විවාහයට පෙර එකට විසීම විවාහයට හොඳ අඩිතාලමක්ද?
විවාහයට පෙර එකට විසීම විවාහයට හොඳ අඩිතාලමක්ද?
“ලොව පුරා කාර්මික රටවල විවාහ නොවී ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට විසීම සාමාන්‍ය දෙයක් වෙලා. තමන් ගැළපෙනවාද කියා බැලීමට නම් එලෙස විසීම සුදුසුයි කියා විවාහයට පෙර එකට ජීවත් වන අයගෙන් භාගයක් පමණ දෙනා කියා සිටියි.” එසේ වාර්තා කරන්නේ විවාහයේ සහ පවුලේ සඟරාවයි. (සිංහලෙන් නැත.) මෙය සත්‍යයක් නම් “නොගැළපෙන තැන් නිවැරදි කරගෙන ශක්තිමත් විවාහයකට පියවර තැබිය යුතුයයි” එම සඟරාව තවදුරටත් කියා සිටියි.
‘එහෙත් සාක්ෂිවලින් පෙනී යන්නේ එහි අනික් පැත්තයි. විවාහයට පෙර එකට ජීවත් වූ අය අතර යුග දිවියේ සතුට හා දෙදෙනාම එකට එකතු වී කරන දේවල් අඩු බවත්, නිතරම එකඟ නොවීම් ඇති වන බවත් දක්නට ලැබෙනවා. එමෙන්ම එකිනෙකාට සහයෝගය දැක්වීම අඩු බවත්, ගැටලු විසඳීමේදී අද්දකින්නේ අඩු සාර්ථකත්වයක් බවත්, පවුල් ප්‍රශ්න වැඩියෙන් වාර්තා වන බවත් පෙනී යයි. තවදුරටත් ඍජුවම යුග දිවියට පිවිසුණ අය සමඟ විවාහයට පෙර එකට විසූ අයව සසඳා බැලූ කළ දික්කසාද වීමේ වැඩි නැඹුරුවාවක් තිබුණේ දෙවනුව සඳහන් කළ අය අතරයි’ කියාද ඉහත සඟරාව පවසයි.
ප්‍රඥාවන්තයයි මිනිසුන් කියා සිටින දේ කොතරම් අඥානද කියා එම වාර්තාවෙන් පෙනී යයි. “මිනිසා . . . යා යුතු මඟ නියම කිරීම ඔහුටම අයිති නැත” යනුවෙන් යෙරෙමියා 10:23හි [නව අනුවාදය] පවසන දෙය අවධාරණය කරයි. එනිසා විවාහය නමැති විෂයේදී දෙවිගේ වචනය වන බයිබලයේ අනර්ඝ උපදෙස් සලකා බැලීම කෙතරම් ඥානවන්තද! (2 තිමෝති 3:16) උදාහරණයක් ලෙස විවාහ සබඳතා ගැන බයිබලය කියන්නේ මෙලෙසයි. “එබැවින් මනුෂ්‍යයා තමාගේ පියාද මවුද අත්හැර තමන් භාර්යාවට ඇලුම් වන්නේය. ඔවුහුද එක මාංසයක් වන්නෝය.”—උත්පත්ති 2:2; මතෙව් 19:5.
මිනිසාගේ දෝෂ සහිත හා අස්ථිර මඟ පෙන්වීම්වලට වඩා දෙවි දෙන එවන් මඟ පෙන්වීම්වලට අවනත වීමෙන්, සැබවින්ම සතුටින් පිරී දිගු කාලීන යුග දිවියක් ගත කිරීමේ හැකියාව වැඩි වනු ඇත.—හිතෝපදේශ 3:5, 6.