Skip to content

පටුනට යන්න

ලොව පුරා එකමුතුකම රජයන විට. . .

ලොව පුරා එකමුතුකම රජයන විට. . .

ලොව පුරා එකමුතුකම රජයන විට . . .

එකම තාලයකට පා තබමින් දෙදෙනෙක් මනහර රැඟුමක් රඟන ආකාරය ඔබ දැක තිබෙනවාද? ඒ දෙදෙනාගේ රැඟුම අලංකාරවත් වන්නේ එක් කෙනෙක් අනෙකාගේ දස්කම් විදහා දැක්වීමට දෙන සහාය නිසයි. ඒ හා සමානව හැම කෙනෙක්ම කිසිම ගැටුමක් ඇති කර නොගෙන එකට එකමුතුව සහයෝගයෙන් ජීවත් වෙනවා නම් ජීවිතය කොයිතරම් සුන්දර වෙයිද? ඒත් කනගාටුවට කාරණයක් වන්නේ මිනිසුන් ‘කිසි කාරණයකදී එකඟ නොවීමයි.’ මේ බව බයිබලයේ පුරෝකථනය කර තිබෙනවා.—2 තිමෝති 3:1-5.

ඒත් මෙම දුෂ්කර වාතාවරණය තුළ පවා මිලියන ගණන් අවංක හදවත් ඇති පුද්ගලයන් සැබෑ සාමයෙන් හා එකමුතුකමෙන් එකිනෙකා සමඟ ජීවත් වීමට ඉගෙනගනිමින් සිටිනවා. ඔවුන් එය කරනු ලබන්නේ කොහොමද? යෙසායා 48:17, 18හි සඳහන් හද උණුසුම් කරන ආරාධනය පිළිගැනීමෙනුයි. එහි මෙසේ සඳහන් වෙනවා. “ඔබේ මිදුම්කරු වූ ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තා වූ යෙහෝවා මෙසේ කියන්නේය: ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය; අහෝ, ඔබ මාගේ ආඥාවලට කන්දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”

අප එම ආරාධනය පිළිගන්නා විට යෙහෝවා දෙවිගෙන් අප මහඟු ප්‍රයෝජන ලබනවා. සැබෑ සාමයෙන් හා එකමුතුකමෙන් ගමන් කරන්නේ කෙසේද කියා ඔහු අපට පෙන්වයි. එසේ නොකර අසම්පූර්ණ මිනිසුන්ගේ මත හා දර්ශන අදාළ කරගැනීම මෝඩකමක්. “යෙහෝවා, තම ගමන ගැන තීරණ ගැනීම මිනිසාට අයිති නැති බව මම හොඳින් දනිමි. පයින් ගමන් කරන මිනිසාට තම පය තබන තැනවත් තීරණය කිරීමට අයිතියක් නැත” යනුවෙන් යෙරෙමියා 10:23හි [NW]සඳහන් වදන් පරම සත්‍යයක් බව මිනිස් ඉතිහාසයේ නොයෙක් වර ඔප්පු වී තිබෙනවා. සරල ලෙස කියනවා නම් අපව පාලනය කිරීමටත් නැණවත් සහ හැමෝටම ගැළපෙන ආකාරයේ ප්‍රමිති ඇති කිරීමටත් හැකියාවක් අප සතුව නැහැ. එම හැකියාව තිබෙන්නේ දෙවිට පමණයි.—යෙසායා 33:22.

සැබෑ සාමය හා එකමුතුකම

දෙවි ඉක්මනින්ම පොළොව පුරාම එකමුතුකම රජයන්න සලස්වයි. “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්නේය” කියා දෙවි පොරොන්දුවක් දී තිබෙනවා. (යෙසායා 11:9) සදහටම සාමය රජයන බව ස්ථිරයි.

පොළොවේ ජීවත් වන වැසියන් අලුත් විදිහකට සමඟියෙන් සහ සහයෝගයෙන් ජීවත් වෙන්න ඉගෙනගනියි. දෙවි තමන්ට ලැදි මිනිසුන්ට තම භූමික නිවස රැකබලා ගන්නා ආකාරය කියා දෙයි. ඒ වගේම ඔහු වන මෘගයන්ව මිනිසුන්ට යටත්ව ජීවත් කරවීම සඳහා උන් සමඟ “ගිවිසුමක්” ඇති කිරීමට යයි.—හොෂෙයා 2:18; උත්පත්ති 1:26-28; යෙසායා 11:6-8.

මෙම බලාපොරොත්තුව නිකම්ම නිකම් සිහිනයක් නෙමෙයි. යේසුස් කන්ද උඩ දේශනයේදී පමණක් දෙවතාවක් ඒ ගැන සඳහන් කළා. මුලින්ම ඔහු කීවේ “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය” කියායි. ඉන්පසු ඔහු තම ගෝලයන්ට යාච්ඤා කරන්න උගන්වන විට මෙසේ පැවසුවා. “අපගේ පියාණෙනි.  . . , ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.” (මතෙව් 5:5; 6:9, 10) මෙයින් අදහස් කරන දේ යේසුස් තම භූමික ජීවිතය අවසන් වන මොහොතේ ඉතාමත් ලස්සන වචනයකින් හඳුන්වා දුන්නා. ඒ තමයි “පාරාදීසය.” (ලූක් 23:43) ඇත්තෙන්ම පාරාදීස පොළොවක සදාකාලික ජීවිතය ස්ථිරයි!—යොහන් 3:16.

[22වන පිටුවේ පින්තූරය]

දෙවි ගෙනෙනු ලබන පාරාදීස පොළොවේදී ජීවීන් අලුත් විදිහේ එකමුතුකමක් අද්දකියි