Skip to content

පටුනට යන්න

‘මම මේක මීට කලින් කළා නම්’

‘මම මේක මීට කලින් කළා නම්’

‘මම මේක මීට කලින් කළා නම්’

එක්සත් ජනපදයේ කළ සමීක්ෂණයකින් සොයාගත්තේ අටවන පංතියේ සිටින ශිෂ්‍යයන් (වයස අවුරුදු 13 පමණ) සතියකට පැය 23ක් පමණ වීඩියෝ ක්‍රීඩා සඳහා කැප කරන බවයි. වීඩියෝ ක්‍රීඩාවල යෙදීම දැන් ඇබ්බැහි වීමක් හැටියට හඳුන්වනවා. වැඩිහිටියොත් දැන් මෙයට ඇබ්බැහි වෙලා. ක්‍රිස්තියානි කෙනෙකු වූ චාල්ස් නමැති පුද්ගලයාටත් මෙම ගැටලුව තිබුණා. * ඔහු මෙසේ පැවසුවා. “මම වීඩියෝ ක්‍රීඩා කළේ අනෙකුත් වැඩවලින් නිදහසක් ලබාගන්න ඕන නිසයි. මම ඒකට ඇබ්බැහි වුණා. ඒක හරියට මත්පැන් නැත්නම් මත් කුඩුවලට ඇබ්බැහි වෙනවා වගේ.”

අවුරුදු 11දී වගේ ඉඳන්ම තමා “හැම තිස්සේම වීඩියෝ ක්‍රීඩාවල” නියැලුණා කියා චාල්ස් පවසනවා. “භූතවාදයට හෝ අපරාධවලට සම්බන්ධ ක්‍රීඩාවල යෙදුණේ නැතත් මම හුඟ වෙලාවක් එම ක්‍රීඩාවල නියැලුණා. පාසැලේ හිටියත් ආගමික කටයුතුවල යෙදුණත් සභාවේ හිටියත් හැම තිස්සේම ක්‍රීඩා ගැන තමයි හිත හිතා හිටියේ. සමහර වෙලාවට සති ගණනක් එක දිගට ඒ ගැනම කල්පනා කර කර හිටියා” කියා ඔහු තවදුරටත් පැවසුවා.

“වීඩියෝ ක්‍රීඩාවලින් අනතුරක් තිබෙනවාද?” යන 2002 දෙසැම්බර් 22 පිබිදෙව්! (සිංහලෙන් නැත) කලාපයේ පළ වූ ලිපි මාලාව චාල්ස්ට ඉතාමත් ප්‍රයෝජනවත් වුණා. “එම ලිපි කියවූ පසු ක්‍රීඩාවල යෙදෙන කාලය අඩු කරන්න මම උත්සාහ කළා. ඒත් වැඩි කල් නොගොස් කලින් විදිහටම හැම තිස්සෙම ක්‍රීඩාවේ යෙදෙන්න පටන්ගත්තා” කියා ඔහු පවසනවා.

විවාහ වීමට බලාපොරොත්තුවෙන් ආශ්‍රය කළ කාලයේදීත් විවාහ වූ පසුවත් ක්‍රීඩාවල යෙදෙන කාලය අඩු කරන්න චාල්ස්ට හැකි වුණා. “ඒත් හුඟ කාලයක ඉඳලා කරන්න ආශාවෙන් හිටිය අලුත් ක්‍රීඩාවක් කරන්න අවස්ථාව උදා වුණා. ඒ ක්‍රීඩාව කරන්න නම් අලුත් පරිගණකයක් මිල දී ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා ණය වෙලා පරිගණකයක් ගත්තා. මෙයින් ක්‍රීඩා කරද්දී කලින්ටත් වඩා කාලය කා දැමුවා. යෙහෝවාට දුන්න කාලයත් ඒ වෙනුවෙන් යෙදෙව්වා. මගේ බිරිඳ එක්ක ගත කරන්නත් කාලය නැතුව ගියා” කියා චාල්ස් පවසනවා. ඉක්මනින්ම යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියා චාල්ස් තේරුම්ගත්තා. “මම වීඩියෝ ක්‍රීඩා ඔක්කොම අයින් කරලා දාන්න තීරණය කළා. පරිගණකයේ තිබුණ ක්‍රීඩා මකා දැමුවා. අයින් කළ වීඩියෝ ක්‍රීඩා භාණ්ඩ සියල්ලම නගරයේ කුණු කසළ දමන ස්ථානයට ගෙන ගොස් දැමුවා” කියා චාල්ස් පවසනවා.

චාල්ස් ඔහු ගත් තීරණය ගැන කනගාටු වෙනවාද? කොහෙත්ම නැහැ. “මේ වගේ තීරණයක් ගැනීමෙන් ලැබුණ සහනය ගැන කියන්න වචන නැහැ. මගේ ඔළුවේ තිබුණ ලොකු බරක් අයින් කළා වගේ දැනෙනවා. ඉස්සරට වඩා මම දැන් යෙහෝවාට ළං වෙලා තියෙනවා වගේම නිතරම යාච්ඤාවෙන් ඔහුත් එක්ක කතා කරනවා. ඒ වගේම මගේ බිරිඳ සමඟත් වැඩි කාලයක් ගත කරනවා. මගේ නරක පුරුද්දෙන් මිදෙන්න පුළුවන් වුණ එක ගැන මම සන්තෝෂ වෙනවා. මට තියෙන එකම කනගාටුව තමයි මම මේක මීට කලින් නොකරපු එක” කියා ඔහු පවසනවා.

[පාදසටහන]

^ 2 ඡේ. නම වෙනස් කර ඇත.