Skip to content

පටුනට යන්න

‘අපට නොපෙනුණත් ඇත්තටම යම් කෙනෙක් ඉන්නවා’

‘අපට නොපෙනුණත් ඇත්තටම යම් කෙනෙක් ඉන්නවා’

‘අපට නොපෙනුණත් ඇත්තටම යම් කෙනෙක් ඉන්නවා’

අමෙරිකා එක්සත් ජනපදයේ නිව් මෙක්සිකෝවේ අවුරුදු 13ක් වයසැති ගැහැනු ළමයෙක් මෙසේ ලිව්වා. “පරිණාමය සම්බන්ධයෙන් පන්තියේ පැවතුණු සාකච්ඡාවකදී මැවුම්කරුවෙකු සිටිනවා කියා ඔප්පු කිරීමට තිබෙන සියලුම සාක්ෂි ගැන මම නිර්භීතව කතා කළා. මම අපේ විද්‍යා ගුරුවරයාට ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොතෙන් මට ලැබුණු ප්‍රයෝජන ගැන විස්තර කරලා ඔහුටත් කියවලා බලන්න කියා පිටපතක් දුන්නා. ඔහු මට අවංකවම ස්තුති කරලා පොත ලබාගත්තා.

“මම දුන්නු පොත කියෙවූ බවත් එය ඔහු තම ජීවිතේටම කියවලා තියෙන හොඳම පොත් අතරින් එකක් බවත් සති කිහිපයකට පස්සේ ඔහු මට කිව්වා.

“මේ පොත දීලා වැඩි කලක් ගත වෙන්න කලින් අවුරුදු 15ක් වයසැති ලස්සන ශිෂ්‍යාවක් දිවි නසාගත්තා. මේ සිදුවීම නිසා ගොඩක් ශිෂ්‍යයන් කම්පාවට පත් වී දුකෙන් අඬ අඬයි විද්‍යා පන්තියට ආවේ. මේ කාරණය ගැන විද්‍යා ගුරුවරයා පන්තියේදී සාකච්ඡා කරන්න පටන්ගත්තාම මම පුදුමයට පත් වුණා. ඔහු කතාව ආරම්භ කළේ මෙන්න මෙහෙමයි. ‘ඔයගොල්ලන් දන්නවාද මට මේ මරණය දරාගන්න පුළුවන් වුණේ මොකක් නිසාද කියලා?’ මම ඔහු වෙනුවෙන් කළ යම් දෙයක් නිසයි ඔහුට එය දරාගත හැකි වූයේ කියා ඔහු පන්තියේ ශිෂ්‍යයන්ට පැහැදිලි කළා. ඊටපස්සේ ඔහු මෙහෙම කිව්වා. ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන මේ පොඩි පොත ඇය මට දුන්නා. මට එය උපකාරවත් වුණා අපට නොපෙනුණත් ඇත්තටම අපි ගැන සලකන කෙනෙක් ඉන්න බව තේරුම්ගන්න. ඒ වගේම අපට කවුරු ඇහුම්කන් දුන්නේ නැතත් ඔහු අපට ඇහුම්කන් දෙන බව දැනගැනීමටත් එය මට උපකාරවත් වුණා.’ ඔහුගේ ඒ වචනවලින් පන්තියේ ශිෂ්‍යයන්ගේ කනස්සල්ල අඩු වුණා විතරක් නෙවෙයි ලොකු සැනසීමකුත් ලැබුණා.”

දෙවිගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ස්ථිරසාර විද්‍යාත්මක සාක්ෂි තිබෙනවාද කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? එහෙමනම් ඔහු අප ගැන සලකනවා කියා විශ්වාස කිරීමට හේතු තිබෙනවාද? අපි මෙම පිටු 192කින් යුත් සිත් ඇදගන්නාසුලු පොත කියවීමට ආරාධනා කරනවා.

මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කරන්න ඔබට පුළුවන්.

□ ඔබ ගැන සලකන මැවුම්කරුවෙකු සිටීද? නමැති පොතේ පිටපතක් ලබාගැනීමට මම කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.

[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

J. Hester and P. Scowen (AZ State Univ.), NASA