Skip to content

පටුනට යන්න

නහඹරයන්ට “වැඩිහිටියන්ගේ සැලකිල්ල අවශ්‍යයි”

නහඹරයන්ට “වැඩිහිටියන්ගේ සැලකිල්ල අවශ්‍යයි”

නහඹරයන්ට “වැඩිහිටියන්ගේ සැලකිල්ල අවශ්‍යයි”

කුඩා දරුවන්ට ආදරේ සෙනෙහස දක්වන විට ඔවුන් නිරෝගීව වැඩෙන බවත්, ඔවුන්ට හුරතල් වෙන්න ඕන වුණහම හෙමින් සීරුවේ දෙමාපියන්ගේ ඔඩොක්කුවට නඟින බවත් සැලකිලිමත් දෙමාපියෙක් දන්නවා. කෙසේවෙතත් ඔවුන් යොවුන් වියට පා තබන විට දෙමාපියන්ගේ තුරුල්ලෙන් බොහෝදුරට ඈත් වෙනවා කියා කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හි ළමා රෝහලේ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ යෞවනයන් සඳහා පිහිටුවා තිබෙන වෛද්‍යාංශයේ අධ්‍යක්ෂකවරිය වන බාබ්‍රා ස්ටැජර්ස් පවසනවා. ඇත්තෙන්ම දෙමාපියන්ගේ අවධානය දරුවන්ට වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඔවුන්ගේ යොවුන් වියේදියි. ඊට හේතුව කුමක්ද?

ස්ටැජර් පවසන පරිදි, යෞවනයන්ට තිබෙන විශාලතම අනතුර වන්නේ ඔවුන් යොවුන් වියට පා තබන විට ලබන නිදහසයි. “තමන් කවුද යන වගත්, තම වටපිටාවට අනුව සකස් වන ආකාරයත් දරුවන් ඉගෙනගන්නේ යොවුන් වියේදීයි. අවදානම් සහිත දේවල් කරන්න පෙලඹෙන නිසාත්, සම වයසේ මිතුරන්ගේ බලපෑමට ලක් වෙන්න තිබෙන ඉඩ කඩ වැඩි නිසාත් අද්දැකීමෙන් අඩු මෙම යෞවනයන්ට විශාල අනතුරු සිදු විය හැකියි” කියා ටොරොන්ටෝ ස්ටාර් පුවත්පතේ ඇය පවසන දේ පළ වුණා. යොවුන් වියේ විවිධ අවදි තිබෙනවා. ස්ටැජර් මහත්මිය පවසන පරිදි නහඹරයන්ගේ වයස කුමක් වුවත් “[ඔවුන්ට] තිබෙන දැනුම අනුව ඔවුන් ක්‍රියා කරන හා අත්හදා බැලීම් කරන ආකාරය තමයි ගැටලුවලට මඟ පාදන්නේ.” යොවුන් වියේ මුල් අවදියේදී තමන්ටම වැඩි අවධානයක් දෙන්නත්, ශරීරයේ සිදු වන වෙනස්කම් ගැන හිත හිතා ඉන්නත්, හිතුමතේට දේවල් කරන්නත් පටන්ගන්නවා. යොවුන් වියේ මුල් අවදිය පසු කරද්දී අත්හදා බැලීම් කිරීමට පෙලඹීම වැඩි වෙනවා. අවසාන අවදියේදී ස්වාධීනව හිතන්න පටන්ගන්නවා.

නහඹර විය චමත්කාර ජනක අවදියක් බව ඇත්තයි. එහෙත් දෙමාපියන්ට සහ නහඹරයන්ටම එය ව්‍යාකූල අවදියක්ද විය හැකියි. වසර 20කට වැඩි කාලයක් පුරා යෞවනයන්ට ප්‍රතිකාර කර තිබෙන ස්ටැජර් මහත්මිය පවසන්නේ යෞවනයන්ගෙන් වැඩිදෙනෙකුට “වැඩිහිටියන්ගේ සැලකිල්ල අවශ්‍ය බවයි.” මෙය ලබා දෙන්නේ කොහොමද?

අදහස් හුවමාරු කිරීමේ මඟ විවෘතව තබන්න. ඒ නිසා හොඳ සවන්දෙන්නෙකු වීමෙන් ඔබ සැලකිලිමත් දෙමාපියෙකු බව ඔබේ නහඹර දරුවන්ට දැනෙන්න සලස්වන්න. ඔබ අසන ප්‍රශ්නවලින් ඔවුන්ට හරි වැරැද්ද තේරුම්ගන්නත්, ඔවුන් ගන්නා වැරදි තීරණවල ප්‍රතිඵල හඳුනා ගන්නත් ඔවුන්ට උපකාර කරන්න. හොඳ ප්‍රතිඵල ලබාගැනීම සඳහා හරි තීරණ ගැනීමට දිරිගන්වන්න. සුදුසු ලෙස හැසිරීමට ඔවුන්ට උගන්වන්න. මේ සෑම ක්‍රියාවකින්ම ඔබ සැලකිල්ල දක්වන බව පෙන්වනවා.

තමන්ගේ ගැටලු තමන්ම විසඳාගැනීමට දරුවන් ඉගෙනගත යුතුයි යන පොදු මතයට අනුව දෙමාපියන් ක්‍රියා කළොත් සිදු වන්නේ ඔවුන්ගේ දරුවන් ප්‍රතිපත්ති ගරු නොකරන පුද්ගලයන්ගේ විනාශකාරී බලපෑමට හසුවීමයි. (හිතෝපදේශ 13:20) නමුත් බයිබලයේ උපදෙස් අදාළ කරගන්නාවූ දෙමාපියන් නම් තම දරුවන්ට යොවුන් විය සාර්ථකව පසු කර වගකීම් ඉසිලිය හැකි වැඩිහිටියන් වීමට හැකි සෑම උපකාරයක්ම දෙනු ලබනවා. මේ නිසා දෙමාපියන් “ළදරුවෙකු යා යුතු මාර්ගයේ [යෑමට ඔහුව] පුහුණු” කළ යුතුයි.—හිතෝපදේශ 22:6.

ප්‍රතිඵලදායක අදහස් හුවමාරුව සහ නහඹරයන්ව පුහුණු කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික උපදෙස් පවුලේ සන්තෝෂයට රහස පොතේ අඩංගුයි. * එමෙන්ම පවුලේ සෑම සාමාජිකයෙකුටම ශුද්ධ ලියවිලිමය උපදෙස්ද එහි ඉදිරිපත් කර තිබෙනවා.

[පාදසටහන]

^ 7 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.