Skip to content

පටුනට යන්න

බලශක්තිය නැතුව ජීවත් වෙන්න බැරිද?

බලශක්තිය නැතුව ජීවත් වෙන්න බැරිද?

බලශක්තිය නැතුව ජීවත් වෙන්න බැරිද?

බිලිඳු මයිකා ඉපදුණේ 2003 අගෝස්තු මාසයේ එක්තරා දිනයකදීයි. එදා ඔහුගේ මවව මාතෘ නිවසට වහාම රැගෙන ගියේ පෙට්‍රල්වලින් දුවන රථයකිනුයි. ඔහු මෙලොව එළිය දකින විට රෝහලේ විදුලි බුබුළු දැල්වෙමින් තිබුණේ ගල් අඟුරු බලාගාරයකින් නිකුත් කළ බලශක්තිය නිසයි. ඔහුගේ ප්‍රථම හුස්ම ඔහු ගත්තේ ස්වාභාවික වායුවෙන් උණුසුම් වන තාප පද්ධතියකින් සමන්විත වූ කාමරයකදීයි. එවන් බලශක්තීන්වලින් එකක් හෝ නොතිබුණා නම් පුංචි මයිකාගේ ජීවිතය අනතුරට ලක් වෙන්න ඉඩ තිබුණා.

මයිකා උපන් මෙම නවීන ලෝකය රඳාපවතින්නේ නොයෙක් ආකාරයේ බලශක්ති ප්‍රභවයන් නිසයි. රැකියාවට යන්න එන්න, ආහාර පිළියෙල කරන්න හෝ අපේ නිවෙස් ආලෝකවත් කරන්නත්, උණුසුම් මෙන්ම සිසිල් කරන්නත් දිනපතාම අපි ෆොසිල ඉන්ධන (ඛනිජ තෙල් සහ ගල් අඟුරු) මත රඳාපවතිනවා. ලෝක සම්පත් ආයතනය පවසන්නේ “ලොව පුරා ප්‍රයෝජනයට ගැනෙන බලශක්ති ප්‍රමාණයෙන් සියයට 90ක් පමණ ලබාගන්නේ” ෆොසිල ඉන්ධනවලින් කියායි. එම ආයනතය මගින් වර්ෂ 2000දී පළ කළ වාර්තාවක මෙසේද පවසයි. “බලශක්තිය ලබාගන්නා ආකාරය ගැන බලන කල, ලෝකයට වැඩියෙන්ම බලශක්තිය ලබා දෙන්නේ පෙට්‍රෝලියම් මගින්. එය සියයට 40ක්. එමෙන්ම ගල් අඟුරුවලින් සියයට 26ක්ද, ස්වාභාවික වායු මගින් සියයට 24ක්ද බලශක්තිය ලබා දෙනවා.” *

එක් සඟරාවක මෙසේ පවසනවා. “සෑම වසරකම අමෙරිකානුවෙක් ප්‍රවාහණය කිරීම, උණුසුම් කිරීම හා සිසිල් කිරීම වැනි සියලු කාර්යයන් සඳහා කිලෝවොට් පැය 93,000ක් නැතහොත් පෙට්‍රෝලියම් ලීටර් 8,000ක ප්‍රමාණයක් භාවිත කරයි.” (Bioscience) ඕස්ට්‍රේලියාවේ, චීනයේ, දකුණු අප්‍රිකාවේ සහ පෝලන්තයේ භාවිත කෙරෙන විදුලි බලයෙන් සියයට 75කට වැඩි ප්‍රමාණයක් ලබාගන්නේ ගල් අඟුරු දාහක ජනකයන්වලින්. ඉන්දියාව තම විදුලි බලයෙන් සියයට 60ක්ම ලබාගන්නේ ගල් අඟුරුවලින්. එක්සත් ජනපදයේ සහ ජර්මනියේ භාවිත වන විදුලි බල ප්‍රමාණයෙන් අඩකට වඩා සපයාගන්නේද ගල් අඟුරුවලින්.

ජෙරමයා ක්‍රීඩන් නමැති පුවත්පත් වාර්තාකරු “තෙල් නැතිදා ජීවිතය” යන තේමාවෙන් යුත් ලිපියක මෙසේ පවසයි. “ලෝක ආහාර නිෂ්පාදනය සඳහා පෙට්‍රෝලියම් දායක වන බව වැඩිදෙනෙක් දන්නේ නැහැ. එහෙත් නවීන කෘෂිකර්මයට අවශ්‍ය වන පොහොර සකස් කිරීමේ සිට පල භෝග නැව්ගත කිරීම දක්වා ඇති සෑම පියවරක් සඳහාම පෙට්‍රෝලියම් සහ ස්වාභාවික වායු අත්‍යවශ්‍යයි.” (Utne Reader සඟරාව) ජීවත්වීමට සහ තම අවශ්‍යතාවන් සපුරාගැනීමට නවීන සමාජය භාවිත කරන බලශක්තීන්වලින් අහිතකර ප්‍රතිඵල ඇති නොවේවිද? එවැනි ප්‍රතිඵල ඇති නොවන විකල්ප තිබෙනවාද?

[පාදසටහන]

^ 3 ඡේ. ඛනිජ තෙල් පරිභෝජනයේ ඉතිහාසය ගැන වැඩි විස්තර සඳහා 2003 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 19-28 දක්වා පිටු බලන්න.