තනිකමට සාර්ථකව මුහුණ දීම
තනිකමට සාර්ථකව මුහුණ දීම
තනිකමට සාර්ථකව මුහුණ දීම පහසු දෙයක් නෙවෙයි. මන්ද එය ඉතා ගැඹුරින් මුල්බැසගත් හැඟීමක් වන නිසයි. එයට හොඳින් මුහුණ දෙන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ කොහොමද? ගැඹුරින් මුල්බැසගත් මෙම හැඟීම ජයගැනීමට සමහරුන් කුමක් කර තිබෙනවාද?
තනිකමට මුහුණ දීම
සමහර තීරණ ගන්න අවස්ථාවලදී තනියෙන් සිටීමට හෙලන් * කැමතියි. නමුත් තනිකම භයානක දෙයක් විය හැකි බව ඇයට හිතෙනවා. ඇගේ කුඩා කාලයේදී, ඇයත් ඇගේ දෙමාපියන් අතරත් හොඳ අදහස් හුවමාරුවක් තිබුණේ නැහැ. ඔවුන්ගේ අවධානය ලබාගන්න නොහැකි වූ හෙලන් තම කාමරයට ගොස් දොර වසාගන්නවා. “මට ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති වුණා. මම මානසික අවපීඩනයට ගොදුරු වුණා. මගේ දෙමාපියන් ‘මගේ ගැටලු ගණන් ගන්නේ නැතිකොට, මම මොකටද එයාලාගේ ගැටලු ගැන හිතන්නේ?’ කියා මම මටම කියාගත්තා. පස්සේ මම හිතුවා මම විවාහ වුණොත් මගේ පාළුව මැකෙයි කියලා. මම විවාහය සැලකුවේ මගේ තනිකමෙන් මිදීමට තිබෙන මඟක් හැටියටයි. නමුත් පසුව මම මෙහෙම කල්පනා කළා. ‘ඇයි මම තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්නේ? මුලින් මම කල්පනා කරන විදිහ හරිගස්සා ගන්න ඕනේ!’ මම යාච්ඤාවෙන් යෙහෝවාගේ උපකාරය ඉල්ලා මගේ සිතේ වේදනාව ඔහු ඉදිරියේ වැගිරෙව්වා.”
යෙසායා 41:10 ඊට නිදසුනක්. ‘භය නොවන්න. මක්නිසාද මම ඔබ සමඟ සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම ඔබේ දෙවිය. මම ඔබ ශක්තිමත් කරන්නෙමි. එසේය, ඔබට [ඇත්තෙන්ම, NW] උපකාර කරන්නෙමි. එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් ඔබ උසුලන්නෙමි.’ මට පියෙකුගේ අඩුව දැනුණ නිසා, ඒ වචන මට ගොඩාක් උපකාරවත් වුණා. දැන් මම හැමදාම බයිබලය කියවා මගේ ස්වර්ගීය පියාණන්ට යාච්ඤා කරනවා. මගේ තනිකමෙන් ජයගැනීමට මම ඉගෙනගෙන තියෙනවා.”
