ලෙස හැඳින්වූ අටවෙනි මාසයේදී

9. ආරොන් සහ හූර්

10. කුහුඹුවා

11. තර්ෂිෂ්ට

12. කාන්තාරයේ

13. ගව පට්ටිවලින් හා භූමියෙන් ලැබෙන අස්වැන්නෙන් දසයෙන් කොටසක් අනික් ගෝත්‍රවලින් ලැබුණා

14. එම්මාවුස්ට යන මඟෙහි

15. බෙශලෙල් සහ ඔහොලියාබ්

16. ‘මාගේ හවුල් සේවකයන්’ ලෙසයි

17. ඔවුන් යෙහෝවාගේ ශුද්ධ සෙනඟක් බවත් ඒ වගේම ඔවුන් දෙවිගේ නීති පැවැත්විය යුතු බවත් මතක් කිරීමටයි

18. වල් ඔලීව ගසේ ලී

19. ‘ඔබට අත ගසන්නා මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නේය’

20. ශීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්

21. ඔහු අත කිසි වරදක් සම්බ වුණේ නැති නිසා