Skip to content

පටුනට යන්න

පරෙස්සමින්! දරුවෝ නොමඟ යයි

පරෙස්සමින්! දරුවෝ නොමඟ යයි

පරෙස්සමින්! දරුවෝ නොමඟ යයි

ෆින්ලන්තයේ පිබිදෙව්! ලේඛක විසින්

 රුවන්ගෙන් බොහොමයකට චිත්‍රපට, රූපවාහිනිය, වීඩියෝ, DVD නැරඹීම, ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලින් කරන ක්‍රීඩාවල නියැලීම සහ අන්තර්ජාලයේ කාලය ගත කිරීම එදිනෙදා ජීවිතයේ කොටසක් වී හමාරය. ෆින්ලන්තයේ චිත්‍රපට වර්ගීකරණය කරන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ මෑත වාර්තාවක මෙසේ සඳහන් වේ. “ඇතැම් සංඛ්‍යා ලේඛනවලට අනුව, බාලයෝ සහ දරුවෝ පවුලේ අය සමඟ ගත කරන කාලයට වඩා විසි තිස් ගුණයක් වැඩියෙන් පරිගණකය ඉදිරිපිට කාලය ගත කරති. නැතහොත් රූපවාහිනිය නැරඹීම සඳහා කාලය යොදවති.” * මේ නිසා හානිකර දේවලට දරුවන්ව නිරාවරණය වීම කනගාටුවට කාරණයකි.

සමහර රටවල අධිකාරීන් ළමා ආරක්ෂාව සඳහා කටයුතු කර ඇත්තේ වයස් සීමාවන් සහ නරඹන වැඩසටහන් වර්ග කර දැක්වීමෙනි. කෙසේවෙතත් වාර්තාවට අනුව පෙනී යන්නේ දරුවන් සහ දෙමාපියන් සැමවිටම ඒ ගැන වටහා නොගන්නා අතර එසේ කර තිබීමේ වටිනාකමද සුළු කරන බවයි. සිනමා හල් සහ වීඩියෝ අලෙවි හල් බොහොමයක් සඳහන් කර ඇති වයස් සීමාවන් ගැන නොතකන බව තවදුරටත් එහි සඳහන් වේ. එපමණක්ද නොව සමහර වැඩසටහන් සහ චිත්‍රපටි වර්ග කරද නැත.

සමීක්ෂණයට ලක් කෙරුණ ගුරුවරියන්ගෙන් කෙනෙක් කියා සිටියේ “යම් වැඩසටහනක ලේ වැගිරීමක් දක්නට නැත්නම් ඒ වැඩසටහන සැහැසික එකක් කියලා සිසුන් හිතන්නේ නෑ” කියායි. වීඩියෝ පට සහ පරිඝණක ක්‍රීඩා බොහොමයක් ඇතුළු දරුවන් සඳහාම නිර්මාණය කර ඇති කාටූන් වැඩසටහන් බොහොමයක දරුවන්ට හානිකර දේවල් තිබේ.

තවදුරටත් එම වාර්තාව සඳහන් කරන්නේ “දරුවන් නරඹන චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන් සම්බන්ධයෙන් මූලික වගකීම” ඇත්තේ ගෙදර සිටින අය අතේ කියාය. සිතා බැලිය යුතු මේ ප්‍රශ්නයත් සමඟ එය අවසන් වේ. “ජනමාධ්‍යයෙන් දරුවන් සඳහා ඉදිරිපත් කරන විනාශකාරී දේවලින් ඔවුන්ව ආරක්ෂා කරගැනීමට, අපට උවමනාවක් සහ ශක්තියක් තියෙනවාද?”

[පාදසටහන]

^ 3 ඡේ. “වැඩසටහන් නැරඹීම සඳහා වයස් සීමාව සහ ළමා ආරක්ෂාව” යනු එම වාර්තාවේ තේමාවයි. වාර්තාව පදනම් වූයේ ප්‍රාථමික සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙන්ම ගුරුවරුන් 340ක් වැනි සංඛ්‍යාවක් සමඟ කළ අධ්‍යයනයක් මතයි.