Skip to content

පටුනට යන්න

“සැමදෙනාම මේ පොත කියවිය යුතුයි”

“සැමදෙනාම මේ පොත කියවිය යුතුයි”

“සැමදෙනාම මේ පොත කියවිය යුතුයි”

පෝලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

දෙදහස් තුනේදී ලොව වටා පැවැත්වූ සමුළුවලදී භාෂා ගණනාවකින් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන පොත මුදාහැරියා. අනෙක් ස්ථානවල මෙන්ම පෝලන්තයේත් මෙම අලංකාර චිත්‍ර සහිත පොතට ලැබුණේ විශිෂ්ට ප්‍රතිචාරයක්. එය විශේෂයෙන් කුඩා දරුවන් සඳහා සකසා තිබුණත්, නව යොවුන් වියේ පසුවෙන්නන්ගේ සහ වැඩිහිටියන්ගේ පවා සිත් ගත් බව පෙනී යයි. ඒවායින් ගත් උපුටන කිහිපයක් මෙන්න.

“මගේ නම ආගාටා. මගේ වයස අවුරුදු අටයි. මේ පොත මට ලැබුණාම යෙහෝවා මං ගැන කොච්චර සැලකිලිමත්ද කියලා මට වැටහුණා. මම වැඩියෙන්ම කැමති ‘කීකරුකම ඔයාට ආරක්ෂාවක්’ කියන 7වන පරිච්ඡේදයටයි. මම හැම වෙලාවෙම අම්මාටයි තාත්තාටයි කීකරු වෙලා නෑ. නමුත් දැන් මම දන්නවා යෙහෝවා ආදරේ කරන්නේ කීකරු ළමයින්ට කියලා. ඒනිසා මම දැන් කීකරු වෙන්න ඕනේ.”

වයස අවුරුදු 13ක් වන මාර්ලීනා අගය කිරීමෙන් යුතුව මෙහෙම කියනවා. “මම දන්නවා මේ පොත කුඩා දරුවන්ට කියලා. ඒ වුණත් මේක හැමෝගේම සිත්ගන්නවා. මේක කියවන කොට යෙහෝවා කෙරෙහිත් යේසුස් කෙරෙහිත් මගේ ඇදහිල්ල ශක්තිමත් වෙනවා. තේරුම්ගන්න අමාරු දේවල් පවා සරල විදිහට පැහැදිලි කරලා තියෙනවා. මේක කියවන එක මට නවත්වන්න බෑ. ඒකේ තියෙන පින්තූර හරි ලස්සනයි! ඒ පින්තූර එක්ක තියෙන ප්‍රශ්න කුඩා දරුවන්ගේ කුතුහලය අවුස්සනවා! මේක නම් නියම පොතක්. එනිසා මම මේ පොත පරෙස්සමින් කියවනවා. මේ පොත ලබා දුන්නාට ගොඩක් ස්තුතියි.”

මේ පොත කියවන්න පටන් ගත්තාම නවත්වන්න හිතෙන්නේ නැති පොතක් කියලයි අවුරුදු 15ක් වන යූස්ටීනා කියන්නේ. “මම මෙතෙක්දුරට කියවලා තියෙන පරිච්ඡේදවලින් පේනවා මේ ලස්සන හා උපදේශාත්මක පොතට මම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරන්න ඕනේ කියන එක. මම හිතනවා වැඩිහිටි අය ඇතුළු සැමදෙනාම මේ පොත කියවිය යුතුයි කියලා. මම හිතන විදිහට අවුරුද්දක් වයසැති පොඩි ළමයෙකුට පවා ඒකේ තියෙන උදාහරණ තේරුම්ගන්න පුළුවන්. ඒවා එතරම්ම සරලයි සහ පැහැදිලියි. ඒවගේම පින්තූර දෙස බැලීමෙන් කාරණා වටහාගන්නත් පුළුවන්. කොහොම වුණත් මේ පොත කියවනකොට මට ඇති වන හැඟීම විස්තර කරන්න වචන නැති තරම්.”

