Skip to content

පටුනට යන්න

‘පීඩා යටතේ විඳදරාගන්න මට එය උපකාරවත් වෙනවා’

‘පීඩා යටතේ විඳදරාගන්න මට එය උපකාරවත් වෙනවා’

‘පීඩා යටතේ විඳදරාගන්න මට එය උපකාරවත් වෙනවා’

යෙහෝවාට ළං වන්න පොත ගැන අමෙරිකා එක්සත් ජනපදයේ කනෙක්ටිකට් නගරයේ එක් පාඨකයෙක් විස්තර කළේ එලෙසයි. “මම හැමදාම ඒ පොතෙන් ටිකක් අධ්‍යයනය කරනවා. මානසික පීඩනය නිසා මට ස්වභාවයෙන් කෙරෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවා මහ බරක් වගේ දැනෙන දවස්වල ටික වේලාවක් ඒ පොත අධ්‍යයනය කිරීම පීඩා යටතේ විඳදරාගන්න මට උපකාරවත් වෙලා තිබෙනවා” කියා ඇය පැවසුවා.

ඇය මෙසේද පැවසුවා. “හැට නවවෙනි පිටුවේ තිබෙන මුදු මොළොක් ගුණැති එඬේරාගේ පින්තූරය මගේ සිතට ලොකු ප්‍රබෝධයක් ලබා දුන්නා. ඒ වගේම 28වෙනි පිටුවේ 8වෙනි ඡේදයේ ගිනි ඇවිළෙන පඳුර අසල මෝසෙස් ලැබූ අද්දැකීම සම්බන්ධ කරුණත් මම අගය කරනවා. ‘ඒ අවස්ථාවට යෙහෝවා සම්බන්ධ වූ නිසා අවට තිබුණ බිමද ශුද්ධ වුණා!’ ඒ පඳුර අවට බිම පවා යෙහෝවාට ශුද්ධ තත්වයකට ගේන්න පුළුවන් නම් මට මං ගැන පුංචි බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන්. මම විටින් විට ඉස්මතු වෙන මානසික අවපීඩනයට මුහුණ දෙන නිසා මේ අදහස මට මහත් උපකාරයක් වෙලා තිබෙනවා.”

අප විශ්වාස කරනවා මේ පිටු 320කින් සමන්විත යෙහෝවාට ළං වන්න පොත ඔබත් කියවීමෙන් ප්‍රයෝජනයක් ලබයි කියා. මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

□ යෙහෝවාට ළං වන්න නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මම සතුටුයි.

□ නොමිලයේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.