“බයිබලයේ තිබුණු සැනසිලිදායක වදන් මම කියෙව්වා.ප්‍රේමණීයයෙකුගේ වියෝව නිසා ශෝකය ඇති වන අතර මෙය තනිකමට හේතු විය හැකියි. වයස අවුරුදු 16ක් වන ලුවීසා ඇගේ සිත්තැවුල මේ විදිහට විස්තර කරනවා. “මට වයස අවුරුදු පහේදී මගේ තාත්තා හදිස්සියේ මැරුණා. මම හිතුවා මගේ ආච්චිගෙන් මට යම් සහනයක් ලැබෙයි කියලා. නමුත් ඇගේ ආදරය මට කවදාවත් දැනුණේ නැහැ. මගේ ළමා වියේදී, මට ආදරය සෙනෙහස හුඟාක්ම අවශ්‍ය කාලයේදී මට ඒක ලැබුණේ නැහැ. මට අවුරුදු අටත් නවයත් අතර කාලය තුළ මගේ ජීවිතය නැති කරගන්න මම තුන් වරක්ම උත්සාහ කළා. මටත් මගේ අක්කලා තුන්දෙනාටත් කෑම බීම සැපයීමට මගේ අම්මට සෑහෙන්න වෙහෙසක් දරන්න සිදු වූ නිසා මම මැරුණා නම් මගේ පවුලේ බර අඩු වෙයි කියලා මම හිතුවා. ඊටපස්සේ අපි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරන්න පටන්ගත්තා. තරුණ විවාහක යුවළක් මං ගැන සැබෑ උනන්දුවක් දැක්වූවා. ඔවුන් මට මෙහෙම කිව්වා. ‘ඔයා අපිට වටිනා කෙනෙක්. අපිට ඔයාව අවශ්‍යයි.’ ‘අපිට ඔයාව අවශ්‍යයි’ යන වචන ටිකෙන් මම හුඟාක් ශක්තිමත් වුණා. සමහරවිට මගේ සිතේ තියෙන හැඟීම් තව කෙනෙකුට කියන්න මට හරි අමාරුයි. නමුත් මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පළ වූ ලිපි කියවීමෙන් පසුව මම යෙහෝවාට ස්තුති කරනවා. මොකද ඒ ප්‍රකාශන මාර්ගයෙන් ඔහුගේ ප්‍රේමය මට අද්දකින්න පුළුවන් වෙලා තියෙන නිසා. මගේ ජීවිතය තුළ මම වෙනස්කම් ගොඩාක් කරලා තියෙනවා. දැන් මට හිනා වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම මගේ අම්මට මගේ දුකත් ප්‍රීතියත් තේරුම් කරලා දෙන්න මට දැන් පුළුවන්. සමහරවිට මට අතීතය මතක් වෙනවා. ඒත් ඉස්සර වගේ මගේ ජීවිතය නැති කරගන්නවත් මම ප්‍රේම කරන අයත් එක්ක කතා නොකර ඉන්නවත් මට හිතෙන්නේ නැහැ. ගීතිකාකාර දාවිත් පැවසූ දෙය මම නිතරම මතක් කරගන්නවා. ‘මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා [මම දැන් කතා කරන්නෙමි, NW] ඔබ ඇතුළේ සමාදානය වේවා.’”—ගීතාවලිය 122:8.
මාර්ටා දික්කසාද වී දැන් වසර 22ක් වෙනවා. ඒ කාලය තුළ ඇය තමාගේ දරුවාවත් ඇති දැඩි කළා. “මම යම් විදිහකින් අසාර්ථක වෙලා තියෙනවා කියලා මට හිතෙන විට නොවටිනාකමේ සහ තනිකමේ හැඟීම් මට ඇති වෙනවා” කියා ඇය පවසනවා. මෙම හැඟීම් සමඟ ඇය සාර්ථකව කටයුතු කරන්නේ කොහොමද? ඇය මෙසේ පැහැදිලි කරයි. “ඒ හැඟීම් එක්ක සාර්ථකව කටයුතු කිරීමට මම සොයාගෙන තිබෙන හොඳම ක්‍රමය තමා වහාම ඒවා ගැන යෙහෝවා සමඟ කතා කිරීම. යාච්ඤා කරන විට මම තනි වෙලා නැහැ කියලා මට දැනෙනවා. මට මාවම
