Skip to content

පටුනට යන්න

යහපත් ගුණ ධර්ම ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

යහපත් ගුණ ධර්ම ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

යහපත් ගුණ ධර්ම ඔබට සොයාගත හැක්කේ කොහෙන්ද?

අප ජීවත් වෙන්නේ සදාචාර ප්‍රතිපත්ති දිනෙන් දින වෙනස් වන ලෝකයකයි. අතීතයේ හෙළා දුටු වංක ක්‍රියාවල එතරම් වරදක් අද දකින්නේ නැහැ. හොරු හා වංචාකාරයන් ගැන ජනමාධ්‍යය තුළ නිතරම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. ඔවුන්ව සලකන්නේ වීරයන් හැටියටයි. ඇත්තෙන්ම අද බොහෝදෙනෙක් බයිබලයේ සඳහන් කර තිබෙන විස්තරයට ගැළපෙන ආකාරයකිනුයි කටයුතු කරන්නේ. “ඔබ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහිය.”—ගීතාවලිය 50:18, නව අනුවාදය.

ඇත්තෙන්ම වංචාකාරයන් ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන්න බැහැ. එක් කතුවරයෙක් මෙවැනි දෙයක් පැවසුවා. “වංචාකාරයන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන්ගේ ඒ නරක ගතිය උත්පත්තියෙන්ම උරුම වෙලා තිබීම. ඔවුන් බොහෝවිට කුඩා කාලයේදීම කපටිකමෙන් තමන් අවට සිටින අයගෙන් යම් දේවල් ලබාගන්න ආකාරයක් දැකගත හැකියි. මේ නරක ගතියට අමතරව ඔවුන් තුළ දැකිය හැකි තවත් දෙයක් වන්නේ ඔවුන් කරන දේ ගැන ඔවුන්ට වරදසහගතබවක් නොදැනීමයි. තමන් කරන දේවල් ගැන ඔවුන්ට තිබෙන්නේ පුදුමාකාර තෘප්තියක්. මේ හැඟීම නිසා අන් අයට මොනයම් පාඩුවක් සිදු වුණත් දිගටම කපටිකමෙන් තමන්ගේ මඩිය තර කරගැනීම සඳහා ඔවුන්ට දිරියක් ලැබෙනවා.”

යම් වැන්දඹුවක් ඉතිරි කරගෙන තිබූ මුදල්වලට වංචාවක් කළ විට ඒ ගැන සමාජයේ කොයි කවුරුත් දුක් වෙනවා. නමුත් විශාල ව්‍යාපාරයකට හෝ රක්ෂණ සමාගමකට මුදල් වංචාවක් කළ විට ඒ ගැන අනේ අපෝයි කියන්නේ සුළු පිරිසක් විතරයි. හුඟදෙනෙක් සිතන්නේ එම සමාගම්වලට එය එතරම් දෙයක් නෙමෙයි කියායි. නමුත් එය එම සමාගමට විතරක් තනිව මුහුණ දීමට සිදු වෙන ගැටලුවක් නෙමෙයි. එම සමාගම් තමන්ට සිදු වූ පාඩුව පාරිභෝගිකයන් මතටත් පටවනවා. උදාහරණයකට රක්ෂණ සමාගම්වලට සිදු වූ වංචාවන් පියවාගැනීම සඳහා අමෙරිකාවේ සාමාන්‍යයෙන් එක් පවුලක් වසරකට ඩොලර් 1,000ක අමතර රක්ෂණ වාරිකයක් ගෙවනවා.

ඒ වගේම හුඟදෙනෙක් ප්‍රසිද්ධ වෙළඳ නාමවලින් තිබෙන ව්‍යාජ ඇඳුම්, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා අත් බෑග් ආදිය අඩු මිලකට මිල දී ගන්නවා. එවන් දේ මිල දී ගන්න පුද්ගලයන් සිතන්නේ මෙම භාණ්ඩ නිසා ප්‍රසිද්ධ වෙළඳ නාම හිමියන්ට ඩොලර් බිලියන ගණන් අලාභයක් සිදු වෙනවා මිසක් තමන්ට එයින් අවාසියක් නැහැයි කියායි. අන්තිමේදී පාරිභෝගිකයන්ට නියම තත්වයේ භාණ්ඩ හා සේවා ලබාගැනීමට වැඩි මුදලක් ගෙවීමට සිදු වෙනවා. ඊට අමතරව ව්‍යාජ භාණ්ඩ මිල දී ගැනීමෙන් වංචාකාරයන්ව පොහොසත් කරවනවා.

වංචනික ක්‍රියාවලට එරෙහිව සටන් කරන එක් ලේඛකයෙක් ලීවේ මෙවන් දෙයක්. “අපි මෙච්චර වංචාසහගත සිදුවීම් අද්දැකීමට ප්‍රධාන හේතුව අප ජීවත් වෙන්නේ සදාචාරයක් නැති සමාජයක. සදාචාරය පහත වැටීම නිසා වංචාකාරයන්ගෙන් පිරුණු සමාජයක් බිහි වී තිබෙනවා. . . . නිවස තුළ සදාචාර ප්‍රතිපත්ති උගන්වන්නේ නැති සමාජයක තමයි අප ජීවත් වෙන්නේ. පාසැලේදී සදාචාරය උගන්වන්නේ නැහැ. ඉගැන්නුවොත් ගුරුවරුන්ට දොස් අහන්න වෙනවා.”

නමුත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊට හාත්පසින්ම වෙනස්. ඔවුන් දෙවිගේ වචනයේ තිබෙන සදාචාර ප්‍රතිපත්ති උගන්වනවා වගේම ඒ අනුව ජීවත් වීමට මහත් වෑයමක් දරනවා. ඔවුන්ට මඟ පෙන්වීම ලබා දෙන ප්‍රතිපත්ති කිහිපයක් පහත දැක්වෙනවා:

● “ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේම කරන්න.”—මතෙව් 22:39, NW.

● “වංචා නොකරන්න.”—මාක් 10:19, NW.

● “සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, අග හිඟකමින් සිටින කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ කරන්න.”—එෆීස 4:28, NW.

● “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න අප කැමතියි.”—හෙබ්‍රෙව් 13:18, NW.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් උඩඟු හෝ ආත්ම ධර්මිෂ්ඨ අය නොවෙයි. ඔවුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ සෑම කෙනෙක්ම මෙම ප්‍රතිපත්තිවලට අනුව ජීවිතය ගෙන ගියොත් මෙම ලෝකය මීට වඩා ජීවත් වීමට හොඳ ස්ථානයක් වන බවයි. ඒ වගේම යම් දවසක මෙම පොළොව එවැනි තත්වයකට පත් වෙනවා යන දෙවිගේ පොරොන්දුව ගැනත් ඔවුන් තුළ විශ්වාසයක් තිබෙනවා.—2 පේතෘස් 3:13.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

හැමෝම දෙවිගේ වචනයේ තිබෙන සදාචාරමය ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවා නම් ලෝකය ජීවත් වීමට වඩාත් හොඳ ස්ථානයක් බවට පත් වෙයි

[20වන පිටුවේ පින්තූරය]

සැබෑ ක්‍රිස්තියානීන් “ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතුයි” වැනි බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරනවා