Skip to content

පටුනට යන්න

පිළිතුරු සොයන යෞවනයෝ

පිළිතුරු සොයන යෞවනයෝ

පිළිතුරු සොයන යෞවනයෝ

වසර 2002දී කිතුණු ලෝක යොවුන් දිනය, 17වන වතාවටත් කැනඩාවේ ටොරොන්ටෝහි පැවැත්වෙද්දී ඊට සහභාගි වීමට දස දහස් ගණන්දෙනෙක් දස දෙසින් පැමිණියහ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම වැඩසටහනට සහභාගි නොවූවත් බොහෝ යෞවනයන් නගරයට පැමිණේවී කියා ඔවුහු බලාපොරොත්තුවෙන් සිටියහ. මෙහිදී ඔවුන් ක්‍රියා කළේ කෙසේද? පළමුවන ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් මෙන් ශුද්ධ ලියවිලි ගැන කතා කිරීමට මෙම අවස්ථාව උපයෝගි කරගැනීමෙනි.—ක්‍රියා 16:12, 13.

ආගම දහමට ලැදිවීම ගැන සාක්ෂිකරුවෝ මේ යෞවනයන්ට ප්‍රශංසා කළහ. මෙය ආගමික කාරණා ගැන සුහදව කතා බහ කිරීමට මඟ පෑදීය. ලෝක යොවුන් දිනයේදී ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු වුණාද කියා සාක්ෂිකාරියක් එක් යෞවනියකගෙන් ඇසුවාය. ඇයගේ පිළිතුර වූයේ “මේ වෙනකං නැටුම් ගැයුම් තමයි තිබුණේ. දෙවියන් කෙරේ තියෙන මගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා කියලා නම් කියන්න බැහැ.”

ඊළඟට සියලු ජනයා සඳහා පොතක් කියන විවරණිකාව සාක්ෂිකාරිය ඇයට ඉදිරිපත් කළාය. මේ විවරණිකාව තුළ ජනයා අසන බොහොමයක් ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන බව සාක්ෂිකාරිය පැහැදිලි කළාය. “මෙය සැබවින් දේවවචනයද?” සහ “මුලින් ලියූ දෙයම වෙනසක් නොවී අපට ලැබී ඇති බව අපට දැනගත හැක්කේ කොහොමද?” යන ප්‍රශ්න ඉන් සමහරකි.

යෞවනිය මෙසේ කීවාය. “ඒ වගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් තමයි මම හිටියේ. මට ඒවාට උත්තර ඕනේ. මේ විවරණිකාව මම දැන්ම කියවනවා. මේ ගමනේදී මට ලැබුණ ලොකුම ප්‍රයෝජනය මේ විවරණිකාව කියවීම වෙන්න පුළුවන්.”

ඒ කිතුණු ලෝක යොවුන් දිනයට පැමිණි අය අතුරින් බොහෝදෙනෙකු සමඟ සාක්ෂිකරුවන් කළ සාකච්ඡාවන්ගෙන් එකක් පමණයි. සියලු ජනයා සඳහා පොතක් නමැති පිටු 32කින් යුත් විවරණිකාව ලබාගැනීමට ඔබත් කැමති නම් පහත ඇති කූපනය පුරවා, සඳහන් කර ඇති ලිපිනයට එවීමෙන් හෝ මෙම සඟරාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට එවීමෙන් මෙම පොතේ පිටපතක් ඔබට ඉල්ලුම් කළ හැකියි.

□ සියලුම ජනයා සඳහා පොතක් නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමැත්තෙමි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.