Skip to content

පටුනට යන්න

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද?

▪දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔහු මේ තරම් මිනිසුන්ට දුක් විඳින්න ඉඩ දෙන එකක් නැහැයි කියන නිගමනයටයි හුඟදෙනෙක් එළඹෙන්නේ. සමහරු නිතර මෙම ප්‍රශ්නය අහනවා. “අපි කරදරෙන් හිටපු වෙලාවේ දෙවි කොහෙද හිටියේ?” ඉතිහාසය දෙස බලද්දී මිලියන ගණන් සෙනඟක් දුක් පීඩා විඳ තිබෙන අතර හිංසාවලට ලක් වී මරණය පවා අද්දැක තිබෙනවා.

එවැනි තත්වයක් තිබුණත් ජීවමාන දේවල පුදුමාකාර ක්‍රියාකාරිත්වය සහ නිර්මාණය දෙස බලන කල පැහැදිලි වන්නේ සැලකිලිමත් මැවුම්කරුවෙකු සිටින බවයි. අප ගැන සැලකිල්ල දක්වන දෙවි කෙනෙකු එවැනි දුක්ඛිත තත්වයකට පත් වෙන්න අපට ඉඩ දෙයි කියා සිතිය හැකිද? දෙවිට හරියාකාරව නමස්කාර කරන්න අපට ඕනෑ නම් එම වැදගත් ප්‍රශ්නයට සෑහීම ගෙන දෙන පිළිතුරක් අපට තිබිය යුතුයි. එය සොයාගත හැකි වන්නේ කොහෙන්ද?

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? නමැති විවරණිකාවේ පිටපතක් ලබාගන්න කියා අපි ඔබට ආරාධනා කරන්නෙමු. “දුක් වේදනාවන්ට දෙවි අවසර දීමට හේතුව” සහ “කැරලි ගැසීමේ ප්‍රතිඵලය කුමක් වී තිබේද?” යන කොටස් හොඳින් කියවා බැලීමෙන් සෑහීම ගෙන දෙන පිළිතුරු ඔබට ලැබෙයි කියා අප සිතනවා.

පිටපතක් ගෙන්වාගැනීම සඳහා මෙම කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ මෙම විවරණිකාවේ 5වන පිටුවේ සඳහන් ලිපිනයකට තැපැල් කරන්න.

ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? නමැති විවරණිකාව පමණක් ලබාගන්න කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.