Skip to content

පටුනට යන්න

‘මේ ගැන ඔබට ආඩම්බර විය හැකියි’

‘මේ ගැන ඔබට ආඩම්බර විය හැකියි’

මේ ගැන ඔබට ආඩම්බර විය හැකියි

 විගේ සැබෑ සේවකයන් අවංකකම වැදගත් දෙයක් බව වටහාගෙන තිබෙනවා. අවංක වීම අවශ්‍යයි කියා ඔවුන්ට හැඟෙන්නේ ඔවුන් තම මැවුම්කරුට දක්වන ප්‍රේමය නිසයි. ලාසාරෝ පිළිබඳ අද්දැකීම සලකා බලමු. ඔහු යම් කලකට පෙර මෙක්සිකෝවේ වාටූල්කෝවල හෝටලයක සේවය කරනකොට ප්‍රවේශ ශාලාවේ වැටී තිබුණු ඩොලර් 70ක මුදලක් ඇහින්දා. ඔහු විගස එම මුදල වැඩ බලන කළමනාකරුට භාර දුන්නා. ඉන් ටික වෙලාවකට පසුව නාන කාමරයක මුදල් පසුම්බියක් තිබෙනවා ඔහු දැක්කා. ඔහු එය අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයට භාර දුන්නා. පසුම්බිය නැති වූ තැනැත්තියගේ සතුට ඉහ වහා ගියේ ඇයව පුදුමයෙන් පුදුමයට පත් කරවමින්.

මොහුගේ මෙම ක්‍රියාවන් ගැන ප්‍රධාන කළමනාකරුටත් දැනගන්න ලැබුණා. මුදල් සහ පසුම්බිය භාර දෙන්න ඔහු මෙලෙස පෙලඹුණේ ඇයි කියලා ඔහු ලාසාරෝගෙන් ඇහුව්වා. තමා බයිබලයෙන් ඉගෙනගත් යහපත් ප්‍රතිපත්ති නිසා තමන්ට අයිති නැති දෙයක් තියාගන්න එක වැරදියි කියලා ලාසාරෝ කිව්වා. ප්‍රධාන කළමනාකරු ඔහුව අගය කරමින් ඔහුට දුන් ලිපියේ සඳහන් වූයේ මෙයයි. “අද කාලයේ උසස් ප්‍රතිපත්තිවලට ගරු කරන අය සොයාගන්න හරි අමාරුයි. ඔයාගේ ඔය ප්‍රතිපත්ති අපි අගේ කරනවා. ඔයා අවංක කෙනෙක්. වැඩ කරන අනිත් අයටත් හොඳ ආදර්ශයක්. ඇත්තෙන්ම ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් මේක ලොකු ආඩම්බරයක්.” ඒ මාසයේ හොඳම සේවකයා හැටියට ලාසාරෝව නම් කළා.

ලාසාරෝ ඒවා භාර දුන්නේ වැරදීමකින් කියලයි ඇතැම් සෙසු සේවකයන් සිතුවේ. ඒත් තම ප්‍රධානියාගේ ප්‍රතික්‍රියාව දුටු ඔවුන් ලාසාරෝ ප්‍රතිපත්ති ගරුක වීම ගැන ඔවුන්ගේ සතුට පළ කළා.

යේසුස්ගේ ඇදහිලිවන්ත අනුගාමිකයන්ට බයිබලයේ අවවාද කර තිබෙන්නේ ‘සියල්ලන්ටම, යහපත්කම් කරන්න’ සහ “සියල්ලේදී අවංක ලෙස හැසිරෙන්න” කියායි. (ගලාති 6:10; හෙබ්‍රෙව් 13:18) ක්‍රිස්තියානීන්ගේ අවංකකම දකින විට බයිබලයේ සඳහන් ආකාරයට “සාධාරණ, ධර්මිෂ්ඨ” යෙහෝවා දෙවිට ඉන් ගෞරවය හා ප්‍රශංසාව ලැබෙයි.—ද්විතීය කථාව 32:4.