මේ ප්‍රකාශනයට ඉයුනිකාත් තමාගේ අගය පළ කළා. ඇයට වයස අවුරුදු 19ක් වුණත්, ඉතා උනන්දුවෙන් පොත කියවූ අතර “නව යොවුන් වියේ” අයටත් එය ප්‍රායෝගික බව ඇය කියා සිටියා. “එදිනෙදා ජීවිතයට ඒ කියන්නේ ගෙදරදී පාසලේදී වගේම සභාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැනත් ගොඩක් හොඳ උපදෙස් එයින් ලැබෙනවා. මම මේ තෑග්ගට ගොඩක් ස්තූති කරනවා.”

මාරියා අවුරුද්දක් වයසැති දුවෙක් සිටින ප්‍රීතිමත් මවක්. දුවගේ නම ඕලීවියා. මෙම පොතේ තියෙන පාට පාට පින්තූරවලට දුවගේ ප්‍රතිචාරය ගැන ඇය කියන්නේ මෙහෙමයි. “දරුවන්ට ඉගැන්වීම සඳහා සකස් කරලා තියෙන මේ අනර්ඝ පොතට මගේ මුළු හදින්ම ස්තූතිය පළ කරන්න කැමතියි. අපේ ඕලීවියාට එයාගේ ඇස් දෙක පොතෙන් අහකට ගන්නම බෑ. එයා අපේ ඔඩොක්කුවේ ඉඳගෙන එක එක පරිචේඡේද පෙන්වලා විස්තර කරන්න කියලා අපිට කියනවා. ඇය විශේෂයෙන් කැමති 83වන පිටුවේ තියෙන පින්තූරයට. එකේ තියෙන්නේ කළු ගෑනු ළමයෙකුයි සුදු ගෑනු ළමයෙකුයි කරට අතදාගෙන ඉන්න පින්තූරයක්. අනිත් පිටුවල තියෙන පින්තූරවලටත් දුව කොයිතරම් ආසද කියලා කියනවා නම් ඇය ඒවා අතගානවා, ඉඹිනවා, පින්තූරත් එක්ක හිනාත් වෙනවා.”

ඉගැන්වීමට යොදාගත හැකි පොතක් බවත් පවසන මාරියා ඒ ගැන අවධාරණය කරන්නේ මෙහෙමයි. “ඒකේ ලිංගික කාරණා (58-60 පිටු) සහ ළමා අපචාරය (170 සහ 171 පිටු) වැනි ගැඹුරු කාරණා ගැන පවා ලියවිලා තියෙනවා. අද මේ නරක ලෝකයේ සැඟවිලා තියෙන අන්තරාවන්ගෙන් දරුවන්ව ආරක්ෂා කරගෙන සාර්ථක ලෙස දරුවන්ව හදා වඩා ගැනීමට කැමති ඕනෑම දෙමාපියෙක්ට ඒ පොත කදිම මෙවලමක්.”

උතුම් ගුරුවරයා වූ යේසුස් ක්‍රිස්තුස් විසින් මිනිස්වර්ගයාට මීට අවුරුදු 2,000කට පමණ පෙර දුන් ඉගැන්වීම් ඇතුළත් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු යන ප්‍රකාශනය ඔබටත්, ඔබගේ දරුවන්ටත් උපකාරකයක් වනු ඇතැයි යන්න ප්‍රකාශකයන්ගේ බලාපොරොත්තුවයි.

[31වන පිටුවේ පින්තූරය]

ආගාටා

[31වන පිටුවේ පින්තූරය]

යූස්ටීනා

[31වන පිටුවේ පින්තූරය]

මාර්ලීනා

[31වන පිටුවේ පින්තූරය]

මාරියා සහ ඕලීවියා

[31වන පිටුවේ පින්තූරය]

ඉයුනිකා