Skip to content

පටුනට යන්න

මැදියම් රැයෙත් හිරු බබළයි විය හැකි දෙයක්ද?

මැදියම් රැයෙත් හිරු බබළයි විය හැකි දෙයක්ද?

මැදියම් රැයෙත් හිරු බබළයි විය හැකි දෙයක්ද?

“හිරු නොබැස පවතින්නේ කෙසේද?” පැපුවා නිව් ගිනියාවේ සේවය කරන ෆින්ලන්තයේ මිෂනාරිවරයෙකුට නිතර ඒ වගේ ප්‍රශ්න අහන්න ලැබෙනවා. ග්‍රීෂ්ම කලාපයේ රටවල මාසෙන් මාසෙට දිවා කාලයේ පවතින පැය ගණනේ සුළු වෙනසක් සිදු වෙනවා. එමනිසා මාස ගණනාවක් පුරා ආක්ටික් ගෝලයේ හිරු බසින්නේ නැති බව අසන්න ලැබීමෙන් ග්‍රීෂ්ම කලාපීය රටවල වෙසෙන්නන් පුදුමයට පත් වෙනවා. ශීත කාලයේදී හිරු නඟින්නේ නැහැයි කියලාත් මම කිව්වා. හිරු නඟින්නේ නැත්තේ ඇයි කියලා කිව්වාම හුඟදෙනෙක් ඊටත් වඩා පුදුම වෙනවා.

මැදියම් රැයේ හිරු බබළන්නේ කොහොමද? මෙම අරුම පුදුම දේ සිදු වන්නේ පෘථිවිය එහි අක්ෂය වටා භ්‍රමණය වෙමින් අංශක 23.5ක් සිරස් අතට ඇල වී සූර්යයා වටා පරිභ්‍රමණය වන නිසයි. මෙබැවින් වසරේ එක් කාලයකදී පෘථිවියේ උත්තර ධෘවයේ උතුරු අර්ධ ගෝලය සූර්යා වෙතට ඇල වී තිබෙන අතර එය සූර්යයාගෙන් ඉවතට ඇල වී තිබෙන ඉතිරි කාලයේදී එහි ශීත කාලය පවතියි. පෘථිවිය තම අක්ෂය වටා දිනකට වරක් භ්‍රමණය වන නිසා ආක්ටික් වෘත්තයේ වසරකට එක් රැයකදී (ජූනි 21වනදා පමණ) හිරු නොබැස පවතියි. එලෙසම වසරක එක් දිවා කාලයකදී (දෙසැම්බර් 21වනදා පමණ) හිරු නොනඟියි. මෙදින දිවා කාලයේදී පවා පවතින්නේ කලින්දා අඳුර වැටෙන්න මොහොතකට පෙර තිබූ මද ආලෝකයමයි.

ඇත්තෙන්ම ඔබ ආක්ටික් වෘත්තයේ ඉහළ කෙළවරටම ගියොත් හිරු නොබැස පවතින එවැනි ග්‍රීෂ්ම රැයවල් එකකට වඩාත්, හිරු බැස ගිය ශීත දහවල් කාලයන් එකකට වඩාත් ගත කරාවි. උත්තර ධෘවයේ සහ දක්ෂිණ ධෘවයේ මාස හයක් පුරා එක දිගට දිවා සහ රාත්‍රි කාලයන් පවතියි. *

ධෘවවල වෙසෙන්නන් හිරු නොබසින ග්‍රීෂ්ම කාලයේදී නිදාගන්නෙත්, හිරු බැස පවතින ශීත කාලයට ඔරොත්තු දෙන්නෙත් කොහොමද? අතීතයේදී ඇතැම් සංස්කෘතීන්වල ජනයා සාමාන්‍ය ග්‍රීෂ්ම කාලයේදී නිදාගත් පැය ගණනට වඩා දෙගුණයක් ශීත කාලයේ රාත්‍රීවලදී නිදාගත්තා. නවීන ජීවන රටාවකට හැඩගැසෙන බොහෝදෙනෙක්ද එවැනිම කාලයක් නිදාගැනීමට පුරුදු වී සිටිනවා. ඒත් උතුරු අර්ධගෝලයේ වෙසෙන්නන්ට තවමත් හිරු එළිය දිගටම පවතින ග්‍රීෂ්ම සමයේදී අතිරේක ශක්තියක් තිබෙනවා. “රාත්‍රි 11:00ට හිරු එළිය පවතින විට මට නිදාගන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන වෙලාවට මම කරන්නේ තණකොළ කපන එකයි. එහෙමත් නැත්නම් වෙන වැඩක් හරි කරනවා” කියා ඇලස්කාවේ වෙසෙන පැට්‍රික් පැවසුවා.

අනිත් අතට දිවා කාලය හෝ රාත්‍රි කාලය දිගු කලක් පැවතීම ශාරීරිකව හා මානසිකව වෙහෙසකාරී එකක් විය හැකියි. එමනිසා සමහරු රාත්‍රි කාලයේදී නිදන කාමරයට එළිය වැටීම වැළැක්වීම සඳහා යම් බාධක දමන අතර අඳුර පවතින කාලවලදී කෘත්‍රිම ආලෝක සපයාගන්නවා. මේ සියල්ල කරන්නේ නිදාගැනීමේ අපහසුව මඟ හරවාගැනීමට හෝ අධික වෙහෙස සහ මානසික පීඩනය දැනීමෙන් වැළකීමටයි. මෙවැනි අභියෝග තිබුණත් එහි වෙසෙන්නන්ට සහ එහි ගොස් ඇති අමුත්තන්ට මැදියම් රැයේ හිරු පායා තිබීම මතකයෙන් සදා නොමැකෙන අද්දැකීමක්.—සපයන ලද්දක්.

[පාදසටහන]

^ 4 ඡේ. ඇන්ටාක්ටික්හිද පවතින්නේ මෙවැනිම ක්‍රියාවලියක් වන නමුත් ග්‍රීෂ්ම සහ ශීත කාලවල් දෙක සම්පූර්ණයෙන්ම අනිත් අතට මාරු වෙයි.

[31වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

පෘථිවිය සිරස් අතට ඇල වී තිබීම නිසා වසරෙන් අඩක් රාත්‍රී කාලයේදී හිරු නොබැස පවතින ග්‍රීෂ්ම කාලයක් සහ ඉතිරි අඩ දිවා කාලයේදී හිරු බැස පවතින ශීත කාලයක් ඇති වෙයි (උතුරු අර්ධගෝලයේ උදාහරණය මෙහි දැක්වෙයි)

ශරත් ←

● ● ● ● ●

ශීත ● ◯ ●

→ වසන්ත

● ● ● ● ●

ග්‍රීෂ්ම

පෘථිවිය තම අක්ෂය වටා දිනකට වරක් භ්‍රමණය වෙයි

[31වන පිටුවේ පින්තූරය]

මැදියම් රෑ හිරු නැගීම හා බැසීම

[හිමිකම් විස්තර]

© Paul Souders/WorldFoto