මිහිකත සැමදා හඬා වැලපෙන්නේ නැත!
මිහිකත සැමදා හඬා වැලපෙන්නේ නැත!
පෙර ලිපිවල සලකා බැලූ පරිදි මිනිසා මේ යන ක්‍රමයටම යන්නේ නම් ස්වාභාවික සම්පත් කිසිවක් ඉතිරි නොවෙයි කියා පැහැදිලිය. පරිසර දූෂණය, වන විනාශය සහ වෙනත් පාරිසරික ගැටලු අවම කිරීමට ලෝක නායකයන් පැසසිය යුතු ප්‍රයත්නයක් දරා තිබෙන බව පිළිගත හැකියි. වර්ෂ
1972දී මිනිසාගේ පරිසරය පිළිබඳව එක්සත් ජාතීන් සම්මන්ත්‍රණයක් පැවැත්වීය. ඉන්පසු ජාතීන් 163කගේ සහභාගිත්වය ඇතුව මෙම කාරණය සම්බන්ධයෙන් තවත් සම්මන්ත්‍රණ පවත්වනු ලැබීය. ගන්නාවූ ක්‍රියා මාර්ගවලට තම සහයෝගය දක්වන බවට ඔවුහු සහතික වූහ. එහෙත් සිදු වී ඇත්තේ කුමක්ද? “ඇති කරගත් ගිවිසුම්, ක්‍රියාමාර්ග සහ ලිඛිතව සටහන් කළ වෙනත් යෝජනා මගින් සමස්ත ලෝක පාරිසරික ගැටලුව විසඳීමට හැකි වී නැතැයි” කියා ඩේවිඩ් හන්ටර් පවසයි. ඔහු ජාත්‍යන්තර පාරිසරික නීති සම්පාදක මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂකවරයෙකි. “ඇත්තෙන්ම කියනවා නම් එදා 1992දී එක්සත් ජාතීන් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී සලකා බැලූ සෑම ප්‍රධාන පාරිසරික හේතු සාධකයක්ම පරීක්ෂා කිරීමෙන් පරිසරයේ තත්වය දැන් එදාට වඩා දරුණු වී ඇතැයි” කියා හන්ටර් තවදුරටත් පැවසුවේය.පාරිසරික ගැටලු පිළිබඳව කතා කර වසර 30කට වඩා ගෙවී ගොස් ඇතත් එතරම් ප්‍රගතියක් ලැබී නැත්තේ මන්ද? එක හේතුවක් නම් රටක ආර්ථිකයේ වර්ධනයක් සිදු කිරීමේ අවශ්‍යතාවක් තිබීමය. රටක ආර්ථිකය රඳා පවතින්නේ පාරිභෝගිකයන්ගේ ඉල්ලුම මතයි. ඉල්ලුමට අනුව සැපයීමට නම් නිෂ්පාදනය වැඩි කිරීමට ව්‍යාපාරයන්ට සිදු වේ. නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය අවශ්‍යය. මෙම ක්‍රියාදාමය අවසානයේදී වින කරන්නේ පරිසරයටමය. එසේනම් විසඳුම කුමක්ද?
වැරදුණු තැන
මිනිසුන් මිනිසුන්ව පාලනය කිරීම සම්බන්ධයෙන් බයිබලයේ යමක් පැහැදිලි කර ඇත. ප්‍රොපේත යෙරෙමියා මෙසේ පැවසුවේය. “යෙහෝවා, තම ගමන ගැන තීරණ ගැනීම මිනිසාට අයිති නැති බව මම හොඳින් දනිමි. පයින් ගමන් කරන මිනිසෙකුට තම පය තබන තැනවත් තීරණය කිරීමට අයිතියක් නැත.” (යෙරෙමියා 10:23, NW) මේ වචන සැබෑවක් නොවේද!
ඔබ කවදා හෝ මල් වත්තක් බැලීමට ගොස් ඇද්ද? ගස් වැල්, පඳුරු හා ලස්සන මල් දැක අපි මොන තරම් ප්‍රීති වන්නෙමුද! එවන් අලංකාර මල් වත්තක් ඉබේ පහළ වන්නක් නොවේ. ගස් කප්පාදු කිරීමට, තණ බිස්ස ලස්සනට කැපීමට සහ නෙත් සිත් ඇදගන්නා අයුරකින් මල් පාත්ති සකස් කිරීමට පළපුරුදු උයන්පල්ලෝ පැය ගණනාවක් පුරා වෙහෙසෙති. මල් වත්තකට දෙන එවන් සැලකිල්ලක් මුළු ලෝකෙටම ලැබුණා නම් අපේ මිහිතලය මොන තරම් සුන්දර තැනක් වේවිද!
