Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් මේ පිටුවේම සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” නමැති පොත බලන්න. [it, සිංහලෙන් නැත])

1. පේතෘස් පැවසූ පරිදි දෙවි ආත්මික ඊශ්‍රායෙල්ව “ශුද්ධ වූ ජාතියක්” කළේ මන්ද? (1 පේතෘස් 2:9)

2. යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය කුමක්ද? එය සිදු කළ ස්ථානය කුමක්ද? (යොහන් 2:1-11)

3. දෙවි ආදම්ගේ අනුපූරකයක් වූ ඒවව සෑදුවේ කුමකින්ද? (උත්පත්ති 2:22)

4. ඊශ්‍රායෙල්හි “බෙලියල්ගේ පුත්‍රයෝ” කියා හැඳින්වූ පුත්‍රයන් සිටියේ කුමන ප්‍රසිද්ධ පුද්ගලයාටද? (1 සාමුවෙල් 2:12)

5. පුරාණයේ තිබුණ හෝමෙරයට සහ බාත් දසයට සමාන වූ මිනුම් ඒකකය කුමක්ද? (ලූක් 16:7)

6. පරිසිවරු අහසේ ස්වභාවය තෝරා දෙන්න දැනගෙන සිටි නමුත් යේසුස් කීවේ ඔවුන්ට කුමක් තෝරා දීමට නොහැකි බවද? (මතෙව් 16:3)

7. එසකියෙල්ගේ අනාවැකියට අනුව සුරක්ෂිතව හා සමෘද්ධිමත්ව සිටින දෙවිගේ ජනයාට ප්‍රහාර එල්ල කරන්නේ කවුද? (එසකියෙල් 38:14-16; 39:11)

8. ආගමික නායකයන් “තොල්වලින්” කළ නමස්කාරය පලක් නැති නමස්කාරයක් බව යේසුස් කීවේ මන්ද? (මාක් 7:6, 7)

9. තම පුත්‍රයා වන කානාන්ට ශාපයක් ගෙනා සිද්ධියක නියැලුණේ නෝවාගේ කොයි පුත්‍රයාද? (උත්පත්ති 9:22-25)

10. ඊශ්‍රායෙලයේ උතුරේම පිහිටි දේශයට සමාන වුණේ කුමන ගෝත්‍රයට අයත් දේශයද? (විනිශ්චයකාරයෝ 20:1)

11. හෙසකියා අකාලේ මිය යෑමට තිබෙන ඉඩ කඩ සමාන කරන්නේ කුමකටද? (යෙසායා 38:12)

12. දාවිත් දෙවිට අකීකරු වී ඊශ්‍රායෙල් ජනයාව ගණන් කළ පසු, දඬුවම් තුනෙන් එකක් තෝරාගන්න කිවූ අවස්ථාවේදී ඔහු තෝරාගත්තේ කුමන දඬුවමද? (2 සාමුවෙල් 24:12-15)

13. යුදෙව් පූජකයෙක් වූ එස්රා ලීවේ කුමන බයිබල් පොත් තුනද?

14. ආණ්ඩුකාර ෆීලික්ස් පාවුල් පැමිණි පළාත හැටියට දැක්වූයේ කුමන පළාතද? (ක්‍රියා 23:34)

15. දාවිත්ට විරුද්ධව කැරලි ගැසූ අබ්සලොම් වෙනුවෙනුත්, අබ්සලොම්ව මැරුව පසු දාවිත් වෙනුවෙනුත් සේනාපතියා වූයේ කවරෙක්ද? (2 සාමුවෙල් 17:25; 19:13)

16. දාවිත්ගේ පුත්‍ර අබ්සලොම් මැරුණාය යන ප්‍රවෘත්තිය දාවිත් රජුට දැන්වීමට සේනාපති යෝවාබ් තෝරාගත්තේ කාවද? (2 සාමුවෙල් 18:21, 32)

17. තම පුත්‍රයා වන යොසෙප්ව චණ්ඩ මෘගයෙකු විසින් ගිලදැමුවායයි කියා සිතීමට යාකොබ් පෙලඹුණේ ඇයි? (උත්පත්ති 37:31-33)

18. යේසුස්ව බිහි කිරීමට මරියාව තෝරාගෙන තිබෙන බව ඇයට කී දේවදූතයාගේ නම කුමක්ද? (ලූක් 1:26-31)

ප්‍රශ්නවලට පිළිතුරු

1. දෙවිගේ “උතුම් ගතිගුණ ගැන සෑම තැනම ප්‍රකාශ කරන පිණිස”

2. වතුර වයින් කිරීම; කානා

3. ආදම්ගෙන් ගත් ඉළ ඇටයකින්

4. ඒලී

5. කෝර්

6. “නියම කරන ලද කාලවල ලකුණු”

7. ගොග් සහ ඔහුගේ “සමූහයා”

8. ඔවුන්ගේ හදවත ‘ඔහුගෙන් දුරුව තිබුණ’ නිසයි

9. හාම්

10. දාන්

11. වියනක නූල කපා දැමීමකට

12. වසංගතය

13. පළමුවෙනි ලේකම්, දෙවෙනි ලේකම්, එස්රා

14. සිලීසියාව

15. අමාසා

16. නම සඳහන් නැති කූශිය වැසියෙක්

17. එළුවෙකුගේ ලේවල පෙඟවූ යෝසෙප්ගේ වර්ණවත් සළුව ඔහුට පෙන්වීය

18. ගාබ්‍රියෙල්