තේරුම්ගන්න බැරි අවස්ථා තිබුණත් මට වඩා හොඳින් යෙහෝවා මාව තේරුම්ගන්නවා. අන් අය ගැන පුද්ගලික උනන්දුවක් දැක්වීමට ක්‍රම සොයන්නත් මම උනන්දු වෙනවා. නිෂේධාත්මක හැඟීම් ජයගැනීමට විශේෂ බලවත් ආයුධයක් මට තියෙනවා. ඒ තමා මගේ පූර්ණ කාලීන දේවසේවය. දේවරාජ්‍යය මගින් ලැබෙන ආශීර්වාද ගැන අන් අය සමඟ කතා කරන විට, ඔවුන්ට අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති බවත් ඔවුන්ගේ ගැටලුවලට විසඳුමක් නැහැයි කියා ඔවුන්ට හැඟෙන බවත් අපිට වැටහෙනවා. නමුත් අපිට තිබෙන බලාපොරොත්තුව නිසා නිෂේධාත්මක හැඟීම් ජයගෙන ජීවත් වීමට හොඳ හේතු තිබෙන බව අපිට පැහැදිලි වෙනවා.”එල්බාට දැන් වයස අවුරුදු 93ක් වෙනවා. ඇගේ එකම දැරිය විදේශ රටක මිෂනාරිවරියක් ලෙස සේවය කරයි. එල්බා තනිකමේ හැඟීම්වලට සාර්ථකව මුහුණ දෙන්නේ මේ විදිහටයි. “මගේ දියණියටත් ඇගේ ස්වාමිපුරුෂයාටත් ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වීමට ඇරයුමක් ලැබුණ අවස්ථාවේදී කියාගන්න බැරි ප්‍රීතියක් ඔවුන්ගේ මුහුණුවල දිස් වුණා. මමත් ඔවුන් සමඟ ප්‍රීති වුණා. හැබැයි පසුව ඔවුන්ට විදේශ රටක සේවය කිරීමට පැවරුමක් ලැබුණා. එවිට මම ටිකක් ආත්මාර්ථකාමී වෙන්න පටන්ගත්තා. ඔවුන් තවදුරටත් ළඟ පාතක නොසිටින බව මට තේරුණා. ඒ නිසා මට අමුතු දුකක් දැනුණා. ඒක හරියට විනිශ්චයකරුවන් 11වන පරිච්ඡේදයේ විස්තර කර තිබෙන යෙෆ්තා සහ ඔහුගේ එකම දියණිය මුහුණ දුන්න තත්වයට සමාන එකක්. ඇඬූ කඳුළින් යෙහෝවාගෙන් සමාව ඉල්ලා යාච්ඤා කරන්න මට සිද්ධ වුණා. හැබැයි මගේ දරුවෝ නම් නිතරම මාත් එක්ක ඔවුන්ගේ විස්තර බෙදාගන්නවා. ඔවුන් ගත කරන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක් වුවත් කොතැනක සේවය කළත්, ඔවුන් ක්ෂේත්‍ර සේවයේ ලැබූ අද්දැකීම් මෙන්ම ඔවුන්ගේ අනිකුත් වැඩකටයුතු ගැන මාත් එක්ක විස්තර බෙදාගන්න කොහොමහරි කාලය හොයාගන්නවා. මම ඔවුන්ගේ ලිපි නැවත නැවත කියවනවා. ඒ නිසා මට දැනෙන්නේ ඔවුන් හැම සතියේම මාත් එක්ක කතා කරනවා වගෙයි. මං ඒ ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ සභාවේ සිටින ක්‍රිස්තියානි වැඩිමහල්ලනුත් වයස්ගතවූ බෙලහීන වූ අපට අවශ්‍ය අවධානය දෙනවා. සභා රැස්වීම්වලට යන්න අපට ප්‍රවාහන පහසුකම් තිබෙනවාද, ඒ වගේම වෙනත් අවශ්‍ය කරන දේවල් අපට තිබෙනවාද කියා ඔවුන් නිතරම සොයා බලනවා. මගේ ආත්මික සහෝදර සහෝදරියන්ව මම සලකන්නේ, යෙහෝවාගෙන් මට ලැබුණු ආශීර්වාදයක් ලෙසටයි.”
