Skip to content

පටුනට යන්න

මතකයේ තබාගත යුතු දිනයක් වර්ෂ 2004 අප්‍රියෙල් 4වන ඉරිදා

මතකයේ තබාගත යුතු දිනයක් වර්ෂ 2004 අප්‍රියෙල් 4වන ඉරිදා

මතකයේ තබාගත යුතු දිනයක් වර්ෂ 2004 අප්‍රියෙල් 4වන ඉරිදා

යේසුස් ක්‍රිස්තුස් තම මරණය අනුස්මරණය කිරීම පිණිස තමා මිය යෑමට කලින් රාත්‍රියේදී එය ස්ථාපිත කිරීමට කටයුතු කළා. ඔහු ප්‍රේරිතයන් සමඟ ඉතාමත් චාම් භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. ඒ සඳහා ඔහු මුහුන් නොදැමූ රොටි සහ වයින් සංකේත ලෙස භාවිත කළ අතර එහිදී යේසුස් “මා සිහි කරන පිණිස මෙය නොකඩවා කරන්න” කියා අණ කළා.—ලූක් 22:19NW.

වාර්ෂිකව පවත්වන මෙම අනුස්මරණය සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ හවුල් වීමට ඔවුන් ඔබට සාදරයෙන් ඇරයුම් කරයි. මෙම වසරේ එය පවත්වන්නේ බයිබලයේ චන්ද්‍ර දිනදර්ශනයේ නීසාන් 14වන දිනට අනුකූල වන අප්‍රියෙල් 4වන දා හිරු බැස ගියායින් පසුවයි. රැස්වීම පවත්වන ස්ථානය හා වේලාව හරියටම දැනගැනීම සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් විමසන්න.