Skip to content

පටුනට යන්න

“වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු හුඟක් සතුටු වුණා”

“වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු හුඟක් සතුටු වුණා”

වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු හුඟක් සතුටු වුණා”

පිබිදෙව්! සඟරාවේ ප්‍රකාශකයන්ට ලිපියක් ලියමින් එසේ පැවසුවේ ජෝජියාවේ ට්පිලිසි වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයෙකි. මේ ශිෂ්‍යයා පිබිදෙව්! සඟරාවට එසේ ලිව්වේ මන්ද?

“මම 1998 ඉඳන් ඔයගොල්ලන්ගේ සඟරා කියවනවා. . . . මගේ අධ්‍යාපන කටයුතුවලට ඒ ලිපි ගොඩක් උපකාරවත් වෙනවා. ඒ ලිපි කාලෝචිතයි. ඒ වගේම විශ්වාසදායක තොරතුරුවලින් පිරිලා. මේ ළඟදී මම ‘ක්ලෝන කිරීම සහ ප්‍රාථමික සෛල’ යන විෂය ගැන ලියූ රචනාවකට කරුණු සෙව්වා. ඒ සඳහා මට තොරතුරු ලැබුණේ ‘ප්‍රාථමික සෛල—විද්‍යාව යා යුතු දුර පසු කර තිබේද?’ යන 2002 නොවැම්බර් 22 පිබිදෙව්! කලාපයේ පළ වූ ලිපි මාලාවෙනුයි. (සිංහලෙන් පළ වූයේ 2002 දෙසැම්බර් 8 කලාපයේ 23 සිට 30 දක්වා පිටුවලයි.) වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරු හුඟක් සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි වැඩිම ලකුණු ලැබුණෙත් මටයි.

“ඒ වගේ උනන්දුවක් ඇති වන විෂයන්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව ගැන ලිපි පළ කිරීම ගැන මම හුඟක් සතුටු වෙනවා. මමවත් මගේ පවුලේ අයවත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නෙවෙයි. ඒ කොහොමවුණත් අප අවට තියෙන ලෝකය ගැන අපගේ දැනුම වැඩි කිරීමට දායක වන ඔයගොල්ලන්ගේ සඟරා අපි ඉතා ආශාවෙන් කියවනවා.”

ශාරීරික සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් රුකුලක් වන ප්‍රායෝගික මඟ පෙන්වීම් බයිබලය තුළ සපයා ඇති බව දැනගැනීමෙන් ඔබ පුදුමයට පත් වෙනු ඇත. ඒ ගැන පිටු 32කින් යුත් සියලුම ජනයා සඳහා පොතක් නම් විවරණිකාවේ ගෙනහැර දක්වා තිබේ. පහත ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් මෙම පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැකියි.

සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.