Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් 19වන පිටුවේ සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” නමැති පොත බලන්න. [it, සිංහලෙන් නැත])

1. යේසුස් මුහුදේ ඇවිදිනවා දකිද්දී යේසුස්ගේ ගෝලයෝ යාත්‍රා කරමින් සිටියේ කුමන නගරයටද? (මාක් 6:45-49)

2. යොහන්ගේ පුත් සීමොන්ට යේසුස් දුන්නේ කුමන නමද? (යොහන් 1:42)

3. සහෝදරයන් අතර ප්‍රථමයා වෙන්න කැමති ඕනෑම කෙනෙක් ඔවුන්ගේ කවරෙකු විය යුතුද? (මාක් 10:44)

4. යෙහෝවා ආබ්‍රම්ට මඟ පෙන්වූයේ කල්දිවරුන්ගේ කුමන නගරයෙන් ඉවත් වන්න කියාද? (උත්පත්ති 11:31; 12:1)

5. ඊශ්‍රායෙල්ට දුන් නීතියේ නිමිති බැලීම තහනම් කර තිබුණේ මන්ද? (ද්විතීය කතාව 18:10-13)

6. ක්‍රිස්තියානියෙක් මංගල්‍යයන් සඳහා දිලිඳු, අබ්බගාත, කොර හා අන්ධ මිනිසුන්ට ආරාධනා කිරීමෙන් ඔවුන්ට කිනම් ආශීර්වාද ලැබෙන බව යේසුස් කීවේද? (ලූක් 14:13, 14)

7. මිනිසෙකු මිය යද්දී ඔහුත් සමඟම නැති වී යන්නේ කුමක්ද? (දේශනාකාරයා 9:6)

8. යෙහෝවා කාලය ගණනය කරන ආකාරය සහ අප එය කරන ආකාරය අතර ඇති වෙනස කුමක්ද? (2 පේතෘස් 3:8)

9. වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමෙන් ක්‍රිස්තියානිවරයෙකුට අත් කරගත හැක්කේ කුමක්ද? (හෙබ්‍රෙව් 5:14)

10. බාලාම් තම කොටළු දෙනට ගැසුවේ මන්ද? (ගණන් කතාව 22:22-25)

11. උත්තම පූජකයා තම නිල් පාට සළුවට උඩින් ඇඳ සිටි හැට්ටය කුමක්ද? (නික්මයාම 28:4, 31)

12. කානාන්ට පහර දීමේදී ඊශ්‍රායෙල් අල්ලාගත් දෙවන නුවර කුමක්ද? (යෝෂුවා 8:18, 19)

13. යේසුස් කී ලෙස එවකට සිටි සියලු වැන්දඹුවන්ගෙන් එලියාව යවනු ලැබුවේ කිනම් වැන්දඹුව ළඟටද? (ලූක් 4:26)

14. අපට වෛර කරන අය සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන යේසුස් ඉගැන්වූයේ කිනම් ප්‍රතිපත්තියද? (මතෙව් 5:44)

15. සාලමොන්ගේ විවාහ දිනයේදී ඔහුගේ මව විසින් පැළඳුවේ කුමක්ද? (සලමොන්ගේ ගීතිකාව 3:11)

16. සාලමොන්ගේ වදන්වලට අනුව ශීඝ්‍ර ගමන්කාරයන්ට දිවීම කෙළවර කළ නොහැකි වන අවස්ථා තිබෙන්නේ මන්ද? (දේශනාකාරයා 9:11)

17. ඊශ්‍රායෙල් ගෝත්‍ර දෙක පැමිණි යෝසෙෆ්ගේ පුත්‍රයන් දෙදෙනාගේ නම් මොනවාද? (උත්පත්ති 41:50-52)

18. යාකොබ් පාරාවෝට කීවේ ඔහු විදේශීව හැසුරුණු අවුරුදු ගණන කීයක් කියාද? (උත්පත්ති 47:7-9)

19. යේසුස් තමාගේ මරණයට පෙර ගෝලයන් සමඟ පැවැත්වූයේ කුමක්ද? (ලූක් 22:20)

20. පේතෘස් සුව කළ, අට අවුරුද්දක් පුරා තම යහනේ ඔත්පළව අංශභාගී රෝගයෙන් පෙළුණ මිනිසාගේ නම කුමක්ද? (ක්‍රියා 9:33, 34)

21. ජීවමාන සියල්ලන්ගේ මව් කියා හැඳින්වූයේ කාවද? (උත්පත්ති 3:20)

පිළිතුරු

1. බෙත්සයිදාවට

2. සීෆස්

3. ඔවුන්ගේ දාසයා

4. ඌර්

5. එය පේන කීමක් වන අතර යෙහෝවාට පිළිකුල් ක්‍රියාවකි

6. ප්‍රතිඵලයක් ලෙස කිසිවක් ආපසු ඔවුන් බලාපොරොත්තු නොවන නිසා ඔවුන්ට දෙවිගෙන් ආශීර්වාද ලැබෙන අතර සන්තෝෂයද අත් වේ

7. ඔහුගේ ප්‍රේමය, ද්වේෂය හා ඊර්ෂ්‍යාව

8. යෙහෝවාට එක දවසක් අවුරුදු දහසක් මෙන්ය

9. මේරූකම, හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමේ හැකියාව

10. දෙවිගේ දූතයා මාර්ගය අවහිර කරගෙන සිටින බව කොටළු දෙන දැක මාර්ගයෙන් ඉවත්ව කෙතට යන්න තැත් කළ නිසා

11. ඒඵොද් හැට්ටය

12. හායි

13. “සීදොන් දේශයේ පිහිටි සාරෆෙත්හි විසූ” වැන්දඹුවක් වෙතට

14. ‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න’

15. ඔටුන්නක්

16. “කාලයත් හදිසි කාරණාත්” නිසා

17. මනස්සේ සහ එප්‍රායිම්

18. 130

19. සන්ධ්‍යා භෝජනයක්

20. අනීයස්

21. ඒව