Skip to content

පටුනට යන්න

තම විශ්වාසයන් ගැන නිර්භීතව කතා කරන යෞවනයෝ

තම විශ්වාසයන් ගැන නිර්භීතව කතා කරන යෞවනයෝ

තම විශ්වාසයන් ගැන නිර්භීතව කතා කරන යෞවනයෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතරේ බොහෝ යෞවනයන් සිටිනවා. ඔවුන් දෙවිට ප්‍රේම කරන අතර බයිබලයේ සඳහන් විදිහට දෙවිගේ ප්‍රමිතිවලට එකඟව තමන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට මහත් වෑයමක් දරනවා. මේ යෞවනයන් තුළ තමන් විශ්වාස කරන දේ ගැන මහත් ආඩම්බරයක් තිබෙන අතර ඒවා ගැන බියක් සැකක් නොමැතිව පාසැලේදී අනිත් ළමුන් සමඟ කතා කරනවා. මේ සම්බන්ධයෙන් යම් ආදර්ශ සලකා බලන්න.

හොලී හයවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට “සැහැසික ක්‍රියා සිදු නොකොට ඔබ ත්‍රස්තවාදයට විසඳුමක් ගෙනෙන්නේ කෙසේද?” යන මාතෘකාව යටතේ රචනාවක් ලිවීමට ඇගේ පන්තියට පැවරුමක් ලැබුණා. බයිබලයෙන් ඉගෙනගෙන තිබෙන විදිහට අනාගතය පිළිබඳව ඇගේ බලාපොරොත්තුව ගැන ලිවීමට හොලී මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඉතිහාසය පුරාම “මනුෂ්‍යයෙකු විසින් අනිකෙකුට අන්තරාය සිදු කරන පිණිස බලය පවත්වන්ට කාලයක්” ඇති බව ඇය පැහැදිලි කළා. (දේශනාකාරයා 8:9) ඉන්පසු මිනිසාට ඇති එකම සැබෑ බලාපොරොත්තුව දේවරාජ්‍යය බව ඇය පෙන්වා දුන්නා. තවද “එම රාජ්‍යයේ පත් කරන ලද රජ යේසුස් වන නිසා, ඔහු ත්‍රස්තවාදය ඇතුළු සියලුම ගැටලුවලට සම්පූර්ණ විසඳුමක් ලබා දෙන” බවද ඇය තේරුම් කළා. කිසිම මනුෂ්‍ය පාලකයෙකුට කළ නොහැකි වුවද යේසුස් ඉටු කරන්න යන දේවල් ගැන හොලී තව ටිකක් පැහැදිලි කළේ මෙහෙමයි. “යේසුස් පොළොවේ සිටියදී ඔහු කුමනාකාරයේ පාලකයෙක් වෙයිද කියා මනාව පෙන්නුම් කළා. ඔහු මනුෂ්‍යයන් කෙරෙහි සැලකිල්ලක් දැක්වූ ප්‍රේමණීය පුද්ගලයෙක්. ඔහු සතු බලය ඔහු අසනීපවූවන් සුව කිරීමෙන් හා මළාවූ අයව නැවත නැඟිටුවීම මගින් පෙන්නුම් කළා. මළවුන්ව නැවත ජීවත් කරවන්න කිසිම මිනිස් ආණ්ඩුවකට බැහැ. නමුත් දේවරාජ්‍යය යටතේදී එය ඉෂ්ට වෙයි.” හොලී ඇගේ රචනාව අවසන් කළේ මෙසේයි. “ත්‍රස්තවාදයට විසඳුම තිබෙන්නේ දෙවි ළඟ මිස මනුෂ්‍යයන් ළඟ නෙවෙයි.”

එම රචනාව බැලූ ගුරුවරිය මෙසේ අදහස් දක්වා තිබුණා. “කදිමයි! හොලී ඔබ කරුණු ඒත්තුගන්වන ආකාරයකින් හා තර්කානුකූලව ගොඩනඟලා තිබුණා.” ඒ වගේම හොලී ශුද්ධ වූ ලියවිලි පාඨ යොමු දක්වා තිබීම ගැනද ගුරුවරියගේ සිත්ගත්තා. මෙමගින් ගුරුවරියට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතිපතා පවත්වන දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන ගැනත් එමගින් අන් අයට කතා කිරීමට හා ඉගැන්වීමට පුහුණු කරන ආකාරය ගැනත් පෙන්වා දීමට අවස්ථාවක් හොලීට ලැබුණා. ඇගේ ගුරුවරිය දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී භාවිත කරන අත්පොතේ පිටපතක් සතුටින් බාරගත්තා.

