Skip to content

පටුනට යන්න

දුම්වැටියයි මමයි නැහැ මිතුරු!

දුම්වැටියයි මමයි නැහැ මිතුරු!

දුම්වැටියයි මමයි නැහැ මිතුරු!

මෙම මාතෘකාව දෙනු ලැබුවේ අමෙරිකාවේ සිසුන් සිය ගණනක් සහභාගි වන මිසුරී ජනපදයේ වෛද්‍ය සංගමය (MSMA) විසින් පවත්වන ලද රචනා තරඟයකදීයි. පාසැල් 42කින් සිසුන් 675ක් පමණ තරඟයට සහභාගි විය. ත්‍යාගය දිනාගනු ලැබුවේ 12 හැවිරිදි බ්‍රියැනා විසිනුයි. ඇගේ කාව්‍ය නිර්මාණය එම සංගමය විසින් පළ කරන මිසුරී මෙඩිසින් යන සඟරාවේ පළ කළේය. එම සංගමයේ වාර්ෂික සමුළුවේදී බ්‍රියැනාට ආරාධිත අමුත්තන් ඉදිරියේ තම කවිය කියවීමේ භාග්‍යයද ලැබුණාය. ඇය එය කියවීමට පෙර ඇගේ ශ්‍රාවක පිරිස ඇමතුවාය.

“මම යෙහෝවාගේ සාක්ෂිකාරියක්. මෙම කවිය නිර්මාණය කරන්න සියලුම කරුණු ලබාගත්තේ පිබිදෙව්! සඟරාවෙන්. ඇත්තම කියනවා නම් මගේ කවියේ මම කැමතිම වාක්‍ය කණ්ඩය ලිවීම සඳහා මගේ සිතට අදහස ගලා ආවේ මෙම පිබිදෙව්! සඟරාවේ තිබෙන මුල් පිටුවෙන්. එහි පෙන්නුම් කරන්නේ හිස් කබලක මුඛයේ දුම්වැටියක් ගසා තිබෙන ආකාරයයි. ‘මරණය විකිණීමට තිබේ’ කියා එහි සඳහන් වෙනවා. අවුරුදු ගණනාවක් පුරා පිබිදෙව්! සඟරාව දුම්පානයෙන් ඇති වන අහිතකර ප්‍රතිවිපාක ගැන බොහෝ ලිපි පළ කර තිබෙනවා.”

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දුම්පානය ප්‍රතික්ෂේප කරති. ශරීරය අපවිත්‍ර කරන ඕනෑම නිෂ්පාදනයක් කැමැත්තෙන්ම පාවිච්චි කිරීම ඔවුන් දකින්නේ තෑග්ගක් වශයෙන් දී තිබෙන තම ජීවිතයට සහ මැවුම්කරුට කරන අගෞරවයක් ලෙසටයි. (ක්‍රියා 17:24, 25) එම නිසා ඔවුන් මෙම ශුද්ධ ලියවිලි උපදේශය පිළිපදියි. “මාංසය සහ ආත්මය දූෂ්‍ය කරවන සෑම දෙයකින්ම අපි අපව පවිත්‍ර කරගනිමු.”—2 කොරින්ති 7:1, NW.

අනෙකුත් සාක්ෂිකාර යෞවනයන් මෙන් බ්‍රියැනාද බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට වෙර දරයි. ඇත්තවශයෙන්ම එසේ හැසිරෙන සියලුම යෞවන අය ඔවුන්ගේ මැවුම්කරුගේ හදවත ප්‍රීතිමත් කරන බව නිසැකයි.—හිතෝපදේශ 27:11.

[31වන පිටුවේ පින්තූරය]

බ්‍රියැනා (දැන් අවුරුදු 14යි) ඇගේ කාව්‍ය නිර්මාණය අත දරාගෙන