Skip to content

පටුනට යන්න

දරුවෙකුගේ ජීවිතයට බලපෑමක් කළ පොතක්

දරුවෙකුගේ ජීවිතයට බලපෑමක් කළ පොතක්

දරුවෙකුගේ ජීවිතයට බලපෑමක් කළ පොතක්

අමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියාවේ පිහිටි කුඩා නගරයක සිටි නව හැවිරිදි පිරිමි ළමයෙකු වූ සේවියන් වසර ගණනාවකට පෙර මගේ බයිබල් කතන්දර පොත ගැන තම අගය පළ කරමින් ලිපියක් ලීවේය. මෙය ඔහු ලියා ඇත්තේ ඒ පොත කියවා අවසන් කළ විගසමයි. එහි බයිබල් සිද්ධීන් සහ බයිබල් චරිත ගැන තොරතුරු රැසක් ඇති බව ඔහු පැවසුවේය.

ඔහු පොතේ ප්‍රකාශකයන්ට මෙසේ ලීවේය. “මට හැඟෙන්නේ මේ වගේ පොත් ඔයගොල්ලෝ දිගටම මුද්‍රණය කරන්න ඕනේ කියලයි. එතකොට මං වගේ පොඩි ළමයින්ට බයිබලය ගැන වැඩියෙන් දැනගන්න දිගටම උනන්දු කරන්න ඔයගොල්ලන්ට පුළුවන්.

“බයිබලේ තියෙන හැම දෙයක්ම සත්‍ය බව මම මේ පොතෙන් ඉගෙනගත්තා. ඒවගේම ඒක ලියලා තියෙන්නේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා අපිට උගන්වන්නයි.

“ඔයගොල්ලෝ අපි වගේ පොඩි ළමයින් ගැන උනන්දුවක් දැක්වුවේ නැත්නම්, ඒ වගේම අපිට හොඳින් තේරුම්ගන්න පුළුවන් වන විදියට මේ තොරතුරු සරලව ඉදිරිපත් කළේ නැත්නම් මට ඒ වගේ දැනුමක් ලැබෙන්නේ නෑ.”

ඔබගේ දරුවාට ඉගෙනගන්න දිරිගැන්වීම සඳහා ඔබ කර ඇත්තේ කුමක්ද? බයිබල් සිද්ධීන් සහ බයිබල් චරිත ගැන තොරතුරු ඇති කතන්දර 116කින් සමන්විත පිටු 256කින් යුත් මගේ බයිබල් කතන්දර පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැක. මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

මගේ බයිබල් කතන්දර පොත නමැති පොතේ පිටපතක් පමණක් ලබාගැනීමට මම සතුටුයි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.