Skip to content

පටුනට යන්න

දරුවන්ට හඬ නඟා කියවීමේ ඇති ප්‍රයෝජන

දරුවන්ට හඬ නඟා කියවීමේ ඇති ප්‍රයෝජන

දරුවන්ට හඬ නඟා කියවීමේ ඇති ප්‍රයෝජන

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

“පෝලන්ත වැසියෙනි, දරුවන්ට ඇසෙන සේ කියවන්න” යන වාර්ෂික වැඩ පිළිවෙළක සංවිධායකයෝ මෙසේ කියති. “දැනුම හා බුද්ධිමය හැකියාව යන අංග දෙකටම අත්‍යවශ්‍ය වූවකි, කියවීම. . . . එය කල්පනා ශක්තිය වැඩි කිරීමටත් මෙන්ම දැනුම රැස් කරගැනීමටත් දොර විවර කරයි.” නමුත් එම ප්‍රකාශයේ සත්‍යතාවක් තිබේ නම් වැඩිහිටියන් හා දරුවන් ගණනාවක් කියවීමට අකමැත්තක් දක්වන්නේ මන්ද?

“කියවීමේ පුරුද්ද සහ පොත් සඳහා ඇල්ම වර්ධනය කළ යුත්තේ ළමා වියේ සිටමයි.” වැඩ පිළිවෙළ දියත් කළ අය එසේ පවසන අතර දෙමාපියන්ට මෙසේ කියති. “ඔබේ දරුවන් පාසලේදී හා ජීවිත ගමනේදී නැණවත්ව හා සාර්ථකව කටයුතු කරනවා දැකීම ඔබේ ආශාව නම්, දිනපතා විනාඩි 20ක් දරුවන්ට ඇසෙන පරිදි හඬ නඟා කියවන්න.”

දරුවන්ට ඇසෙන සේ කියවීම කල් නොදමා “හැකි තරම් ඉක්මනින්” පටන්ගන්නා ලෙසටද දෙමාපියන්ව දිරිගන්වයි. ඒ කුමන වයසේදීද? “අපි ළදරුවෙකුව වඩාගෙන ආදරයෙන් ඔහු දෙස බලමින් උනන්දුව අවදි කරන කටහඬකින් අපි ඔහුට කියවමු.” දෙමාපියන්ව උනන්දු කරන්නේ එලෙස කිරීමටයි. “එලෙස දිගටම කියවීමෙන් සුරක්ෂිතකමේ හැඟීමක්, සතුටක් හා බැඳීමක් ඇති කරනු ලබයි. ඊට අමතරව ඔහුගේ මානසික වර්ධනයටද එය රුකුලක් වෙයි.”

එම වැඩ පිළිවෙළේ සංවිධායකයෝ අවධාරණය කරමින් කියා සිටියේ “වෙන කවරදාකටත් වඩා දරුවන්ට කියවීම දැන් ඉතා වැදගත්” බවයි. එමෙන්ම ඉන් ලැබෙන වෙනත් ප්‍රයෝජන ගැනද ඔවුහූ පෙන්වා දුන්හ. හඬ නඟා කියවීමෙන් දරුවන්ට කල්පනා කිරීමටත් “තමන් ගැනත්, අන් අය ගැනත්, ලෝකය ගැනත්, තේරුම්ගැනීමට උපකාර කරයි. . . . යම් දේවලට උනන්දුව පුබුදුවාලයි, සිතීමේ හැකියාව වර්ධනය කරයි, හැඟීම් දැනීම් ඇතිව කටයුතු කිරීමටත්, සංවේදී වීමටත්, යහපත් ගුණ ධර්ම ඇතිව සිටීමටත්, . . . ආත්ම විශ්වාසය ගොඩනැංවීමටත් දායක වේ.” අවසන් වශයෙන් එම වැඩ පිළිවෙළේ ප්‍රධානියෝ ස්ථිරවශයෙන්ම කියා සිටින්නේ මෙයයි. “දරුවන්ගේ සිත් හා මනස්වලට තර්ජනයක් වන වැරදි බලපෑම් බොහෝමයකින් ආරක්ෂා කරගැනීමට පිළියම” කියවීමයි.

කියවීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමට නම් කුඩා දරුවන්ව ස්වර්ගික මැවුම්කරුට ළං කරවන ආකාරයේ ප්‍රකාශන තෝරාගෙන කියවිය යුතු වේ. දෙවිට ළං වීමට අපට උපකාර කරන හොඳම පොත නම් බයිබලයයි. “ළදරු වියේ පටන්” යෞවන තිමෝතිට “ශුද්ධ ලියවිල්ල” උගන්වනු ලැබූ බව බයිබලය කියයි. (2 තිමෝති 3:15) යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත, විශේෂයෙන්ම කුඩා දරුවන් සඳහාම ලියා ඇති, මගේ බයිබල් කතන්දර පොත සහ උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු වැනි බයිබලය මත පදනම් පොත් දරුවන්ට හඬ නඟා කියවීම සඳහා දෙමාපියන්ට තෝරාගත හැක.