Skip to content

පටුනට යන්න

වසරේ අතිවැදගත් උත්සවය—ඔබට සාදර ඇරයුම්!

වසරේ අතිවැදගත් උත්සවය—ඔබට සාදර ඇරයුම්!

වසරේ අතිවැදගත් උත්සවය—ඔබට සාදර ඇරයුම්!

ඔබ අමතක නොකළ යුතු උත්සවයක් 2005 මාර්තු 24වන බ්‍රහස්පතින්දා පැවැත්වෙනු ඇත. එම උත්සවය නම් යේසුස් තම ගෝලයන් සමඟ පැවැත්වූ අවසාන සන්ධ්‍යා භෝජනයයි. එය සිහිකිරීම පිණිස ලොව පුරා සිටින මිලියන හයක් පමණ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සමඟ එම දවසේදී රැස්වනු ඇත. එදාට යේසුස්ගේ උපදෙස් පරිදි මුහුන් නුමුසු රොටි සහ රතු වයින් අතින් අත යවනු ලබන අතර එම උත්සවයේ අරමුණ පහදා දෙනු ලැබේ.—මාක් 14:22-24.

බොහෝදෙනෙකු මෙය හඳුන්වන්නේ ස්වාමීන්ගේ භෝජනය හෝ ස්වාමීන්ගේ රාත්‍රී භෝජනය යනුවෙනි. යෙහෝවාගේ සාක්ෂිකරුවන් මෙය හඳුන්වන්නේ යේසුස්ගේ මරණය සිහිකිරීම ලෙසටයි. මෙය පව්කාර මිනිසුන් උදෙසා යේසුස් ක්‍රිස්තුස් දුන් යාගික මරණය ගැන වැදගත් සිහිගැන්වීමකි. (යොහන් 3:16; 1 යොහන් 2:2) යේසුස්ගේ අන්තිම භෝජනයෙන් පසු ඔහුව අල්ලා වරදකරුවෙකු ලෙස කණුවක මරණයට පත් කරන ලදි.—යොහන් 19:17, 18.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට වාර්ෂිකව ඉතා වැදගත් වන මේ විශේෂ රැස්වීමට, ඔබට සාදරයෙන් ඇරයුම් කිරීමට කැමැත්තෙමු. ඔබට කිට්ටුව තිබෙන රාජ්‍ය ශාලාවෙන් මෙය පවත්වනු ලබන වේලාව සහ ස්ථානය ගැන දැනගත හැකියි.