Skip to content

පටුනට යන්න

“යාච්ඤාවකට ලැබුණු පිළිතුරක්”

“යාච්ඤාවකට ලැබුණු පිළිතුරක්”

“යාච්ඤාවකට ලැබුණු පිළිතුරක්”

අයර්ලන්තයේ පැවති යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික් සමුළුවකදී, වයස අවුරුදු නවයක පුතෙක් සිටින මවක් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත මුදාහැරිය අවස්ථාව ගැන විස්තර කළේ එලෙසටයි. “මගේ ඇස් දෙකේම කඳුළු පිරුණා! මොකද මගේ පුතාත් එක්ක කොයි ප්‍රකාශනයද පාඩම් කරන්නේ කියලා මම ගිය සතියේ තමයි කල්පනා කළේ. මේ පොත ලැබුණු එක විශේෂ ආශීර්වාදයක් කියලා මට හැඟෙනවා” යයි ඇය පැවසුවා.

“ටිකක් ගැඹුරු බයිබල් සත්‍යයන් සිත්ගන්නා විදිහට සහ සරල ආකාරයකින් ඔහුට පහදා දෙන්න මට උපකාර කරන්න කියා මම යෙහෝවාගෙන් ඉල්ලුවා. කොහෙන්ද පටන්ගන්නේ කියලා මට තේරුණේ නැහැ. ඉතින් පින්තූරුවලින් පිරුණු මේ ලස්සන පොත ලැබීම ඇත්තෙන්ම මගේ යාච්ඤාවකට ලැබුණු පිළිතුරක්” කියා එම ස්ත්‍රිය විස්තර කරයි.

අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ වෙසෙන දරුවන් පස්දෙනෙකුගේ මවක් ඊට සමාන ලිපියක් ලීවා. “සමුළුවෙන් පසුව අපි නැවතී සිටි හෝටලයට එන ගමන්, මගේ බාල දරුවන් තුන්දෙනා උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු පොත බල බලා ආවා. ඔවුන් තමන්ට රිසි පරිදි ඒකේ කොටස් තෝරගෙන කියවලා ඒවා ගැන සාකච්ඡා කරමින් සිටියා.”

“යෙහෝවාගෙන් ලැබුණු මෙම ත්‍යාගය ගැන මට නම් දැනුණේ ඇත්තෙන්ම ඉමහත් ප්‍රීතියක්. ඒක හරියට දරුවෙක් ඉපදුණු විට, විවාහ වූ දවසේදී, බව්තීස්ම වූ දවසේදී හෝ විශ්වයේ මැවුම්කරුගෙන් වරප්‍රසාදයක් ලැබෙද්දී දැනෙන ප්‍රීතිය වගෙයි. සමහරවිට අපේ ආදරණීය පියා වන යෙහෝවාට වචනවලින් කියාගන්න බැරි දේවල් අපේ දෙනෙතට නැඟෙන සතුටු කඳුළුවලින් කියනවා ඇති” කියාද ඇය පැවසුවා.

මෙම සඟරාවේ පිටුවල ප්‍රමාණයටම නිමවූ පිටු 256කින් යුත්, ලස්සන පින්තූරු තිබෙන මෙම පොත අධ්‍යයනය කිරීමෙන් පසුව ඔබටත් එසේ හැඟෙන්න පුළුවන්. ඔබට පිටපතක් අවශ්‍ය නම්, මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කරන්න.

□ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මම කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.