ඇත්තෙන්ම අපේ මැවුම්කරුගේ අරමුණ වූයේ අපේ මිහිතලයට එවැනි සැලකිල්ලක් ලැබීමයි. දේවානුභාවයෙන් දුන් වචනයේ මැවීම පිළිබඳ වාර්තාවේ මෙසේ පවසයි. “යෙහෝවා දෙවි මනුෂ්‍යයා ගෙන ඒදන් උයන වවන්ටත් රක්ෂා කරන්ටත් එහි තැබුවේය.” (උත්පත්ති 2:15) මුල් යුවළට ලැබුණු ආඥාව ඒදන් උයන රැකබලා ගැනීමට පමණක් සීමා නොවීය. එම පාරාදීසය මුළු පොළොව පුරාම ව්‍යාප්ත කිරීමේ කටයුත්ත ඔවුන්ට භාර දී තිබිණ.—උත්පත්ති 1:28.
කනගාටුවට කරුණක් වන්නේ, ආදම් සහ ඒවගේ අකීකරුකම නිසා ඔවුන් අසම්පූර්ණ තත්වයකට පත්වීමයි. එමෙන්ම පාරාදීසයේ සීමා පුළුල් කිරීමේ ප්‍රස්තාවද ඔවුන්ට අහිමි විය. (උත්පත්ති 3:1-6, 23) මුල් මිනිස් යුවළගෙන් පැවතෙන්නන් හැටියට අපටද පාපය හා අසම්පූර්ණත්වය උරුම වී තිබේ. (රෝම 5:12) ස්වාභාවික සම්පත් අනිසි ලෙස භාවිත කිරීම, මිනිසා මිනිසාවම පාලනය කිරීමට නිරර්ථක වෑයමක යෙදී තිබෙන බවට එක් උදාහරණයක් පමණි. තමන්ගේම ප්‍රශ්න තමන්ටම විසඳාගැනීමට හැකියාවක් නැති බව ඉන් පැහැදිලි වේ. වෙනත් කෙනෙකුගේ උපකාරයක් අවශ්‍යය.
විසඳුමක් ලැබෙන මඟ
යේසුස් පොළොවේ සිටිද්දී තම ගෝලයන්ට ඉගැන්වූයේ මෙසේ යාච්ඤා කිරීමටයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 6:10) දෙවිගේ ස්වර්ගික රාජ්‍යය යටතේ පොළොව පාරාදීසයක් බවට පත් වෙයි කියා බයිබලයේ පවසයි. (ගීතාවලිය 37:10, 11) ඒ කාලයේදී පිරිසිදු පරිසරයක් තුළ තිබෙන ගස් වැල්වලින් සම්පූර්ණ පලදාවක් ලැබෙනු ඇත. (ගීතාවලිය 72:16) දෙවිගේ මඟ පෙන්වීමට එකඟව පරිසර දූෂණයද නැති වනු ඇත. මිනිසා පරිසරය සමඟ අත්වැල් බැඳගෙන ජීවත් වන ආකාරයද ඉගෙනගනු ඇත. කෙසේද අප ඒ ගැන සහතික වන්නේ?
පොළොව “සදාකල්ම නොසෙල්වන ලෙස පොළොවේ අත්තිවාරම් ලූවේය” කියා බයිබලයේ පවසයි. (ගීතාවලිය 104:5) දෙවි නියම කර තිබෙන කාලයේදී, සියලුදෙනාම යහපත් සෞඛ්‍යයකින් ජීවත් වනු ඇත. එමෙන්ම බහුල ලෙස ආහාර පානාදිය භුක්ති විඳින අතර සැමට නිවසක සෙවණක් ලබාගැනීම ඇතුළු සෑම ආශීර්වාදයක්ම සදාකාලයටම අද්දකිනු ඇත. දෙවිගේ අරමුණු ගැන තව දැනගැනීමට ඔබ කැමතිද? යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවන්න කියා ඇරයුම් කිරීමට කැමැත්තෙමු. මිහිතලය බේරාගත හැකි මෙන්ම එය බේරෙන ආකාරය බයිබලයෙන් ඉගෙනගැනීමට ඔවුන් සතුටෙන් ඔබට උපකාර කරනු ඇත.
[20වන පිටුවේ පින්තූර]
දෙවිගේ මඟ පෙන්වීමට එකඟව මිනිසා පරිසරය සමඟ අත්වැල් බැඳගෙන සිටිනු ඇත
[හිමිකම් විස්තර]
දැරිය සහ ගොවියා: © Jeremy Horner/ Panos Pictures