Skip to content

පටුනට යන්න

අවංකකම දෙවිව මහිමවත් කරයි

අවංකකම දෙවිව මහිමවත් කරයි

අවංකකම දෙවිව මහිමවත් කරයි

යුක්රේන්හි පිබිදෙව්! ලේඛක විසින්

යුක්රේන්හි වෙසෙන චිබිසොෆ් පවුල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමක් අවසන් වී නිවස බලා යද්දී පසුම්බියක් ඇහින්දා. එම පසුම්බියේ රියදුරු බලපත්‍රයක්, ක්‍රෙඩිට් කාඩ්පත් සහ ඩොලර් 500ක පමණ මුදලක් ඇතුළු වටිනා දේවල් කීපයක්ම තිබුණා. පස්දෙනෙකුගෙන් යුත් මේ පවුලේ පියා පමණයි රැකියාවක් කරමින් සිටියේ. ඔහුගේ මාසික ආදායම ඩොලර් 70ක පමණ මුදලක් නිසා ඇහින්ද මුදලෙන් සෑහෙන දෙයක් කරන්න හැකිකම තිබුණා. ඔවුන් කුමක්ද කළේ?

මව මෙසේ පවසනවා. “පසුම්බියේ අයිතිකරුට ඒක ලබා දෙන්නේ කොහොමද කියලා ඒ වෙලාවෙම අපේ දුවලා සාකච්ඡා කෙරුවා. රියදුරු බලපත්‍රයට අනුව ඒකේ අයිතිකරු කාන්තාවක්. අපේ දරුවන්ගේ දේවභක්තිය නිසා දක්වපු අවංකකම දැක්කහම මටත් මගේ සැමියටත් ලොකු සතුටක් දැනුණා. ඊළඟ දවසේදී මම ඒ කාන්තාවට කතා කළා. ඇය අපිව මුණගැහෙන්න ආවා. ඇගේ නම ඕලා. ඇගේ දෙනෙතේ සතුටු කඳුළු පිරිලා තිබුණා. ඇයත් ඇගේ සැමියාත් අපේ නගරයේ සාප්පු කීපයක හිමිකරුවන් නිසා එදා ඇය ළඟ තිබුණේ සේවකයන්ට මාසිකව දෙන පඩි සල්ලි කියා ඇය පැවසුවා. ඊට අමතරව ව්‍යාපාරික ගනු දෙනු සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ලියවිල්ලකුත් පසුම්බියේ තිබුණා.

“ඕලා අපෙන් ඇහැව්වා කොහේදිද ඒක ඇහින්දේ කියලා. අපි තැන කියන ගමන් ඒ වෙලාවේ අපි එතන හිටියේ අපේ රැස්වීම් ඉවර වෙලා ගෙදර එන ගමන් කියලාත් ඇයට කිව්වා. ඇයට බයිබලය ගැන සඳහන් පොත් පත් ඉදිරිපත් කළාම ගෞරවනීයව ඈ ඒවා පිළිගත්තා.

“සති කීපයකට පස්සේ අපේ සභාවේ වෙන සාක්ෂිකාරියක් කිව්වා ඇය වීදියේදී මඟ යන එන අයට බයිබල් පොත් පත් ඉදිරිපත් කරද්දී කලින් පොත් පත් ලබාගන්න අකමැති වුණ කාන්තාවක් මුණගැහුණා කියලා. ඇය සාක්ෂිකාරියට පවසලා තියෙන්නේ‘කලින් නම් මම ඔයගොල්ලන්ට කොහෙත්ම කැමති නැහැ; ඒත් දැන් සවන් දෙන්නත් පොත් පත් ගන්නත් කැමතියි’ කියලයි. ඒකට හේතුව සාක්ෂිකරුවන් මගේ දියණියගේ පසුම්බිය ආපහු එයාට භාර දුන්න හින්දයි.”

[31වන පිටුවේ පින්තූරය]

චිබිසොෆ් පවුල