Skip to content

පටුනට යන්න

ප්‍රසිද්ධ කථාවට සවන් දෙන්න ඔබත් එන්න “අප කීකරු විය යුත්තේ කාටද?”

ප්‍රසිද්ධ කථාවට සවන් දෙන්න ඔබත් එන්න “අප කීකරු විය යුත්තේ කාටද?”

ප්‍රසිද්ධ කථාවට සවන් දෙන්න ඔබත් එන්න “අප කීකරු විය යුත්තේ කාටද?”

කීකරු වීම යන වචනයම හුඟදෙනෙකුට නුරුස්සන දෙයක්. පොදු මතය වන්නේ ‘මට ඕන විදියට දේවල් කරන්න මට නිදහස තියෙන්න ඕනේ’ කියන ආකල්පයයි. කොහොමවුණත් දිනපතාම අපට කීකරුකම පෙන්වන්න සිද්ධ වෙනවා. අනතුරු ඇඟවීමේ සංඥාවකට අවනත වන විටදී හෝ උපදෙස් පිළිපදින හැම අවස්ථාවකදී හෝ ඔබ යම් දුරකට කීකරුකමක් දක්වනවා. සමාජයේ නීතිය හා සාමය රැකීමට නම් අධිකාරීන් පනවා තිබෙන නීතිවලට කීකරු විය යුතුයි යන කාරණය ප්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? හැමෝම මාර්ග නීති පිළිපැද්දේ නැත්නම් මොනවා වෙයිද කියලා නිකම් හිතලා බලන්න!

කෙසේවෙතත් මිනිසා මිනිසාවම පාලනය කරද්දී හැමවිටම යහපතක් සිදු වන බව නම් කියන්න බැහැ. “මනුෂ්‍යයෙකු විසින් අනිකෙකුට අන්තරාය සිදු කරන පිණිස බලය පවත්වන” බව බොහෝ කාලයකට පෙර බයිබලයේ සඳහන් කර තිබුණා. (දේශනාකාරයා 8:9) අපේ විශ්වාසවන්තභාවය සහ කීකරුකම ලබන්න වටින කෙනෙක් සිටිනවාද? එහෙම නම් අපිට ඔහුව හඳුනාගත හැක්කේ කෙසේද? ඔහු පාලනය කරන කාලයේදී මොන වගේ තත්වයක් තියේවිද? එම ප්‍රශ්නවලට පිළිතුරු “අප කීකරු විය යුත්තේ කාටද?” නම් කුතුහලය දනවන ප්‍රසිද්ධ කථාවට සවන් දීමෙන් දැනගත හැකියි. එම කතාව මේ මාසයෙන් පටන්ගන්නා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දිස්ත්‍රික්ක සමුළුවල ඉදිරිපත් කෙරේ. ලෝ වටා එවන් සමුළු සියගණනක් පැවැත්වෙනු ඇත. ඔබට ළඟම ඇති සමුළුව පැවැත්වෙන ස්ථානය දැනගැනීමට ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන්න. එසේ නැත්නම් මෙම සඟරාවේ 5වන පිටුවේ ඇති ප්‍රකාශකයන්ගේ ලිපිනයට ලියන්න.