ඔබටත් පුළුවන් තනිකමට සාර්ථකව මුහුණ දෙන්න
ඔබ යෞවන වුවත්, මහලු වුවත්, තනිකඩ වුවත්, විවාහක වුවත්, දෙමව්පියන් සිටින දරුවෙක් වුවත්, අනාථ දරුවෙක් වුවත්, ඔබගේ ප්‍රේමණීයයන්ව ඔබට අහිමි වී තිබුණත් හෝ ඔබ වෙන යම් ආකාරයක තනිකමකට මුහුණ දෙමින් සිටියත්, ඔබේ හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කළ හැකි ක්‍රම තිබෙනවා. විදේශ රටකට යෑම සඳහා සාමාජිකයන් හයදෙනෙකුගෙන් යුත් තම පවුල අත්හැර දමා ගිය පියෙකු සිටි වයස අවුරුදු 18ක යෞවනියක් වන හෝකාබෙඩ් මෙහෙම කියනවා. “විවෘතව කතා කරන්න! අපේ හැඟීම් ප්‍රකාශ කිරීම හරි වැදගත්. එහෙම නැත්නම් කාටවත් අපිව තේරුම්ගන්න බැරි වෙයි.” ඇය මෙහෙම දෙයක් යෝජනා කරනවා. “ඔබ ගැන විතරක්ම කල්පනා කර කර ඉන්න එපා. මේරූ අයගෙන් උපකාර ඉල්ලන්න. වෙනත් යෞවනයන් සමහරවිට ඔබ සිටින තත්වයට වඩා අන්ත තත්වයක සිටිය හැකි නිසා ඔවුන්ගෙන් උපකාරය ඉල්ලීමෙන් වළකින්න.” මෙය අප කලින් සඳහන් කළ ලුවීසාගේ අදහසයි. “සමහර ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ කියා අපට හැඟුණත්, යෙහෝවාට හෘදයාංගම ලෙස යාච්ඤා කිරීමෙන් ඒවා විසඳීමට අපට අවශ්‍ය උපකාරය ලැබෙනවා.” කොර්කේගේ බිරිඳ මිය ගියා. ඔහු තනිකමට සාර්ථකව මුහුණ දෙන්නේ මෙහෙමයි. “නිරන්තර උත්සාහයක් දැරීම අවශ්‍යයි. අන් අය ගැන උනන්දුවක් දැක්වීම මට ගොඩාක් උපකාරවත් වෙලා තියෙනවා. අන් අය එක්ක කතා බහ කිරීමේදී ‘එකිනෙකා කෙරෙහි අනුකම්පාව දැක්වීම’ මගින් අපේ සාකච්ඡාවන් වඩාත් අර්ථවත් විය හැකි අතර, ඔවුන් තුළ තිබෙන ලස්සන ගතිගුණ දැකගැනීමටද එය අපට උපකාරවත් විය හැකියි.”—1 පේතෘස් 3:8.
තනිකමෙන් ජයගැනීමට බොහෝ දේවල් කළ හැකියි. හැබැයි තනිකම පාළුව නැත්තටම නැති කාලයක් කවදා හෝ උදා වේවිද? එවැනි කාලයක් පැමිණෙනවා නම් එය සිදු වන්නේ කොහොමද? ඊළඟ ලිපිය මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.
[පාදසටහන]
^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“සමහර ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ කියා අපට හැඟුණත්, යෙහෝවාට හෘදයාංගම ලෙස යාච්ඤා කිරීමෙන් ඒවා විසඳීමට අපට අවශ්‍ය උපකාරය ලැබෙනවා.”—ලුවීසා
[7වන පිටුවේ කොටුව⁄පින්තූර]
තනිකමෙන් මිදීමට ගත හැකි පියවර
▪ ඔබේ තත්වය වෙනස් කළ හැකි බවත් එය කල් පවතින එකක් නොව වෙනත් අයත් අද්දකින සාමාන්‍ය තත්වයක් බවත් මතක තබාගන්න.
