Skip to content

පටුනට යන්න

අවුල් නැති පවුල් ජීවිතයක් සඳහා අත්වැලක්

අවුල් නැති පවුල් ජීවිතයක් සඳහා අත්වැලක්

අවුල් නැති පවුල් ජීවිතයක් සඳහා අත්වැලක්

මෙක්සිකෝවේ සිටින කාන්තාවකට ඇය මුහුණ දෙමින් සිටින ගැටලුවක් ගැන ලියැවී තිබුණ පිබිදෙව්! සඟරාවක් දෙනු ලැබුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයට ඇය එවූ ලිපියක මෙහෙම සඳහන්ව තිබෙනවා. “එහි කතා කරලා තියෙන විෂය මට අදාළ නිසා මම ඒක ලොකු උනන්දුවකින් කියෙව්වා. මේ තොරතුරු මටත් මගේ මහත්තයාටත් දරුවන්ටත් උපකාරයක් වේවි.”

ඒ කාන්තාව මේ ඉල්ලීමද කළා. “මම යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැනත් ළඟම තියෙන සභාවේ ලිපිනය දැනගන්නත් කැමතියි. අපිට ඕනේ දෙවිට ළං වෙන්න. ඒ නිසා මම මගේ පවුලේ අයත් එක්ක එන්න කැමතියි.” එම පිබිදෙව්! සඟරාවේ අන්තිම පිටුවේ ඉදිරිපත් කර තිබුණ පවුලේ සන්තෝෂයට රහස කියන පොත ඇයගේ සිත් ගත්තා. ඒ නිසා ඇය ඉන් පිටපතක් ඉල්ලා සිටියා.

එම පොතේ පවුලක සිටින සෑම සාමාජිකයෙකුටම, ඒ කියන්නේ ස්වාමිපුරුෂයන්ට, භාර්යාවන්ට, දෙමාපියන්ට, දරුවන්ට, ආච්චිලා සීයලා ඇතුළු සැමටම යම් තොරතුරු සඳහන්ව තිබෙනවා. එහි තිබෙන උපදේශාත්මක පරිච්ඡේද කිහිපයක් මෙන්න. “බිළිඳු අවදියේ පටන් දරුවා පුහුණු කරන්න,” “ඔබේ නහඹරයාට සඵල වීමට උපකාර කරන්න,” “ඔබේ පවුල විනාශකාරී බලපෑම්වලින් ආරක්ෂා කරගන්න” සහ “ඔබේ පවුල තුළ සාමය පවත්වාගන්න.”

පහත ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් මෙම පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැකියි.

□ පවුලේ සන්තෝෂයට රහස නමැති පොත පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.