Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

දුක් විඳීම “යෞවන අය අසති . . . දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?” යන ලිපියට ඔබට ගොඩක් ස්තුතියි. (2004 අප්‍රියෙල් 8) මට වයස අවුරුදු 14යි. මම ගොඩක් ආදරය කරපු දෙන්නෙක් තමයි මගේ සීයයි, නැන්දයි. ඒ දෙන්නම ළඟදී මැරුණා. මම දැනගෙන හිටියා ඒ මරණවලට දෙවිට දොස් පැවරීම සාධාරණ නැහැ කියලා. ඊට වග කියන්න ඕනේ සාතන්. ඔහුට ඉතිරි වෙලා තියෙන්නේ කෙටි කාලයයි. මේ ලිපියෙන් මම ලොකු සැනසීමක් ලැබුවා. මේ වාගේ ලිපි දිගටම ලියන්න. මගේ හද පත්ලෙන්ම නැඟෙන ස්තුතිය නැවත වරක් පුද කරන්න කැමතියි.

එක්සත් ජනපදයේ බී. බී.

මෑතකදී, මම බඳින්න හිටිය ගෑනු ළමයා රිය අනතුරකින් මිය ගියා. ඒක මටත් සභාවටත් විශේෂයෙන්ම ඇගේ දෙමාපියන්ටත් ඉතා ඛේදනීය අද්දැකීමක් වුණා. වාවගන්න බැරි මගේ දුක තුනී කරගන්න මට උදව් කළාට යෙහෝවාට මම ස්තුති කරනවා. ඒවගේම “දෙවි අපට දුක් විඳින්න ඉඩහරින්නේ ඇයි?” කියන ලිපිය වෙනුවෙනුත් මම ඔයගොල්ලන්ට ස්තුති කරනවා. ඒක ලැබුණේ නියම වෙලාවකයි.

ජර්මනියේ අයි. ඩී.

මුලදී මේ ලිපිය කියවන්න මම කැමති වුණේ නෑ. මම හිතුවා ඒකේ තියෙන කරුණු අධෛර්ය කරවනසුලු වෙයි කියලා. අවුරුදු දෙකකට ඉහතදී මගේ අයියා ලෙඩ වෙලා මැරුණා. මම තාමත් ඒ ගැන දුක් වෙනවා. නමුත් මේ ලිපිය මට මතක් කරලා දුන්නා යෙහෝවා සියලු යහපත් දීමනාවල දෙවි බව. මගේ දුක ඉක්මනින්ම තුනී වුණා. මේ අස්ථිර ලෝකයේ ජීවත් වෙන්න මට ධෛර්යක් ලැබුණා.

ජපානයේ එස්. එච්.

සීනි “ජීවය රැක දෙන සීනි” යන ලිපිය පිළිකාව ඇතුළු නොයෙකුත් රෝග සුව කිරීමට ඉවහල් වන සෞඛ්‍යය රැක දෙන ජනප්‍රිය නිෂ්පාදනයක් බව කිහිප දෙනෙක්ම මට පැවසුවා. (2004 මාර්තු 22, සිංහලෙන් නැත.) මම ඔබේ ලිපිය විවේචනය කරනවා නෙවේ, නමුත් මූල්‍යමය ලාභ ලැබීමට හෝ තමන්ගේ අදහස් මුදුන් පත් කරගන්න මිනිසුන් මේ ලිපිය යොදා ගනීවිද කියලයි මම කල්පනා කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ පී. කේ.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: “ජීවය රැක දෙන සීනි” කියන ලිපිය ශරීරය තුළ සීනිවලින් කෙරෙන වැදගත් කාර්යය සම්බන්ධයෙන් ජීව විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වල වාර්තාවක් පමණයි. විශේෂ නිෂ්පාදනයක් ගැන මේ ලිපියේ කොහෙත්ම සහතික කර නැත. සෞඛ්‍යය කාරණා ගැන වාර්තා කරන විට “පිබිදෙව්!” විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් ගැන පාඨකයන්ට නිර්දේශ කරන්නේ නැත. තමන් ගන්නේ කුමන ප්‍රතිකාර ක්‍රමයද කියා කල්පනා කර බැලීමත් එය බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි නොවන බවට සහතික කරගැනීමත් සෑම ක්‍රිස්තියානියෙකුම සතු වගකීමයි.

ලැක්ටෝස් අසාත්මිකතාව “ලැක්ටෝස් අසාත්මිකතාව අවබෝධ කරගැනීම” කියන ලිපියේ සඳහන්ව තිබුණ රෝග ලක්ෂණවලින් මම අවුරුදු කිහිපයක්ම වේදනා විඳිමින් සිටියා. (2004 මාර්තු 22, සිංහලෙන් නැත.) හයිඩ්‍රජන් ආඝ්‍රාණ පරීක්ෂණය කරගන්න මම පෙලඹුණා. මම ලැක්ටෝස් අසාත්මිකතාවයෙන් පෙලෙන බව ඉන් ඔප්පු වුණා. සර්වාංග වෛද්‍යවරයෙකුට මම මේ ලිපිය පෙන්නුවාම, ඔහුගේ අදහස වුණේ මේක ගොඩක් පරීක්ෂණ කරලා සකස් කළ ලිපියක් බවයි. ඒවගේ හොඳ ලිපියක් ලිවීම ගැන ඔබට ස්තුති කරන්න කියා ඔහු මට දිරිගැන්වුවා. ඔහු මින් පෙර කවදාවත් පිබිදෙව්! සඟරා කියවා තිබුණේ නැහැ.

ජර්මනියේ ඒ. එස්.

අධික මත්පැන් පානය බයිබලේ දෘෂ්ටිකෝණය, “අධික මත්පැන් පානය එතරම්ම බරපතළ දෙයක්ද?” යන ලිපියට ඔබට ස්තුතියි. (2004 මාර්තු 8) මගේ බිරිඳයි මායි අතර ඇති වුණ අඬදබරවලට හේතුව මගේ මත්පැන් පාවිච්චිය බව මට දැන් වැටහෙනවා. ඒවගේම මම ඒ සඳහා ගොඩක් සල්ලිත් නාස්ති කරලා තියෙනවා කියලා මට වැටහෙනවා. දැන් මම බොන්නේ ඉඳලා හිටලයි.

ටැන්සානියාවේ ජේ. කේ.

ප්‍රහේලිකා පිබිදෙව්! සඟරාවේ පළවන ප්‍රහේලිකා පුරවන්න මම හරි කැමතියි. (සිංහලෙන් නැත.) ඒවායින් යමක් ඉගෙනගන්න පුළුවන්. මුලදී හරි වචනය සොයාගන්න මම නිතරම බයිබලේ බැලුවා. දැන් මම එහෙම කරන්නේ කලාතුරකින්. මේකට හේතුව මගේ බයිබල් පාඩමයි. බයිබලය පාඩම් කරන්න මාව දිරිගැන්වුණේ මේ ප්‍රහේලිකායි!

පෝලන්තයේ ඩබ්ලිව්. කේ.

“පිබිදෙව්!” පිළිතුරු දෙයි: “පිබිදෙව්!” සඟරාවේ තිබෙන ප්‍රහේලිකා වෙනුවට සමහර භාෂාවලින් මුද්‍රණය වන පිබිදෙව්! සඟරාවල පළවන්නේ “ඔබ දන්නවාද?” යන බයිබල් ප්‍රශ්නයි.