ජෙසිකාටත් පාසැලේදී රචනා ලියන විට ඇගේ විශ්වාසයන් ගැන කියන්න හැකි වී තිබෙනවා. “මගේ විශ්වාසයන් ගැන මට රචනා තුනක් ලියන්න හැකි වෙලා තියෙනවා” කියා ඇය පැවසුවා. “ඉන් එකක් නම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සහ ආගමික නිදහස සම්බන්ධවයි. ගුරුවරිය එම රචනාව කැමති කෙනෙකුට කියවීම සඳහා පුස්තකාලයේ ප්‍රදර්ශනය කළා. මෑතකදී මම මගේ බව්තීස්මය හා ඒ දවස මට කොතරම් වැදගත් එකක් වුණාද යන්න පිළිබඳව රචනාවක් ලිව්වා. පන්තියේ ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් තමන්ගේ රචනාවල කටුසටහන් අතින් අත යවනවා. ඒ නිසා මගේ රචනාවත් පන්තියේ ළමයින්ට කියවන්න අවස්ථාවක් ලැබුණා. එක ගැහුණු ළමයෙක් කිව්වා ‘හොඳ රචනාවක්. ඇත්තෙන්ම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට තිබෙන වගකීම් දැනගැනීමට ලැබීම ප්‍රයෝජනවත්. ඔයාගේ බව්තීස්මයට මගෙන් සුබ පැතුම්!’ තවත් ළමයෙක් පැවසුවේ ‘ඔයාගේ කතාව නම් නියමයි! ඔයාට ඔය තරම් ශක්තිමත් ඇදහිල්ලක් තියෙන එක ගැන මට හරි සන්තෝෂයි’ කියායි. එක පිරිමි ළමයෙක් මෙහෙම ලියලා තිබුණා.‘ඔයා සිහි කල්පනාවෙන් වැඩ කරන කෙනෙක්. ඔයාට මගේ සුබ පැතුම්!”

මලීසාට අවුරුදු 11දී ඇගේ විශ්වාසය ගැන නිර්භීතව කතා කිරීමට අසාමාන්‍ය අවස්ථාවක් උදා වුණා. “ පාසැල් හෙද සේවිකාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන කියා දෙන්න මගේ විද්‍යා පන්තියට ආවා. ඒ සාකච්ඡාවේදී රුධිරය සම්බන්ධ කාරණයද මතු වුණා. ඒ පන්තියෙන් පස්සේ මම මගේ විද්‍යා ගුරුවරයාට කිව්වා රුධිරය සම්බන්ධයෙන් අපි ළඟ තියෙන වීඩියෝ පටිය ගැන. මම පහුවෙනිදා වීඩියෝ පටිය විද්‍යා ගුරුවරයාට දුන්නා. ඔහු ඒක ඔහුගේ පවුලේ අය සමඟ නරඹලා තිබුණා. ඊට පහුවෙනිදා ඔහු වීඩියෝ පටිය පාසැලට ගෙනා අතර මගේ පන්තියට සහ තවත් පන්තියකට ඒක පෙන්නුවා. ඒ සමඟම ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සුබවාදී අදහස් ඉදිරිපත් කළා. සාක්ෂිකරුවන්ගේ වෑයම නොතිබෙන්න රුධිරය වෙනුවට වෙනත් විකල්පයන් පහසුවෙන් ලබාගත නොහැකි වනු ඇති බව ඔහු පන්තියට පැහැදිලි කළා. මට විඩීයෝ පටිය ආපහු දෙනකොට ඔහු ඇහුවා ‘මට බැරිද පාසැල් පුස්තකාලයට පිටපතක් ලබාගන්න?’ කියලා. මම ඔහුට පිටපතක් ලබා දුන්නා. ඔහු වගේම මමත් ඒ ගැන ගොඩාක් සතුටු වුණා.”

හොලී, ජෙසිකා හා මලීසා මෙන් වෙනත් බොහෝ යෞවන යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ගේ යෞවන දවස්වලදී මැවුම්කරු සිහි කරන්න යන බයිබල් අවවාදය පිළිපදිමින් සිටිනවා. (දේශනාකාරයා 12:2ආ) ඔබත් එහෙම කරනවාද? ඔබ එහෙම කරනවා නම් ඔබ යෙහෝවාගේ සිත ප්‍රීති කරන බවට කිසිම සැකයක් නැහැ.—හිතෝපදේශ 27:11; හෙබ්‍රෙව් 6:10.

යෞවනයෙනි ඔබ ඔබගේ විශ්වාසය ගැන ඔබේ පන්තියේ ළමයින්ට හා ගුරුවරුන්ට කතා කරන විට එය යෙහෝවා දෙවි ගැන සහ ඔහුගේ අරමුණු ගැන බලවත් සාක්ෂියක් වෙනවා. එය ඔබේ විශ්වාසය ශක්තිමත් කරන අතර ඔබටත් දෙවිගේ සේවකයන් අතර සිටීමට ලැබී තිබෙන මේ අනර්ඝ වරප්‍රසාදය ගැන ඔබ තුළ සුදුසු ආඩම්බරයක්ද ඇති කරයි. (යෙරෙමියා 9:24) පාසැලේදී සාක්ෂි දැරීම ඔබට ආරක්ෂාවක්ද වෙයි. ජෙසිකා එය විස්තර කළේ මෙසේයි. “මගේ විශ්වාසයන් ගැන නිර්භීතව කතා කිරීමෙන් ලැබී තිබෙන එක ප්‍රයෝජනයක් නම් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි දේවල් කිරීමට ළමයි මට බල කරන්න උත්සහ කරන එක නතර වීමයි.”

 

හොලී

[12, 13වන පිටුවේ පින්තූර]

ජෙසිකා

[13වන පිටුවේ පින්තූර]

මලීසා