Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

ඉගෙනගැනීම මම ගුරුවරියක්. “බාල මහලු කාටත් ඉගෙනීමෙන් ප්‍රීතියක් ලබන්න පුළුවන්” යන ලිපි පෙළ කියවා අවසන් කළා පමණයි. (2004 අගෝස්තු 8) කෙටි, ඉතා පැහැදිලි සහ ප්‍රායෝගික ලිපි ඔයගොල්ලන් ලියන්නේ කොහොමද කියලා මම නිතරම කල්පනා කරලා තියෙනවා. ඔයගොල්ලන් හැම වයස් කාණ්ඩයකම ඉන්න අයට උද්‍යෝගයෙන් යුතුව ඉගෙනීමට උනන්දු කරලා තියෙන එක ගැන මම හුඟක් අගය කරනවා.

ඉතාලියේ එෆ්. එස්.

උසස් පාසැල් අධ්‍යාපනය බාගයක් දුරට කරද්දී මම පාසල් යන එක නතර කළා. ගෙදර ඉඳන් මටම තනියෙන් ඉගෙනගන්න දෙමාපියන් මට ඉඩ දුන්නා. මට දැන් අවුරුදු 20යි. නැවත වතාවක් මට ඉගෙනගන්න ලැබිලා තියෙන එක ගැන මම සතුටු වෙනවා. තමන් මොන තත්වයකට මුහුණ දුන්නත් ඉගෙනීමෙන් ප්‍රීතියක් ලබන්න පුළුවන් කියන එක මේ ලිපි මාලාවෙන් මට නැවත මතක් කරලා දුන්නා.

එක්සත් ජනපදයේ එන්. ජී.

මගේ ලොකු පුතාට අවුරුදු හතයි. එයා ඉගෙනගන්න එච්චර ආස නෑ. එයා පොත් කියවන්න කැමති නෑ. ඉස්කෝලේ වැඩ කරන්නත් ආස නෑ. ක්‍රිස්තියානි රැස්වීම්වලදී ඉගෙනගන්නත් කැමැත්තක් දක්වන්නේ නෑ. මේ ලිපි මාලාවේ තියෙන උපදෙස් අදාළ කරගන්න මම බලාපොරොත්තු වෙනවා.

ජපානයේ එම්. ඕ.

ඉගෙනගන්න දේවල් ඉක්මනින්ම අමතක වීම සාමාන්‍ය දෙයක් නිසා ඒ ලිපියේ කියලා තිබුණේ පාඩම් කිරීමෙන් පසුව එම කරුණු කෙටියෙන් සාරාංශ කරන්න කියලයි. අපි දේවසේවය කරන ප්‍රදේශයේ සිටින්නේ ඉන්දියානුවන් නිසා මමත් මගේ බිරිඳත් හින්දි භාෂාව ඉගෙනගන්නවා. ඉගෙනගන්න අලුත් වචන පොඩි කොළ කෑල්ලක ලියාගැනීම ප්‍රයෝජනවත් බව මම තේරුම් අරගෙන තියෙනවා. ඊට පස්සේ මට පොඩි විවේකයක් හම්බ වෙන හැම මොහොතකම ඒ වචන බලනවා. මම ඉගෙනගත්ත දේවල් හිතට කාවද්දගැනීමට ඒක මට උපකාරවත් වෙලා තියෙනවා.

එක්සත් ජනපදයේ ඊ. ටී.

මට වයස අවුරුදු 56යි. අපේ සභාවේ සංඥා භාෂාව භාවිත කරන කණ්ඩායමක් දැන් පිහිටවලා තියෙනවා. මගේ ඉගෙනීමේ හැකියාවන් සීමිත වුණත් භාෂාව ඉගෙනගෙන ඒගොල්ලන්ට උදව් කරන්න මම ආස නිසා ඒ කණ්ඩායම එක්ක මාත් එකතු වුණා. මට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා හිත හිත ඉන්නකොට තමයි මම ඒ ලිපි මාලාව කියෙව්වේ. “ඉගෙනගැනීමට වයස බාධාවක් නොවෙයි” කියන අනුමාතෘකාව ඔස්සේ තියෙන විස්තරය හා අවසාන ලිපිය කියවීමෙන් මට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. මට හැකි විදියට ඉගෙනගන්නත් සංඥා භාෂා කණ්ඩායමට දිගටම උදව් කරන්නත් මම ධෛර්ය උපදවාගත්තා.

ජපානයේ ආර්. එන්.

පාට පාට සඟරා “මාව මිල දී ගන්නකෝ කියා පාට පාට සඟරා කියයි” (2004 අගෝස්තු 8, සිංහලෙන් නැත.) යන ලිපිය මට කල්පනා කරන්න පෙලඹෙව්වා කියලා මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි. ඒ වගේ සඟරාවලට කෙනෙකුට මොන තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා මම ඒ වෙනකං තේරුම් අරගෙන හිටියේ නෑ. ඇත්තටම නැති බැඳීමක් ඇති කිරීම ගැන සඳහන් කළ කරුණ මගේ හිතට හොඳින් කාවැදුණා. අප නිතර නිතර සඟරාවල දකින කෙනෙකුගේ මරණය ගැන අහන්න ලැබුණාම අපට පුදුම දුකක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අපි ඒ පුද්ගලයාව හොඳින් අඳුරන නිසා නෙවෙයි. නමුත් හැම තිස්සේම සඟරාවල එයාගේ පින්තූරේ දැකලා තියෙන නිසයි. මටත් එක පාරක් එහෙම වුණා! දැන් මගේ දුව සමහරක් සඟරාවලට උනන්දුවක් දක්වනවා. මම එයාත් එක්ක මේ ලිපිය ගැන සාකච්ඡා කරන්න යනවා.

එක්සත් ජනපදයේ එස්. එම්.

පෙනුම “පෙනුම ගැනම සිතමින් සිටිනවා නම් . . . ” යන ලිපියට ස්තුති කරන්න මම කැමතියි. (2004 අගෝස්තු 8) ඒක නිකං මටම ලියලා වගේ. මගේ වයස අවුරුදු 19යි. සෑහෙන කාලයක ඉඳලා මම ආහාර ගැනීමේ අක්‍රමිකතාවක් නිසා රෝගීව සිටිනවා. මේ රෝගය සුව කරන එක ලේසි දෙයක් නෙවෙයි. මේ වගේ විෂයන් සම්බන්ධයෙනුත් ලිපි ලියනවාට ඔබට ස්තුතියි. මගේ රෝගය ගැන බෑරැරුම්ව හිතන්න ඒවා මට උපකාර කරන අතර මගේ ප්‍රශ්නය විසඳගන්නත් ඒවා උපකාරයක් වේවි කියලා මම හිතනවා.

ඉතාලියේ ජී. එල්.

ප්‍රහේලිකා විනෝදයක් ලබා දෙන ප්‍රහේලිකා පළ කරනවාට ගොඩක් ස්තුතියි. (සිංහලෙන් නැත.) යෙහෝවා දෙවිවත් බයිබලය ගැනත් හොඳින් දැනගන්න ඒවා මට උපකාර වෙනවා. මට අවුරුදු නවයයි.

ජර්මනියේ අයි. සී.

පිබිදෙව්!” පිළිතුරු දෙයි:  සඟරාවේ තිබෙන ප්‍රහේලිකා වෙනුවට සමහර භාෂාවලින් මුද්‍රණය වන “පිබිදෙව්!” සඟරාවල පළ වන්නේ “ඔබ දන්නවාද?” යන බයිබල් ප්‍රශ්නයි.