Skip to content

පටුනට යන්න

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

(පහත දක්වා ඇති ප්‍රශ්නවලට එහි සඳහන් කර ඇති බයිබල් පදවලින් පිළිතුරු සොයාගත හැකි අතර සියලුම පිළිතුරු ඇතුළත් ලැයිස්තුවක් මෙම පිටුවේ සඳහන් වේ. අමතර තොරතුරු සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද “ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය” නමැති පොත බලන්න. [it, සිංහලෙන් නැත])

1. ප්‍රමාණය විශේෂයෙන් සඳහන් නොකළත් ඊශ්‍රායෙල් ජාතියෙන් යෙහෝවා පූජා කරන්න කියා ඉල්ලා සිටියේ කුමක ප්‍රථම කොටසද? (නික්මයාම 23:19)

2. දෙවිගේ සෙනඟ සුරක්ෂිතව පවුරු නැතුව වසන බව දැක ඔවුන්ට පහර දීමට ළඟා වෙන්නේ කවුද? (එසකියෙල් 38:10-12, 14-16)

3. පාවුල්ගෙන් අල්ලසක් ගැනීමේ මුවාවෙන් ඔහුව වසර දෙකකට සිසේරියෙහි හිරගෙයට නියම කළේ කුමන නිලධාරියාද? (ක්‍රියා 24:26, 27)

4. අන් අයට රෝගය බෝ නොවීම සඳහා ඊශ්‍රායෙලයෙහි සිටි ලාදුරු රෝගීන් කෑ ගැසිය යුතු වූයේ කුමක් කියාද? (ලෙවී කතාව 13:45)

5. යාකොබ් රාඛෙල්ගේ සොහොන මත පිහිටෙව්වේ කුමක්ද? (උත්පත්ති 35:20)

6. යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ව කීප වතාවක්ම වහල්භාවයට ගැනීමට ඉඩහැරියේ මන්ද? (2 රාජාවලිය 18:11, 12)

7. දෙවිගෙන් පැමිණෙන ප්‍රඥාවට අනුව ක්‍රියා කරනවා වෙනුවට ඊර්ෂ්‍යාව, විවාදශීලීකම හා සත්‍යයට විරුද්ධව බොරු කීම පැමිණෙන්නේ කොතැනින් කියාද යාකොබ් පැවසුවේ? (යාකොබ් 3:15)

8. වීණා මෙන්ම කුඩා වීණා සහ දේවමාලිගාව සෑදීමට හීරාම් රජුගෙන් සලමොන් ඉල්ලා සිටියේ කුමන ලී වර්ගයද? (1 රාජාවලිය 10:11, 12)

9. යෙහෝවා එලියාට පැවරුවේ කුමන පත් කිරීම් තුන සිදු කිරීමටද? (1 රාජාවලිය 19:15, 16)

10. යෙහෝෂාපාට්ගේ පාලන සමයේ “යෙහෝවාගේ සියලු කාරණා” සම්බන්ධයෙන් නායක පූජකයා ලෙස කටයුතු කළේ කවුද? (2 ලේකම් 19:11)

11. පාවුල් තිමෝතිට අවවාද කළේ කුමක් ඉලක්ක කරගන්න කියාද? (1 තිමෝති 4:7)

12. යූදාහි යෙහෝයාකිම් රජුගේ පාලන සමයේ කර්කෙමිෂ්හිදී නෙබුකද්නෙශර් රජු විසින් පරාජය කළේ ඊජිප්තුවේ සිටි කිනම් පාරාවෝවද? (යෙරෙමියා 46:2)

13. අබිගායෙල්ගේ බුද්ධිමත්කම නිසා කිනම් පාපයක් කිරීමෙන් දාවිත් වැළකුණාද? (1 සාමුවෙල් 25:31)

14. බයිබලයේ කුරුල්ලන්ව හැඳින්වීමට යොදාගෙන තිබෙන අනෙක් වචනය කුමක්ද? (උත්පත්ති 1:26)

15. අන් අයගේ නිවෙස්වලට නිතර නිතර යෑමෙන් වළකින්න කියා හිතෝපදේශයේ උපදෙස් දෙන්නේ මන්ද? (හිතෝපදේශ 25:17)

16. පේතෘස් කියූ ආකාරයට යෙහෝවාගේ ප්‍රසාදය දිනාගන්න නම් අපි පාලනය කළ යුත්තේ ශරීරයේ කුමන අවයවයද? (1 පේතෘස් 3:10-12)

17. ආරොන්ගේ පෙළපතෙන් පැමිණෙන පූජකයන්ව පත් කිරීමේදී එනම් තේව පූජාව කිරීම සඳහා යොදාගත්තේ කිනම් සත්වයාවද? (ලෙවී කතාව 8:22-28)

18. තම ශරීරයේ පච්ච කොටාගැනීම ඊශ්‍රායෙල්වරුන්ට දෙවි තහනම් කළේ මන්ද? (ලෙවී කතාව 19:28)

19. යාකොබ් සහ ලාබන් සමාදානයේ ගිවිසුම ඇති කරගත් ස්ථානයට යාකොබ් විසින් දුන් නම කුමක්ද? (උත්පත්ති 31:43-53)

20. යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය කුමක්ද? (යොහන් 2:7-11)

පිළිතුරු

1. භූමියෙහි ප්‍රථම පලවලින්

2. ගොග්

3. යුදයෙහි ආණ්ඩුකාරයා වූ ෆීලික්ස්

4. “අපවිත්‍රය, අපවිත්‍රය”

5. කණුවක්

6. ඔවුන් ඔහු සමඟ ඇති කරගෙන තිබූ ගිවිසුම කඩ කළ නිසයි

7. භූමික වූ, තිරිසන් වූ, භූතයන්ගෙන්

8. හඳුන්

9. හසායෙල්ව සිරිය රට කෙරෙහි රජකමටත්, යේහුව ඊශ්‍රායෙල් කෙරෙහි රජකමටත්, තමා වෙනුවට එලිෂාව අනාගතවක්තෘකමටත් පත් කිරීම

10. අමරියා

11. ‘දේවභක්තිය’ වර්ධනය කරගැනීමට

12. නෙකෝ

13. නිකරුණේ ලේ වැගිරවීමෙන්

14. “පක්ෂීන්”

15. ඔබේ අසල්වාසියා ඔබ ගැන වෙහෙසව ඔබට ද්වේෂ නොකරන පිණිස

16. දිව

17. බැටළුවෙක්

18. අනෙක් ජාතීන්ගෙන් ඔවුන් වෙන් කර තැබීමටත් දෙවි මැවූ මිනිස් ශරීරයට නිසි ගෞරවයක් පෙන්වීමේ වැදගත්කම කාවැද්දවීමටත්

19. ගලේද් (පසුව එය ගිලියද් ලෙස හඳුන්වනු ලැබුවා)

20. වතුර වයින් කිරීම