Skip to content

පටුනට යන්න

මොනවද මේ දවස්වල පෙන්වන චිත්‍රපට?

මොනවද මේ දවස්වල පෙන්වන චිත්‍රපට?

මොනවද මේ දවස්වල පෙන්වන චිත්‍රපට?

ඔබ විනෝදය සඳහා මොනවාද කරන්නේ? බොහෝදෙනෙක් මුහුදු වෙරළේ හෝ මල් වතුවල ඇවිදින්න යනවා.

නමුත් චිත්‍රපට කර්මාන්තයේ සිටින අය බලාපොරොත්තු වන්නේ මිනිසුන් මිලියන ගණනක් චිත්‍රපට නැරඹීමට පැමිණෙයි කියායි. එක්සත් ජනපදයේ පමණක් සිනමා ශාලා 35,000ක් පමණ තිබෙනවා. මෑත කාලයේදී එම රටේ ආදායම් බිඳ හෙළූ චිත්‍රපටවලින් සියයට 40ක ආදායමක් උපයාගෙන තිබෙන්නේ එහි ගිම්හාන කාලය වන මැයි සිට සැප්තැම්බර් මාස තුළයි. “එය හරියට නත්තල් කාලයේදී වෙළෙන්දෝ ආදායම් උපයාගන්නවා වගෙයි” කියා හයිඩි පාකර් විසින් එක් සඟරාවක සඳහන් කළා.—Movieline.

කොහොම වුණත් සැමවිටම තත්වය එසේ වී නැහැ. එක් කලෙක එහි ගිම්හානයේ සිනමා හල් කරා පැමිණෙයි කියා සිතූ තරම් සංඛ්‍යාවක් නොපැමිණි නිසා දර්ශන වේලාවන් අඩු කිරීමට නැතහොත් සිනමා හල් වසා දැමීමට පවා සිදු වුණා. නමුත් 1970 මැද භාගයේදී වායු සමීකරණය කරන ලද සිනමා හල්වලට මිනිසුන් ඇදී ආවේ දැඩි රස්නයෙන් මිදීමටයි. ඒ කාලය පාසැල් නිවාඩු කාලය නිසා චිත්‍රපට නිෂ්පාදකවරුන් දරුවන් වෙනුවෙන් චිත්‍රපට නිපදවීමට පෙලඹුණා. වැඩි කල් නොගොස් අතිශය ජනප්‍රිය චිත්‍රපට බිහිවීමට පටන්ගත්තා. අපි දැන් බලන්න යන්නේ චිත්‍රපට නිෂ්පාදනයෙත් එහි ප්‍රචාරණ කටයුතුවලත් නව මුහුණුවරක් ගනු ලැබූ ආකාරයයි.