▪ ඔබෙන් ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඔබට පුළුවන් දේවල් විතරක් කරන්න.
▪ සාමාන්‍යයෙන් ඔබ ගැන සෑහීමට පත් වී සිටින්න.
▪ ආහාර ගැනීම හා ව්‍යායාම් කිරීම සම්බන්ධයෙන් හොඳ පුරුදු වර්ධනය කරගන්න. ප්‍රමාණවත් නින්දක් ලබන්න.
▪ ඔබ තනියෙන් ගත කරන කාලය, නිර්මාණශීලී දේවල් කිරීමට සහ අලුත් දේවල් ඉගෙනගැනීමට යොදාගන්න.
▪ ඔබට හමු වන අයව ඔබ අතීතයේ ලැබූ අද්දැකීම්වලට අනුව විනිශ්චය කිරීමෙන් වළකින්න.
▪ ඔබේ මිත්‍රයන් හා ඔවුන්ගේ සුවිශේෂ ගුණාංග අගය කරන්න. හොඳ මිතුරු කැලක් සොයාගැනීමට උත්සාහ කරන්න. වයසින් වැඩි අද්දැකීම් ලත් අයගේ අදහස් විමසන්න.
▪ අන් අය වෙනුවෙන් යම් යම් දේවල් කරන්න. ඔවුන් සමඟ සිනාසෙන්න. කාරුණික දෙයක් කියන්න. බයිබලයේ සඳහන් යම් සිතුවිල්ලක් ඔවුන් සමඟ බෙදාගන්න. අන් අයට අපව අවශ්‍ය බවක් හැඟීම තනිකමට හොඳ බෙහෙතක්.
▪ රූපවාහිනියේ නැතහොත් සිනමාවේ තරු සමඟ හෝ අන්තර්ජාලයේ නැතහොත් පොත් පත්වල සිටින චරිත සමඟ හෝ ප්‍රේම සම්බන්ධතා සිතින් ඇති කරගෙන ඒ ගැන සිහින මැවීමෙන් වළකින්න.
▪ ඔබ විවාහකයි නම්, ඔබේ චිත්තවේගීය අවශ්‍යතා සියල්ලක්ම ඔබේ කලත්‍රයා මාර්ගයෙන් ඉටු වෙයි කියා සිතන්න එපා. ලබාගැනීමට පමණක් නොව දීමටත්, එකිනෙකාට සහාය වීමටත් පුරුදු වෙන්න.
▪ අන් අය සමඟ අදහස් හුවමාරු කිරීමටත් හොඳින් සවන් දීමටත් ඉගෙනගන්න. අන් අය සහ ඔවුන් උනන්දු වන දේවල් ගැන අවධානය යොමු කරන්න. සංවේදනය පෙන්වන්න.
▪ ඔබට තනිකමක් දැනෙන බව පිළිගන්න. ඔබ විශ්වාස කරන, මේරූ මිත්‍රයෙකු සමඟ ඒ ගැන කතා කරන්න. අමාරුවෙන් ඉවසගෙන නිහඬව සිටින්න එපා.
▪ අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් වළකින්න. එහෙමත් නැත්නම් මත්පැන් පානය නොකරම සිටින්න. ඔබේ ගැටලු යටපත් කර තැබීමේ හැකියාව මත්පැන්වලට නැහැ. වැඩි කල් යන්නට පෙර ඒවා නැවතත් ඉස්මතු වෙනවා.
▪ උඩඟු වෙන්න එපා. ඔබව රිදවන අයට සමාව දී සම්බන්ධය යළි ගොඩනඟා ගන්න. අන් අයව විශ්වාස කිරීමට උත්සාහ කරන්න.
[6වන පිටුවේ පින්තූරය]
තනිකම සමඟ සාර්ථකව කටයුතු කිරීමට කෙනෙකුට පුළුවන් කොහොමද?