Skip to content

පටුනට යන්න

“දෙවි සමඟ ගමන් කිරීමෙන් දැනටත් සදහටත් ආශීර්වාද ලැබෙයි”

“දෙවි සමඟ ගමන් කිරීමෙන් දැනටත් සදහටත් ආශීර්වාද ලැබෙයි”

“දෙවි සමඟ ගමන් කිරීමෙන් දැනටත් සදහටත් ආශීර්වාද ලැබෙයි”

ජීවිතය දිගු ගමනක්යයි බොහෝවිට කියයි. වැඩි දෙනෙකුට හැඟෙනවා හා සමානව, මේ ගමනේදී ඔබ අතරමං වෙලා කියා ඔබටත් කවදා හෝ හැඟී තිබෙනවාද? අද බොහෝදෙනෙකුට එසේ හැඟෙනවා. අද අප මේ ලෝකයේ ජීවත් වන්නේ පුදුමාකාර පීඩනයක් යටතේයි. අප අවට සමාජය සැහැසියාවෙන් හා අනාචාරයෙන් වඩාත් දරුණු අතට හැරෙද්දී ඒවා පාලනය කිරීමට අපට බලය නැති නිසා ඒවායින් අපද බැට කනවා කියා අපට සිතෙන්න පුළුවන්. මෙවැනි කලබලකාරී තත්වයන් යටතේදී පය පටලවා නොගෙන ස්ථිරව සිටීමට අපට හැක්කේ කෙසේද? අපේ ජීවන ගමන සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?

මෙයට ලස්සන මෙන්ම සහනදායී පිළිතුරක් බයිබලයේ ගැබ් වී තියෙනවා. අපට කදිම ප්‍රස්තාවක් තිබෙන බව එහි පෙන්වනවා. එය නම් අපට දෙවි සමඟ ගමන් කළ හැකිවීමයි. මෙම සිතුවිල්ලට පවා සමහර අය සමච්චල් කරන්න පුළුවන්. මේ ගැන සිතා බලන්න. හුදු මනුෂ්‍යයෙක් විශ්වයේ සර්වබලධාරී මැවුම්කරු සමඟ ගමන් කරන්නේ කෙසේද? බයිබලයේ පෙන්නුම් කරනවා එය කළ හැකි දෙයක් බව. දෙවි සමඟ ගමන් කිරීම කියන්නේ මේ කරදරකාරී ලෝකය තුළ වුවත් හොඳම හා ප්‍රීතිමත්ම ජීවිත ගත කිරීමයි. නමුත් මෙයට ඇතුළත් වන්නේ කුමක්ද? එලෙස ගමන් කිරීමෙන් අපට ලැබෙන ආශීර්වාද මොනවාද?

“දෙවි සමඟ ගමන් කිරීමෙන් දැනටත් සදහටත් ආශීර්වාද ලැබෙයි” යන මාතෘකාවෙන් යුත් හද උණුසුම් කරවන කතාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි. මෙම ප්‍රසිද්ධ ඇමතුම මේ මාසයෙන් ඇරඹෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුවලදී ඉදිරිපත් කරනු ලබයි. මෙවැනි සමුළු ලොව වටා ස්ථාන සිය ගණනකදී පැවැත්වේ. ඔබට ආසන්නම සමුළුව පැවැත්වෙන ස්ථානය දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එසේත් නැත්නම් මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න. මෙම සඟරාව සමඟ ඉදිරිපත් කරනු ලබන මුරටැඹ සඟරාවේ 2004 මාර්තු 1 කලාපයේ සමුළු පවත්වන ස්ථානවල ලිපිනයන් සඳහන් වේ.